ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවන්ට අදාළව පුද්ගලයන් 1082ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වී ඇත්තේ මහනුවර, මාතලේ සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.
ඔහු සඳහන් කළේ අද දිනයේදීත් මෙම සංචරණ නීති බලපැවැත්වෙන බවයි.
මෙම නීති උළ්ලංඝණය කිරීමේ චෝදනාවන්ට අදාළව පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 40674ක්.
මේ අතර කෙසෙල්වත්ත සහ මරදාන අවට ප්‍රදේශවල පොලිසිය සිදුකළ ඩ්‍රෝන මෙහෙයුමකින් සංචරණ නීති උල්ලංඝණය කිරීමට අදාළව පුද්ගලයන් 12 දෙනකෙු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා එම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 143ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.