Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
රිජ්වේ ආර්යා රෝහලේ ළමයින් 6 දෙනෙකු දැඩි සත්කාරයේ - ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූවන්ගේ තොරතුරු මෙන්න - රටම බය කළ කොරෝනා අලුත්ම විස්තරේ - Video

- රිජ්වේ ආර්යා රෝහලේ ළමයින් 6 දෙනෙකු දැඩි සත්කාරයේ - ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූවන්ගේ තොරතුරු මෙන්න - රටම බය කළ කොරෝනා අලුත්ම විස්තරේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
රාජිත සේනාරාත්න ඉන්දීය ප්‍රභේදය ගැන
කිව්ව කතාව මෙන්න...

පශ්චාත් කොවිඩ් තත්ත්වය හේතුවෙන් බහු ඉන්ද්‍රිය අකර්මන්‍යතාව හෙවත් මල්ටි සිස්ටම් ඉන්ෆ්ලෙමෙටරි සින්ඩ්‍රොම් රෝගයට ගොදුරු වූ ළමයින් හයදෙනෙකු මේ වනවිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ප්‍රධාන විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත සඳහන් කළේ.

කොළඹ, රාගම, කළුබෝවිල සහ වැලිමඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගීන් වාර්තා වී තිබෙනවා.

ඇස්, අක්මා, වකුගඩු ඇතුලු අවයව ගණනාවකට බලපෑ හැකි මෙම රෝගය මේ දක්වා මෙරටින් වාර්තාවී ඇත්තේ වයස අවුරුදු 8 ත් 15 ත් අතර දරුවන් අතර බවයි විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පෙන්වා දෙන්නේ.

මේ අතර දරුණු ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හමුවූ දෙමටගොඩ - ආරාමය පාර ප්‍රදේශයේ ඊයේ සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත 15 දෙනෙකු හමුවී තිබෙනවා.

කෙසේ වෙතත් එම නව ආසාදිතයන්ගේ ප්‍රභේදය ඉන්දීය ප්‍රභේදයදැයි තවමත් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මෙම ආසාදිතයන්ට පවතින්නේ ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදැයි පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කර තිබෙනවා. එමෙන්ම ආරාමය පාර ප්‍රදේශයේ හැටහයේ වත්ත සහ දෙසීය වත්තේ ජනතාවට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය දිවයිනට පැමිණියේ ඉන්දීය ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනයට ඉඩ සැළසීමෙන් බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කළා.

අද දිනයේ මේ දක්වා කාලය තුළ නව ආසාදිතයින් 1420 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

අද දිනයේ ආසාදිතයින් 2314 දෙනෙකු සුවය ලැබුවා.

පවතින කොරෝනා තත්වය සහ සෞඛ්‍ය සේවකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති 44 කගෙන් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වුණේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් වෛද්‍ය අසේල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එය, සෞඛ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිදුකළ ස්ථාන මාරුවක් බවයි.

මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ රැකවලෙකුට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සිංහයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ ඊයේ දිනයේදියි.

පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මිනිසාගෙන් වන සතුන්ට බෝවන කොරෝනා වෛරසය බළල් කුලයේ සත්වයින්ට බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

කොරෝනා ආසාදනය වීමේ අවදානම් සත්වයින් අතර, ප්‍රමුඛතාවයේ සිටින්නේ චිම්පන්සියා සහ ගෝරිල්ලායි.

මේ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ වඳුරු විශේෂයකට කොරෝනා ආසාදනය වී ඇත්දැයි සෙවීමට විශේෂ අවධානය යොමුවී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය ඩිලාන් ඒ. සතරසිංහ ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top