Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
19
“තාත්තා එදා උදේ කොරෝනා කිට් එක ඇඳලා මගේ ෆෝන් එකට ෆොටෝ එකක් එව්වා,!” - බිරිඳවත්, තුන් නිවුන් දරුවනුත් තනිකරදා, කොවිඩ් මෘත දේහයකට රැකවල් දුන් පොලිස් රියට බිලි වූ SIගේ හද කම්පා කරවන කතාව

- “තාත්තා එදා උදේ කොරෝනා කිට් එක ඇඳලා මගේ ෆෝන් එකට ෆොටෝ එකක් එව්වා,!” - බිරිඳවත්, තුන් නිවුන් දරුවනුත් තනිකරදා, කොවිඩ් මෘත දේහයකට රැකවල් දුන් පොලිස් රියට බිලි වූ SIගේ හද කම්පා කරවන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“එතකොටත් එයා උපන්දිනේට පහුවෙනිදා ගෙදර එනවා කේක් හදලා තියන්න කීවා.”

“සර් ඉස්සරහා සීට් එකට එන්න මම පස්සට යන්නම් කියලා”

පසුගිය වසරකට අධික කාලය තුළ වැඩියෙන්ම කා අතරත් කතාබහට ලක්වූ මාතෘකාව කොරෝනාය. කොරෝනා රෝගීන් හා කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන් පිළිබඳව ජනතාව දිනපතා විමසිලිමත් ය.

කොරෝනා වැලඳුණු රෝගීන්ගේ මරණ භූමිදානයද? ආදාහනයද? යන්නද කාලයක් තිස්සේ විවාදයට ලක්වූවකි.

කෙසේවෙතත් කොරෝනා වැලඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට රජයෙන් අවසරය ලබාදුන්නේ පසුගියදාය.

මෙලෙස කොරෝනා වැලඳීමෙන් මිය ගිය වයස අවුරුදු හැත්තෑවක පමණ කාන්තාවකගේ මෘත ශරීරයක් හැටන් සිට මඩකලපුව ඔට්ටමාවයි ප්‍රදේශයට රැගෙන යාමට පසුගිය පස්වැනිදා පොලිස් පෙරගමන් ආරක්ෂක රියක් යෙදවිණි.

එහි රාජකාරියේ යෙදී සිටියදී මඩවල පොලිස් වසමේ 29 සැතපුම් කණුව අසලදී සිදුවූ රිය අනතුරින් හැටන් පොලිසියේ සුළු හා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.බෙනට් කුමාරසිංහ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූවේය.

කෑගල්ල පිංදෙනිය පොලිස් වසමේ අරන්දර පදිංදිව සිටි ඔහුගේ අවසන් කටයුතු පසුගිය හත්වැනිදා (07) ගලිගමුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී පොලිස් උත්තමාචාර මැද සිදු විය.

තිදරු පියකු වූ බෙනට් කුමාරසිංහ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඩී. ශාන්තිලතා හැඩූ කඳුළින් මෙසේ පැවසුවාය.

“මහත්තයාගේ උපන් දිනය ජූනි හය වෙනිදා. එයා පසුගිය 31 ගෙදර ඇවිත් ආපසු ගියේ හය වෙනිදාට දරුවොත් එක්ක උපන් දිනය සමරන්න එනවා කියලා. එයා හැමදාම උදේටත් හවසටත් මට දුරකතනයෙන් කතාකරලා දරුවන් ගැන අහලා බලනවා. මම වැඩට ගියාද ආවාද කියලා අහනවා. මේ සිද්ධිය වූ දවසට කලින් දවසෙත් හවස මට කතා කරලා උදේ රාජකාරියකට නුවර යන්න තියෙනවා කියලා පාන්දර ඇහැරවන්න කීවා. උදේ පහ හමාරට විතර මම කතා කළා. එතකොටත් එයා උපන්දිනේට පහුවෙනිදා ගෙදර එනවා කේක් හදලා තියන්න කීවා. මම සුපුරුදු පරිදි වැඩට ගියා.

එයා පොලිසියට බැඳිලා දැන් අවුරුදු තිස් එකක්. එයා රාජකාරිය උතුම් විදියට සලකනවා. ඒ කාලය තුළ උතුරු නැගෙනහිර ක්‍රියාන්විතය ඇතුළු පොලිස් ස්ථාන කීපයකම වැඩ කළා. කවදාවත් මාරුවීම් හදාගන්න බලපෑමක් කරන්න ගියේ නැහැ. එදා උදේ නවයට විතර මට පොලිසියෙන් පණිවුඩයක් ආවා කියලා මගේ ඔෆීස් එකෙන් දැන්වූවා. මහත්තයා වටවලදී ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා කියලා තමයි මට දැන්වූවේ. මම එයා අයිසීයූ ඇති කියලා හිතුවත් රෝහලට ඇතුළත් කරන කොටත් එයා අපිව දාලා ගිහිල්ලා.

අපි විවාහ වුණේ 2000 අවුරුද්දේ. අපිට 2001 අවුරුද්දේදී තුන් නිවුන් දරුවන් ලැබුණා. දුවලා දෙන්නයි, පුතයි. දරුවන් තුන්දෙනෙක්ම ලැබුණාම එයා ගොඩාක් සන්තෝෂ වුණා. දරුවන් ලැබෙන්න මාස පහක් විතර තියෙද්දී මාව කෑගල්ල රෝහලෙන් පේරාදෙනියට මාරු කළා. දරුවන්ට ඉපදුණු වෙලාව අනුව නයන්නෙන් තමයි නම් තියන්න තිබුණේ. අපි තුන්දෙනාටම මුලට නියන්න එන්න නම් තිබ්බා. හැම වෙලාවෙම දරුවන්ගේ වැඩ කරගන්න එයත් උදවු වුණා. දරුවන් තුන්දෙනාම ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. පසුගිය මාසයේ ප්‍රතිඵල ආවාම තුන් දෙනාම විභාගයෙන් සමත් වුණා කියලත් මහත්තයා ගොඩාක් සතුටු වුණා.

මේ අවුරුද්දේ මාර්තු පහළොව ඉඳලා තමයි එයා හැටන් පොලිසියේ වැඩට ගියේ. එදා උදේ කතා කළාමත් මුස්ලිම් කාන්තාවකගේ මල සිරුරක් නුවරට ගෙනියනවා කීවා. කොරෝනා නිසා මිනිය ගෙනියන එකේ යන්නේ නැහැ වෙන වාහනයක යනවා කීවා. මේ දවස්වල වැස්ස නිසා පාරවල් ලිස්සනවා පරිස්සමින් ගිහින් එන්න කියලා මම කීවා. පසුගිය තිස් වෙනිදාත් ගෙදර ආවාම ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු සේරම එයා ගෙනාවා. දරුවන් තුන්දෙනාගේම උපන් දිනය එකම දවසේ නිසා එයාලගේ උපන් දිනය දවසට තුන් දෙනාගේම යාළුවන්ටත් එන්න කියලා සංග්‍රහ කරනවා. එයාට හොඳට උයන්නත් පුළුවන්.“

මියගිය බෙනට් කුමාරසිංහගේ බාල දියණිය වන නිරාශා රුවන්ති මෙසේ පැවසීය.

“තාත්තා එදා උදේ කොරෝනා කිට් එක ඇඳලා 6.52 ට මගේ ෆෝන් එකට පොටෝ එකක් එවලා තමයි වැඩට ගිහිල්ලා තියෙන්නේ. උදේ 7. 30 ට විතර තමයි තාත්තා ගිය වෑන් එක ඇක්සිඩන්ට් වුණේ. ගමන පිටත්වෙලා කිලෝමීටරයක් විතර දුර යනකොට ඉස්සරහ සීට් එකේ හිටපු පොලිස් අංකල් කෙනෙක් තාත්තාට කතා කරලා සර් ඉස්සරහා සීට් එකට එන්න මම පස්සට යන්නම් කියලා තාත්තාට ඉස්සරහා සීට් එක දීලා එයා පස්සට ගිහිල්ලා. තාත්තා ඉස්සරහා ඉඳගෙන කිලෝමීටරයක් විතර යනකොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.“

1989 වසරේ ජූනි 15 වැනිදා පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවාවට එක්වූ බෙනට් කුමාරසිංහ කෑගලු විද්‍යාලයේ ආදි ශිෂ්‍ය‍ෙයකි.

උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලැබ පාසලෙන් ඉවත්වූ සැණින් විදුලිය පිළිබඳ කාර්මික විද්‍යාලයෙන් පාඨමාලාවක් හදාරා ඇති ඔහු ටික කලක් කොළඹ පෞද්ගලික ආයතනයක විදුලි කාර්මිකයකු ලෙසද සේවය කර ඇත.

පොලිසියට බැඳීමෙන් අනතුරුව වරකාපොල, කෑගල්ල, මන්නාරම, සීතාවක, කොළඹ උතුර, මහනුවර, කන්තලේ, හෙම්මාතගම, පිංදෙනිය හා දැදිගම පොලිස් ස්ථානවල සේවය කළ ඔහු 1999 ජනවාරි 20 දින සැරයන්ත තනතුරටත් 2016 මැයි 31 දින උප පොලිස් පරීක්ෂක තනතුරටත් උසස්වීම් ලබා ඇත.

පොලිස් වීරතා පදක්කම, පූර්ණභූමි පදක්කම, පොලිස් විශිෂ්ට සේවා පදක්කම, පොලිස් දීර්ඝ සේවා පදක්කම, උතුරු මානුෂීය පදක්කම, රණ සේවා පදක්කම ඇතුළු පදක්කම් රැසක් දිනා සිටි බෙනට් කුමාරසිංහ පසුගිය පස්වැනිදා සිට පොලිස් පරීක්ෂකවරයකු ලෙස පත්කර ඇත.

බෙනට් කුමාරසිංහ දොළොස් දෙනකුගෙන් යුත් පවුලක බාලයාය. ඔහුගේ මව මේ වන විට අනූතුන් වෙනි හැවිරිදි වියේ පසුවෙයි. වයසින් දුබලව පසුවන ඇයට තම දරුවාගේ අකල් මරණය පිළිබඳ යමක් පැවසීමට තරම් හැකියාවක් නැත. ඔහුගේ වැඩිමහල් සොයුරු සොයුරියන් සමඟ පසුගිය මාර්තු විසි එක් වෙනිදා ඔවුන් තම මවගේ උපන් දිනය සමරමින් නිවස අසල පිහිටි විහාරස්ථානයට දානය පූජා කළහ.

එදින පවුලේ දොළොස් දෙනා තම මව සමඟින් ලබාගත් ඡායාරූපයක් බෙනට් කුමාරසිංහගේ නිවසේ දක්නට ඇත. එම ඡායාරූපය පෙන්වමින් අප හා කතාබහට එක්වූ ඔහුගේ සහෝදරියක මෙසේ කීවාය.

“අපේ පවුලේ සහෝදර සහෝදරියන් දොළොස් දෙනයි. තාත්තා අවුරුදු හැත්තෑ දෙකක් ඉඳලා 1993 අවුරුද්දේදී මිය ගියා. මල්ලී පවුලේ බාලයා. එයා දරුවන්ටත් නෝනාටත් හරිම ආදරෙයි. එක පාරම එයාලාට නිවුන් දරුවන් තුන්දෙනෙක් ලැබුණාම හදා ගන්න අපහසු නිසා අපි එක්කෙනෙක් ඉල්ලුවත් එයා දෙන්න බැහැ කීවා. දරුවන්ගේ වැඩ වලට එයාත් හැම වෙලාවෙම උදවු කළා. ගෙදර වැඩ ගැහැනු වැඩද? පිරිමි වැඩද කියලා බැලුවේ නැහැ. දරුවන් ලොකු වෙනකොට රස්සාවෙනුත් විශ්‍රාම අරගෙන නිදහසේ ඉන්න පුළුවන් කියලා තමයි එයා හැමදාම කීවේ. අම්මාගේ උපන් දිනය දවසේ දානයටත් මල්ලී ගොඩාක් මහන්සි වුණා. අපි පවුලේ දොළොස් දෙනාම තාම ඉන්නවා කියලා එයා ගොඩාක් සතුටු වුණා. මල්ලීට මේවගේ කරදරයක් වුණා කීවාම අපිට හිත හදාගන්න හරිම අමාරුයි.“

ඔස්වල්ඩ් ගොඩකුඹුර රඹුක්කන විශේෂ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top