“ඇත්ත තමයි..!!
මෙයාලගෙන් ගොඩක් කරදරයි කියන කතාව...”
"මීයා" කියන සතා ගැන අපි ගොඩක් කතන්දර අහලා තියෙනවා. කොහොම වුණත් ඒ හැම කතාවකම "මීයා" තමයි දුෂ්ඨයා.. කතන්දර පොත්-වලට "දුෂ්ඨයා" වුණත් මීයා කියන්නේ අහිංසක සතෙක්...
මේ මීයෝ ගැන අපිට මුහුණු පොතෙන් හමුවුණු සංවේදී ඡායාරූප කතාවක්...
ඇත්තටම මෙයාලගෙන් කරදරයි තමා ගොඩක්, හැබැයි කවදාවත් වස තියන්න එපා මී කතුරු තියන්න එපා, මේ අද උදේ අපේ ගෙදර කූඩෙට අහුවුන මීයෙක්, අහු වෙලා පැයක් වගේ එයාට කූඩුවේ ඉන්න වුනා එයාව කැලේට ගිහින් දානකම් ඒ පැය ඇතුලත බලන්න එයා පැටවු හතරකට උපත දුන්නා...
එයා අම්මා කෙනෙක්, දැන් ඉතින් එයා ගෙදරම ආරක්ෂිත තැනක තිබ්බා පැටවු ලොකු වෙලා අරන් යනකම් කන්න බොන්න දීලා තියනවා.