කොරෝනා වසංගතය හේතුවෙන් රට මෙන්ම රටේ මහජනතාවද දැඩි අපහසුතාවට පත්ව සිටිති. කොරෝනා රෝගය රට පුරා ව්‍යාප්තවීමත් සමඟ රට පුරා ක්‍රියාත්මක වන සංචරණ නීති, නිරෝධායන නීති රීති නිසා බොහෝ පිරිස් සිය ව්‍යාපාරික ස්ථාන හා නිවෙස්වලට වී කල්ගත කරති.
මේ වසංගතය නිසා අත්‍යවශ්‍ය සේවා ස්ථාන හැරෙන්නට සියලු කඩසාප්පු හා වෙළෙඳ ආයතන වසා දමා ඇත. බොහෝදෙනාට සිය රැකියාවන්ද අහිමි වී ගොසිනි. එදිනෙදා ජීවත්වීම සඳහා කිසියම් සුළු රැකියාවක නිරත වූ බොහෝ පිරිස්ද අද සිටින්නේ දැඩි අසරණතාවකිනි. එදිනෙදා සොයාගන්නා ආදායමෙන් සිය දරු පවුල නඩත්තු කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආදායමක් සොයාගත නොහැකිව සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නේ පවතින කොරෝනා වසංගතයත් ඒ සඳහා සංචරණ සීමා පැනවීමත් හේතුවෙනි.
රටේ පවත්නා සංචරණ සීමා නිසා නිවෙස්වලට වී සිටින ඇතැම් පිරිස් මේ නිසාම අන්තර්ජාලයට යොමු වී ඇති බව දැකිය හැකි සුලබ දසුනකි. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වෛද්‍ය සේවාවන්, වෙළෙඳ භාණ්ඩ ඇතුළු නානාවිධ දෑ අන්තර්ජාලයේ පළවන දැන්වීම් මාර්ගයෙන් මෙම පිරිස් වෙත විකිණීමට නිවෙසට ගෙනැවිත් දීමටද සමහර ව්‍යාපාරික ප්‍රජාව හුරු පුරුදු වී සිටිති. ඉදිරියේදී මත්පැන් පවා මේ ආකාරයෙන් ලබාගත හැකි බව කියැවේ.
ඉකුත් දිනක අන්තර්ජාලය ඔස්සේ පළවන එක්තරා වෙබ් අඩවියක බොහෝ පිරිසකගේ අවධානය යොමුවන දැන්වීමක් පළකර තිබිණි. එම දැන්වීමේ සඳහන් වූයේ වයස අවුරුදු පහළොවක දැරියක් ලිංගික ක්‍රියා සඳහා ලබාදීමට කැමැත්තෙන් සිටින බවකි. එමෙන්ම ඇගේ නිරුවත් පින්තූර දැකබලා ගැනීමට හැකියාව අවශ්‍ය නම් අවශ්‍ය අයට ඒ සඳහාද ලබාදිය හැකි බව කියමින් මෙම දැන්වීම පළකර තිබුණේ ඉල්ලුම් කළ හැකි ජංගම දුරකථන අංකයක්ද සඳහන් කරමිනි.
මෙම දැන්වීම අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීමත් සමඟ අවුරුදු 15ක් වයසැති දැරියගේ පහස ලබාගැනීමට කැමැත්ත දැක්වූ බොහෝ පිරිස් අදාළ ජංගම දුරකථන අංකය අමතා පහළොස් අවුරුදු දැරිය ලබාගැනීමට යුහුසුලුව ක්‍රියා කරන ලදී. දැරියගේ නිරුවත් පින්තූර දැකබලා ගැනීම සඳහා විනාඩි විස්සකට එක් පුද්ගලයකුගෙන් රුපියල් දසදහස බැගින් අයකර තිබිණි. ඒ අතර දැරිය අවශ්‍ය අයට ඇය විකිණීමට දැරිය රැකබලාගත් පුද්ගලයා කටයුතු කර ඇති අතර ඒ සඳහා ඔවුන් නවාතැන් ගෙන සිටින සිවුමහල් ගොඩනැඟිල්ලේ වෙන්කර තිබූ කාමරයක් හෝ අවශ්‍ය නම් වැඩි මුදලකට දරුවා ගෙනගොස් ගැනුම්කරුට ලබාදීමටද දරුවා රැකබලාගත් අය කටයුතු කරන ලදී.
දින, සති, මාස ගණන් පහළොස් හැවිරිදි දැරිය මෙලෙස නානාවිධ පුද්ගලයන් විසින් අපයෝජනයට ලක්කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ සියලු බිස්නස් කටයුතු කෙරීගෙන යන බැවින් අදාළ සිවුමහල් ගොඩනැඟිල්ලේ කිසිවකුටත් මේ ගැන සැක සංකා මතු නොවිණි.
මේ අතරතුර ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාටද මේ සම්බන්ධයෙන් තොරතුරක් ලැබිණි.
“සර් මූ මීට ඉස්සෙල්ලත් ඔය බිස්නස් එකම තමයි කරලා තියෙන්නේ. අවුරුදු පහළොවක කෙල්ලෙක් සර්. මූ ඒකිව කාමරයේ තියාගෙන සල්ලිවලට විකුණනවා. ඒව යෙන් හම්බවෙන සල්ලිවලින් කුඩු ගහනවා.”
ලැබුණු තොරතුර ඉවතට නොදැමූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහා සිය ප්‍රධානියා වූ ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා දැනුවත් කොට ඔහුගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් අදාළ ගොඩනැඟිල්ල වෙත යවන්නට පියවර ගන්නා ලදී. ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් සැදුම් ලත් මෙම කණ්ඩායමට කාන්තා කාර්යාංශයේ පොලිස් කාන්තාවක්ද ඇතුළත් කර තිබේ.
ඉකුත් හත්වැනිදා රාත්‍රියේ හෝටලයක් ලෙසින් පවත්වාගෙන ගිය මෙම තට්ටු හතරේ ගොඩනැඟිල්ලට ඇතුළු වූ පොලිස් කණ්ඩායම එහි එක තට්ටුවක කාමර කිහිපයක් සහිතව එපාර්ට්මන්ට් එකක් වටලන්නට වූ අතර එහි තිබූ එක් කාමරයක් වසා තිබූ අතර එය විවර කරගැනීමත් සමඟ එහි තුළ තනිවම සිටි 15 හැවිරිදි දැරිය පොලිසියට කොටුවිණි.
දැරිය පොලිස් භාරයට ගැනීමට පෙර දැරිය විකිණීමේ යෙදුණු රජීව් නමැති පුද්ගලයා පොලිස් කණ්ඩායම ඔවුන්ගේ භාරයට ගත් අතර ඔහු පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී දැරිය ලිංගික ක්‍රියාවන් සඳහා යොමු කරන බවක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. පොලිස් නිලධාරීන් ඉදිරියේ දැරියට ‘දුවේ එන්න’ වැනි වචනවලින් පියකු දියණියකට දක්වන සෙනෙහසක් මෙන් දැරිය ආමන්ත්රණයට කිරීමට ජාවාරම්කරු කටයුතු කළද පොලිසිය ඊට නොරැවටිණි. දැරිය සල්ලාලයන්ට විකිණීමේ යෙදෙන පුද්ගලයා ඔහු බව වටහා ගත් නිලධාරීන් ඔහු අත්අඩංගුට ගත් අතර දැරියද සිය භාරයට ගන්නා ලදී.
ඉන් අනතුරුව තවදුරටත් එපාර්ට්මන්ට් එකේ සෙසු කාමරද පිරික්සන්නට වූ අතර එහි එක කාමරයක සිටි කුඩා වයස්වල පිරිමි දරුවෝ තිදෙනකුද සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. පසුව මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම දරුවන්ගේ වතගොතද හෙළි විය.
“අපි ඒ දැරියත් අපේ භාරයට අරගෙන අනික් කාමර සෝදිසි කරද්දී තවත් කාමරයක පිරිමි ළමයි තුන්දෙනෙක් හිටියා. එක් ළමයෙක්ගෙ වයස අවුරුදු 13යි. අනෙක් ළමයා අවුරුදු 11යි. තවත් ළමයෙක් හිටිය 9යි. මේ සේරම පිරිමි ළමයි. අතවරයට පත්වුණු දැරියගේ වයස අවුරුදු පහළොවයි මාස 9යි.
අපි ඔය ජාවාරම් කරන මනුස්සයාගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වුණේ මේ ළමයි තුන්දෙනාගෙන් දෙන්නෙක් ඔය ජාවාරම්කාරයාගේ දරුවන් කියලා. ඒ දරුවෝ දෙන්නත් කසාද දෙකක. මෙයාගේ මුල් ගෑනියකුගේ එක් ළමයෙක්. ඒ ගෑනු කෙනා මෙයාව අතහැරලා ගිහින්. පස්සේ තවත් ගෑනියෙක් බැඳලා. එයාගේ අනිත් ළමයා මේ ගෑනු කෙනාගේ. ඒ ගෑනිත් මෙයාව දාලා ඩුබායිවල ඉන්නේ. මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නේ. අනෙක් පිරිමි ළමයා අතවරයට පත්වුණු දැරියගේ මල්ලි. පස්සේ අපේ පොලිස් කණ්ඩායම මේ කට්ටියම පොලිසියට ගෙනවා. ඒ අයගෙන් අපි ප්‍රශ්න කරද්දී තමයි තව තවත් කරුණු කාරණා හෙළිවුණේ.”
ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා මහත්මිය විමර්ශන ඇරඹූ ආකාරය එසේ සඳහන් කළෝය.
ඉන් අනතුරුව පොලිසියට ගෙනගිය පිරිසගෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරන්නට වූ අතර එහිදී මෙම බාලවයස්කාර දැරිය පමණක් නොව ඇගේ තිස් එක්හැවිරිදි මවද ජාවාරම්කරු විසින් ගණිකා වෘත්තියට යොදා ලක්ෂ ගණනින් මුදල් උපයා ගෙන ඇති බව අනාවරණය විණි.
පොලිසිය පවසන අන්දමට පොලිස් භාරයට ගත් දැරිය හා ඇගේ සොහොයුරා සිය මව හා පියා සමඟ ජීවත්ව ඇත්තේ ගම්පහ, කඳුබෙඵාඩ ප්‍රදේශයේ නිවෙසකය. දරුවන්ගේ පියා ත්‍රිරෝද රියක් කුලී පදනම මත පැදවූ අතර ඉන් උපයාගන්නා මුදල් පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීය. කඳුබොඩ සිට බියගම ප්‍රදේශයට මොවුන් පදිංචියට පැමිණ ඇත්තේ ඉන් පසුවය. සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව ඇය දැන ඇත්තේ එවිටය. මේ නිසා ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළුණු ඇයට කරකියා ගත දෙයක් නොවූ අතර සැමියාගෙන් සිදුවන හිරිහැර හා කරදර මැද දරු දෙදෙනෙක් නඩත්තු කිරීම ඉතාමත් අසීරු වූ බැවින් මැයගේ මව වූ කමලා එම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගොස් ඇත. ඇයට රජීව් නමැත්තා හමුවන්නේ ඔය අතරය.
රජීව් ඒ වනවිටත් ගැහැනුන් විකිණීමේ ජාවාරමේ යෙදී සිටි තැනැත්තකු වූ අතර කලක් යද්දී ඔහු දැරියගේ මව සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් අඹු සැමියන් සේ හැසිරෙන්නට විය. ඒ වනවිටත් රජීව් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියද ඇය ඒ වගක් දැන නොසිටියාය.
සැමියාගෙන් විඳින දුක් ගැහැටවලින් මිදී අලුතෙන් හමුවූ අනියම් සැමියාගේ පහසට මුළා වූ ඇය අවසානයේ ඔහුගේ හොර අඹුවද වූවාය. ඒ වනවිට රජීව් විවාහව සිටි කාන්තාවද ඔහු අතහැර ගොස් සිටි බැවින් තම දරුවන් බලාගෙන එකට පවුල් කමු යැයි රජීව් ඇයට යෝජනාවක්ද ගෙනාවේය.
ඔයාගේ ළමයි දෙන්නත් එක්කරගෙන එන්න. අපි ගෙයක් අරගෙන එකට ජීවත්වෙමු. රජීව්ගේ වහසි බස්වලට රැවටුණු ඇය සිය සැමියාද අතහැර දමා රජීව් සොයා කොළඹට ආවාය. අවසානයේ මොරටුව ලක්ෂපතියේ නිවාසයක් කුලියට ගත් රජීව් එහි දැරියගේ මව වන කමලා හා දරු දෙදෙනාත් සමඟ ජීවත්වූහ.
ටිකෙන් ටික කල්ගත වෙද්දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි රජීව්ට මත්ද්‍රව්‍ය සඳහා මුදල් අවශ්‍ය විය. මේ සඳහා ඔහු ක්‍රමයක් සෙව්වේය. මීට හොඳම දේ කමලා විකිණීම බව ඔහුට වැටහිණි. ඒ වනවිට ඇයට වයස අවුරුදු විසිහයක් වූ අතර දැරිගේද වයස අවුරුදු ෙදාළහක් පමණ වූවාය. රජීව්ගේ ඉල්ලීමට කමලා එකඟ නොවූවාය. එහෙත් රජීව්ගේ ගෙරවිලි හා ඇනුම් බැනුම් මැද කමලාට සිදුවූයේ රජීව් විසින් ගෙනෙන මිනිසුන් සමඟ අඹු සැමියන්සේ හැසිරී රජීව්ට ලැබෙන මුදලම දීම පමණකි.
අකැමැත්තෙන් හෝ එතැන් පටන් ඇයව මිනිසුන්ට අලෙවි කළ රජීව් ඇගේ සිරුර පිටස්තරයන්ට විකුණා ලැබෙන මුදලින් මත්කුඩු පානය කළේය. ගෙවල් කුලී ගෙව්වේය. ලයිට්, වතුර බිල් පියෙව්වේය. දරුවන් හතරදෙනාටම හොඳට කන්න බොන්න දුන්නේය.
කමලා විකිණීමෙන් මීට වඩා මුදලක් සොයාගත හැකි බවදත් රජීව් ඊළඟට කළේ ලක්ෂපතියේ නිවෙස අතහැර ගල්කිස්සේ සිවුමහල් ගොඩනැඟිල්ලට පැමිණීමය. මාසයකට රුපියල් අසූදාහක් ගෙවීමේ පොරොන්දුව මත එම ගොඩනැඟිල්ලේ එක්මහලක ඇති එපාර්ට්මන්ට් එකක මොහු දරුවන් හා කමලා සමඟ නතර විය.
එතැන් පටන් කමලාට සිදුවූයේ ඇය සොයා එන සලෙලුන් පිනවීමය. ඉන් ලැබෙන කිසිදු මුදලක් ඇයට ගන්නට රජීව් ඉඩ දුන්නේ නැත.
දිනකට රුපියල් ලක්ෂ ගණනට ඇය අලෙවි වූවාය. පැයකට දසදහසට, විසිදහසට නොයෙකුත් පුද්ගලයන් ඇය සමඟ රිසිසේ හැසිරුණා. කල්යෑමේදී ඇයට මේ ජීවිතය තිත්ත වුවත් දරුවන් සමඟ කෙසේ හෝ යන්නට ඇයට තැනක් නැතිවීම මහත් ප්‍රශ්නයක් විය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස්ගත ව්‍යාපාරිකයෙක් ඇගේ පහස ලබාගන්නට පැමිණියේ ඔය අතරය. මුදල් ගෙවා ඔහු කමලාගෙන් ලිංගික ආශාවන් සපුරා ගත්තේය. ඒ සමඟ ඇගේ ජීවිත කතාවද ඔහු ඇගෙන් දැනගත්තේය. ඉන්පසු ඔහුට කමලා ගැන ඇතිවූයේ දැඩි අනුකම්පාවකි. ඊට දින කිහිපයකට පසුද ඔහු ඇය සොයා පැමිණි අතර පසුව ඔවුන්ගේ බැඳීම අනියම් ඇසුරක් බවට පත්විය. කමලාටත් රජීව් සමඟ ගත කරන ජීවිතය ඒ වනවිට එපා වී තිබූ අතර ඇයද අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයා සමඟ පලායන්නට කැමැත්තෙන් සිටියාය.
“මොනවා වුණත් මෙයා මට යන්න දෙන එකක් නැහැ. මම ගියොත් එයාට පාඩුයිනේ. කුඩු ගහන්න, කන්න බොන්න සල්ලි කොහෙන්ද?”
“ඒක මට වැඩක් නැහැ. ඔයාව මට ඕන. මම ඔයාව කීයක් හරි දීලා අරගෙන යනවා. අපි එකට ජීවත් වෙමු.”
මීට කමලාද කැමැති වූවාය. අවසානයේ මේ බව කමලා රජීව්ට කීවාය. ඒත් රජීව් ඊට කැමැත්ත දැක්වූයේ නැත. ඒ ඇගේ යෑමෙන් ආදායම් මාර්ග අහිමි වන නිසාය. පසුව ඇගේ අනියම් පෙම්වතා වූ ව්‍යාපාරිකයාද රජීව්ට මේ සම්බන්ධයෙන් පෙරැත්ත කළේය.
“ඔයාට කීයක්ද ඕන. මම ඒක ගෙවන්නම්. මම මෙයාව ඉල්ලන්නේ මගෙත් එක්ක ජීවත් වෙන්න”
“හරි එහෙනම් මට ලක්ෂ 21ක් ඕන”
අවසානයේ ගනුදෙනුව ලක්ෂ 18ට තීන්දු විය. මුලින් ලක්ෂ අටක් ව්‍යාපාරිකයා රජීව්ට ගෙවීය. ලක්ෂ අට ගෙවා කමලා සමඟ අවිස්සාවේල්ලට ගිය ව්‍යාපාරිකයා එතැන් පටන් ඇය සමඟ පවුල් කෑවේය. ඒ අතරතුර ඉතිරි මුදලද රජීව්ට දෙන්නටද ඔහු පසුබට නොවීය.
ලැබුණු ලක්ෂ ගණන රජීව් අතදිගහැර වියදම් කළේය. හෙරොයින් මෙන්ම අයිස් මත්ද්‍රව්‍යයද පානය කළේය. කුලී පදනම මත මෝටර් රියක්ද ගත්තේය. සුපිරි ජීවිතයක් ගතකරමින් ලැබුණු මුදල ඔහු අතදිගහැර වියදම් කළේය.
ටිකෙන් ටික ලැබුණු ලක්ෂ ගණනක මුදල අවසන් වූ පසු ඔහුට යළි මුදල් අවශ්‍යතාව ඇති විය. ඒ මත්කුඩු පානයටත් ඔහුට හා දරුවන් සිවුදෙනාගේ කෑම්බීම්වලටත්ය.
අවිස්සාවේල්ලට ගිය කමලාද නිතර නිතර රජීව්ට කතා කරමින් දරුවන්ගේ වියදමට සල්ලි එවන්නටද අමතක නොකළාය.
අවසානයේ ඔහුට තදබල ලෙස මුදල් හිඟකම දැනිණි. මත්කුඩුවලට මුදල් නොමැති තැන ඔහුට තවත් ක්‍රමයක් කල්පනාවට ආවේය. ඒ වනවිට වයස අවුරුදු පහළොවක සිටි කමලාගේ දියණිය විකිණීමෙන් කමලාට වඩා වැඩි මුදලක් උපයාගත හැකි බව ඔහුට වැටහුණේය. ඒ ඇය ළාබාල යුවතියක් වීම නිසාය.
ඒ වනවිට ඇය රජීව් අතින්ද අතවරයට ලක්ව සිටි බවට විමර්ශනවලදී තොරතුරු ලැබී ඇත. ඒ මොවුන් කලින් පදිංචිව සිටි මොරටුව ලක්ෂපති නිවෙසේදී බව අනාවරණය වේ.
දැරිය සලෙලුන්ට විකිණීම හොඳම උපක්‍රමය බව දත් ඔහු ගල්කිස්සේ එපාර්ට්මන්ට් එක ලබාගත්තේ ඒ සඳහාය.
“දැන් උඹේ අම්මා ගියා. එයා ආයෙත් එන්නේ නැහැ. මෙතැනින් එහාට උඹ මට උදවු කරපන්”
වරක් නොව කිහිප වතාවක්ම රජීව් මේ බව දැරියට කීවේය. ඒ වනවිට දැරිය අතවරයට ලක්ව සිටීම නිසා ඊට බිය වන්නට දෙයක් නැති බවද රජීව් ඇයට කීවේය. එතැන් පටන් දැරිය සලෙලුන්ට විකිණීම ඇරඹීය. ඒ රජීව්ට කමලා සොයාගැනීමටද නොහැකි වීමද ඊට එක් හේතුවක් විය.
මේ දැරියගේ අම්මා ලක්ෂ 18කට අවිස්සාවේල්ලට විකුණුවට පස්සේ තමයි ඔය දැරියවත් මෙයා ගණිකාවක් බවට පත්කරන්නේ. අනෙක මෙයාට සල්ලිත් නැහැ. කුඩු ගහන්න සල්ලිත් නැහැ. ගෙවල් කුලී දෙන්නත් ඕන. ළමයි 4 දෙනාට කන්න දෙන්නත් ඕන. අම්මත් නැහැ. ඉන්පස්සේ තමයි මේ කෙල්ලව දාලා හම්බ කරගන්නේ. මුලින්ම මේ ළමයාව විකුණනවා එක බිස්නස්කාරයෙක්ට ලක්ෂ එකහමාරකට. ඔහොම දිගටම විකුණලා දවසට මේ මනුස්සයා ලක්ෂ ගණන් හම්බ කරලා කුඩුවලටයි, ගෙවල් කුලියයි, කන්නයි බොන්නයි වියදම් කරන්නේ. අපි මෙයාලාගෙන් ප්‍රශ්න කරලා ඔය කරුණු කාරණා අනාවරණය කරගත්තා.
පස්සේ අපි මේ ළමයාගේ අම්මා ගෙනත් ප්‍රශ්න කළා. එයා අවිස්සාවේල්ලේ ඉඳන් ආවා. අම්මාගෙන් ප්‍රශ්න කරද්දී තමයි අනිත් දේවල් හෙළි වුණේ.
ඔය අම්මා අපිට කිව්වා මේ මනුස්සයා තමයි මාව එක එක මිනිසුන්ට විකුණුවේ කියලා. හිසේ කෙස් ගාණට මම මිනිස්සුත් එක්ක ගිහින් තියෙනවා. ඒවායෙන් හම්බ කර ගත්ත හැම සතයක්ම මෙයා ගන්නවා. මෙයාටම තමයි හම්බ කරලා දුන්නේ.
කමලා පොලිසිය ඉදිරියේ කීවාය. ඇය එහිදී තවදුරටත් නිලධාරිනියන් හමුවේ කියා සිටියේ තමා ඒ වනවිටත් දෙමස් ගැබිනියක් බවය. එහිදී නිලධාරිනියක් ඇගෙන් විමසුවේ දරුවාගේ පියා කවුද යන්නය. එවිට ඇය කියාසිටියේ තමා සමඟ අවිස්සාවේල්ලේ ජීවත්වන පුද්ගලයා බවත් දරුවකු ලැබෙන්නට සිටියද ඔහු හා තමා තවමත් විවාහ වී නැති බවය.
පසුව ගල්කිස්ස ජේයෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාරගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ඇරැඹි අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය සැකකාර රජීව්ගේ වතගොතද සොයා ගැනීමට උත්සුක වූවාය.
“මේ සැකකරු මීට කලිනුත් මේ බිස්නස් එක කරලා තියෙන්නේ. මෙයාගේ ක්‍රමය තමයි බාල වයස්කාර දැරියන් ඔය විධියටම ගණිකා වෘත්තියට යෙදවීම.” ස්ථානාධිපතිනිය වැඩිදුරටත් කීවාය. පසුව සැකකරු මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස පොලිසිය කටයුතු කරන ලද අතර අධිකරණ නියෝග මත සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. ළාබාල දැරිය ඇගේ මවට භාරදුන් අතර දැරියට සිදුවූ ලිංගික අතවර පිළිබඳ වාර්තා ලබාගැනීම සඳහා ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඒ දැරියගේ මවගේ භාරකාරත්වය මතය.
කෙසේ වෙතත් විමර්ශන එතැනින් නතර නොවීය. ළමා හා කාන්තා කාර්යාංශය ඊළඟට විමර්ශනය කළේ ළාබාල දැරිය සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමය. ඒ සඳහා නිලධාරීන් දැරියගෙන්ද ප්‍රශ්න කෙරිණ. ඒත් ඇය එකවර එම පුද්ගලයන් කවුදැයි කීමට අකැමැති වූවාය. ඇගේ ප්‍රකාශ මත මේ වනවිට ළාබාල දැරිය අපයෝජන කළ පුද්ගලයන් 15 දෙනෙක් හඳුනා ගැනීමට හැකිවිය. ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
ඒ අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් දැරිය විකිණීමට හා මුදල් උපයා ගැනීමට යොදාගත් ජංගම දුරකථන සිම් පත් තුනක් සොයාගෙන ඇත. මේ සිම් පිළිබඳ විමර්ශනයක් මේ වනවිට ඇරැඹී ඇති අතර එහිදී අනාවරණය වූයේ සැකකරු විසින් කුලී පදනම මත ලබාගත් මොටෝරියේ දැරිය විවිධ පුද්ගලයන් වෙත රැගෙන ගොස් ලබාදී ඇති බවය. ඊට උපයෝගි කරගත් මොටෝරියද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර ගල්කිස්ස පොලිසියේ එදිනෙදා රාජකාරි අතර මේ පිළිබඳ විමර්ශනය කිරීම මඳක් අපහසු වී ඇත්තේ ඒ වනවිට රාජකාරි කිරීමේ යෙදෙන නිලධාරීන්ගේ දැඩි හිඟතාව හේතුකොට ගෙනය. නිලධාරීන් පිරිසක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති අතර සමහර නිලධාරීන් නිරෝධායනයට ලක්ව තිබේ. ඒ අනුව ඉහළ නිලධාරීන්, ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා කරන ලද දැනුම් දීමෙන් පසු මේ පිළිබඳ විමර්ශන කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට භාර කෙරිණි.
ඒ අනුව දීර්ඝ ලෙස කරන ලද විමර්ශනයේදී ළාබාල දැරිය මොටෝරියෙන් රැගෙන ගොස් විවිධ පුද්ගලයන්ට ලබාදුන් විසිහත් හැවිරිදි කාන්තාවක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඇගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මාස 4ක කාලයක් තිස්සේ ඇය විවිධ පුද්ගලයන්ට දිනපතා අලෙවි වූ බවය. සැකකාර කාන්තාව ජඹුරලිය මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියක වූවාය. පසුව ඇගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නිලධාරීන් කටයුතු කළ අතර ඇය මෙම ගණිකා ජාවාරම ගැනත් ළාබාල දැරිය අලෙවි කළ පුද්ගලයන් ගැනත් වැදගත් තොරතුරු රැසක් හෙළි කළාය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල පිරිසක් අත්අඩංගුවට ගන්න තියෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙක් කීවේය.
සැකකාරිය කොළඹ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අප රටේ නීතියට අනුව අවුරුදු 16ට අඩු දරුවකුට සිය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යම් ලිංගික ක්‍රියාවක් සිදුකරන තැනැත්තකු එවන් වරදකට වරදකරු වන අතර එවැනි ක්‍රියා සඳහා ආධාර අනුබල දෙන, රැගෙන යන, රැගෙන ගොස් විවිධ අයට ලබාදෙන තැනැත්තන් පවා කුට්ටනය කිරීමේ වරදකරු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සඳහන් කළේය. බාල වයස්කාර දැරියන් අපයෝජනයට ලක්කිරීම ඒ අනුව බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්ප කුමාර මහතාගේ උපදෙසින් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන සිදුකළ අතර වැඩිදුර විමර්ශන කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගේ මෙහෙයවීමෙන් සිදුවනු ඇත.
(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සැකසුණු අතර කමලා යනු මනංකල්පිත නමකි.)
කීර්ති මෙන්ඩිස්