කොරෝනා වසංගතය සමග පනවා ඇති සංචරණ සීමා සහ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය සමග ඇතිවූ ආපදා වලින් පීඩාවට පත් ජනතාවට සහෝදරත්වයේ දෑත් දිගුකරමින් දියත් කෙරෙන රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව අද ක්‍රියාත්මක වුණේ කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.
රට තුල ඇතිවූ විවිධ ආපදා තත්වයන් වලදී කවදත් සුවහසක් ජනතාව වෙනුවෙන් පෙරට පැමිණෙන හිරු මෙවර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කලේ කොරෝනා වසංගතය සහ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් අපේම ජනතාවට සහන ලබා දීම අරමුණු කර ගනිමින්.
ඒ අනුව එම ජනතාවට මෙන්ම ආගමික ස්ථාන, වැඩිහිටි සුරැකුම් නිවාස, ළමා සුරැකුම් මධ්‍යස්ථාන වලට අවශ්‍ය වියලි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ සිදු කෙරෙනවා.