ඉන්දීය ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිප දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට අමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත්තේ.
අද පෙරවරුවේ පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටලුව පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
එහිදී තීරණය වී ඇත්තේ එම ප්‍රදේශ හුදෙකලා කර සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටයි.
එමෙන්ම ආසාදිතයන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් පිළිබඳ හඹාගොස් පරීක්ෂණ කිරීමට සහ ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙක් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.
මෙම පරීක්ෂණවලට අවශ්‍ය සියලුම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.