Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
“....ඒක දැක්කහම මට ඇඬුණා. ඇය රත්තරන් හදවතක් තියන කෙනෙක්. ඇය හැමෝම එක්ක හොඳින් හිටිය කෙනෙක් !!” - පිළිකාවක් නිසා සැමියාත් අතැර ගිය පසු ජීවිතය දිගේ අමාරුවෙන් ඇවිද ගිය ඇගේ කතාවයි මේ..

- “....ඒක දැක්කහම මට ඇඬුණා. ඇය රත්තරන් හදවතක් තියන කෙනෙක්. ඇය හැමෝම එක්ක හොඳින් හිටිය කෙනෙක් !!” - පිළිකාවක් නිසා සැමියාත් අතැර ගිය පසු ජීවිතය දිගේ අමාරුවෙන් ඇවිද ගිය ඇගේ කතාවයි මේ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,651 Views
“ඇයට හමු වූ සෑම කෙනෙකුගේම
ජිවිතයට ඇය බලපෑමක් ඇති කළා....”

“ඇය වෙනස්ම කෙනෙක්, ඇය හොඳ පුද්ගලයෙක්. හොඳ ආත්මයක්...!”

"මට ජීවත් වෙන්න තියන අවස්ථාව සියයට දෙකක් උනත් මට පෙන්වන්න ඕනී හැමෝටම ජිවිතේ සියයට දෙකකින් උනත් අපිට කොච්චර ලොකු දෙයක් ඒකෙන් කරන්න පුලුවන් ද කියලා "
- ජේන් ( Nightbirde )

සීයට දෙකක් කියන්නේ සීයට බින්දුවක් නෙමෙයි..

සැන්ස්විල් හි හැදී වැඩුණු නයිට්බර්ඩ් නමින් හැඳින්වෙන ගායිකාවක් වන ජේන්, ඇය පසුගිය දිනයක America’s Got Talent ඉතාම ප්‍රභල ගිතයක් ගයමින් හැමෝගෙම හදවත් දිනා ගත්තා.

America’s Got Talent තරඟයේ විනිසුරුවන්ගේ මෙන්ම රට පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ හිත් උදුරාගැනීමට මැය සමත් උනා. පිළිකාවත් සමඟ දීර්ඝ සටනක යෙදී සිටින 30 හැවිරිදි ජේන්, America’s Got Talent විනිසුරු සයිමන්ගෙන් ගොල්ඩ්න් බසර් එක දිනා ගත්තේ ඇයව කෙලින්ම තරඟයේ සජීවී ප්‍රසංගයට ඉදිරිපත් කරමිනි.

ඒ පිළිකාවත් සමඟ ඇගේ දුෂ්කර සටන ගැනත්, ජිවිතේ නරකම අමාරුම කාලවලදී ධනාත්මකව හා බලාපොරොත්තුවෙන් සිටීමට ඇය ගත් අධිෂ්ඨානය ගැන ඇය විසින් ලියූ "It’s Okay" නම් ගීතයෙනි.

"මගේ පෙනහළු, කොඳු ඇට පෙළ සහ අක්මාවේ පිලිකාව පැතිරිලා තියන්නෙ මට ජිවත් වෙන්න 2% ක අවස්ථාවක් විතරයි තියන්නෙ " ජේන් පැවසුවාය.

එමෙන්ම ඇය. කියා සිටියේ "සතුටින් සිටීමට තීරණය කිරීම සඳහා ජීවිතය දුෂ්කර නොවන තෙක් ඔබට බලා සිටිය නොහැකි" බවත්, "මට ජීවත් වෙන්න සීයයට දෙකක (2%) අවස්ථාවක් තියෙනවා සීයයට දෙකක් (2%). කියන්නෙ සියයට බින්දුවක් නෙමේ සියයට දෙකකින් උනත් දෙයක් කරන්න පුලුවන් ඒ සීයයට දෙකත් (2%) කෙතරම් ප්‍රභලද කියලා හැම කෙනෙක්ටම අවබෝද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා".

ඒ අවස්ථාවේ පීඩනයත් එක්ක විශාල සජිවී ප්‍රේක්ෂක පිරිසක් මෙන්ම රූපවාහිනියේ මිලියන ගණනක් ඉදිරියේ ගායනා කිරීම සහ පිළිකාව සමඟ ඇයගේ සටන ගැන කතා කිරීම මට ලොකු දෙයක් උනේ නෑ මම බලාපොරොත්තු උනේ මේ තරඟයට ඇවිලා මගේ උපරිමය කරලා මට සතුටක් ලබන්න මට මිනිස්සු ආකර්ෂණය කර ගන්න උවමනාවක් තිබ්බේ නෑ . මම ආවේ මිනිසුන්ට තෑග්ගක් දෙන්න, අපි මැරෙන්න ලඟයි කියල දැනගත්තහම අපේ බලාපොරොත්තු හීන බිඳෙනවා ඒත් ඒ මොන දේ උනත් මම කිසිම දෙයකට බය වෙන්නේ නෑ"

"හැමදේම හරියයි කියලා හිතන්නවත් බැරි ගොඩක් අමාරූ කාලයක උනත් අනිත් අය වෙනුවෙන් ගායනා කරන පුද්ගලයක් වෙන්නයි මට ඕනි උනේ . ඒක මට ලැබුනු භාග්‍යයක් කියලයි මම හිතන්නෙ. මේ ලෝකේ හැම කෙනෙකුටම අමාරු සහ අඳුරු කාලයක් තියෙනවා මට ඒ අයට රුකුලක් වෙන්න පුලුවන් නම් ඒ අයත් එයලගේ දුෂ්කරතා ගැන කතා කරන්න දිරිමත් වෙයි.

ජේන්ගේ ජීවිතය එතරම් ලස්සන නොවූ අතර ඇයගේ ජීවිතය ඉතා අවුල් සහගතය. ඇය කුඩා කල සිටම ඉතාම දක්ෂ වූයේ ගීත ලිවීමටයි එමෙන්ම ඇය සගරාවක්ද නඩත්තු කිරීමට පුරුදුව සිටියාය.

කාලයත් සමගම ඇය දන්නා සංගීතඥයෙකු වන ජෙරමි සමඟ ආදරයෙන් බැඳුනා. වසර කිහිපයක ආදර සබඳතාවයෙන් පසු ඔවුන් 2015 දී විවාහ විය. සෑම දෙයක්ම ඉතා හොඳින් ඇය සිතු ආකාරයෙන්ම තිබුනා නමුත් 2017 සැප්තැම්බර් මාසයේදී ඇගේ ජීවිතය කනපිට පෙරලිණි. ඒ ජේන් තෙවන අදියර පියයුරු පිළිකා රෝගියෙකු බව හඳුනාගත් පසුවයි මෙයත් සමඟම ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වූ අතර ඇගේ සුන්දර ජීවිතයද ඇයට අහිමි විය.

ඇගේ ස්වාමිපුරුෂයා වන ජෙරමි පැවසුවේ මේ දේවල් සමඟ ඔහුට එකට ජිවත් වීමට අපහසු බවත් දෙදෙනා වෙන්විය යුතු බව ඉල්ලා සිටියේය. 2020 දී ඔවුන් දික්කසාද වූහ. ඇයට යම් යම් ප්‍රතිකාර කිරිමට සිදු වූ අතර ඒ නිසා ඇයට හිස මුඩු කර ගැනීමටද්ස් සිදු විය.

මාස 10 ක ප්‍රතිකාරයෙන් පසු ඇය පිළිකාවට එරෙහි සටනින් ජය ගත් නමුත් නැවතත් ඇය එම රෝගයෙන් පීඩා වින්දේ ඉතා අවාසනාවන්ත ලෙසය. 2020 දී ඇයගේ බ්ලොග් සටහනේ ඇය සඳහන් කළේ ඇගේ පෙණහලු, අක්මාව, වසා ගැටිති, ඉළ ඇට සහ කොඳු ඇට පෙළ පුරාම මේ පිළිකාව පැතිරී ඇති බවයි.

ඇයට ජීවත් වීමට ඇත්තේ මාස හයක් පමණි. ඇයට ජිවත් වීමේ අවස්ථාව ඇත්තේ සීයයට දෙකක් පමනක් බව ඇයගේ වෛද්‍යවරුන්ද පැවසිය. ඇයට තම කුසයේ සිටි සති 15 දරුවාද අහිමි විය.

2020 ජූලි මාසයේදී ජේන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් බෙදාගත්තේ පිළිකාවත් සමඟ ඇය කළ අරගලයන් සහ ප්‍රතිකාර කාලය නිසා බිඳ වැටුණු විවාහ ජීවිතය අමතක කරමින් සාර්ථකව ජිවත් වීමට ඇයට හැකි වූ ආකාරය ගැන ය. ඇය එය ඇගේ බ්ලොග් අඩවියේද ලියා ඇත.

ඇයගේ මිතුරියක් වන ක්ලවුස් පවසන්නේ "ඒක ඇත්තටම එයාගෙන් ලොකු ආලෝක කදම්භයක් විහිදෙනවා වගේ වැනිය. එයා හරියට එවරස්ට් කන්ද තරනයා කලා වගේ ඊටත් වඩා ලොකු ජයග්‍රහණයක්".
ජෙනි පෙර වසර ගණනාවක් සේවය කළ ස්ථානයක කාර්මිකයෙකු මෙසේ පැවසුවේය,

“ඒක දැක්කහම මට ඇඬුනා . ඇයට රත්තරන් හදවතක් තියන කෙනෙක්. ඇය හැමෝම එක්ක හොඳින් හිටිය කෙනෙක් ඇයට පුදුමාකාර කෙනෙක් ඇයට හමු වූ සෑම කෙනෙකුගේම ජිවිතයට ඇය බලපෑමක් ඇති කලා. ඇය වෙනස්ම කෙනෙක් , ඇය හොඳ පුද්ගලයෙකි. හොඳ ආත්මයක්. ”

සියයට දෙකක් ඔබට විශ්වාස කරන්න පුලුවන්ද අපි අපේ ජිවිතේ නැති දේවල් ගැන කොච්චර නම් චෝදනා කරනවාද දෙයක් නොකර ඉන්න කොච්චර නම් නිදහසට කාරනා කරනවාද අද මුලු ලෝකයටම ජේන් සුපිරි වීරවරියක් වෙලා. මමත් ඇතුව අපි හැමෝම ජිව්තේ අදුරු මාවත් වල අමාරුවෙන් ගමන් කරලා තියනවා ගමන් කරමින් ඉන්නවා. ජිවිතේ අතහැරලා දන්න හිතෙන හැමවෙලේම මතක් කරගන්න මේ ලෝකෙ ජේන් වගේ අයත් ඉන්නවා මරනයට අභියෝග කරමින් නැගිටින මිනිස්සුත් ඉන්නවා ඉතින් අතාරින්න එපා.

මේ ජේන්ව මතක් කරගන්න අපි තුලත් ජේන් කෙනෙක් ඉන්නවා එයාව අවදි කරගන්න භයවෙන්න එපා හයියෙන් අල්ලගෙන මේ අමාරු ගමන අපි යමු. මේ ජේන් ගේ ජිවිතයෙන් අපිට ඉගන ගන්න ගොඩාක් දේවල් තියෙනවා සම්බන්ඳතා තාවකාලිකයි, මිනිස්සුන්ගේ ආදරයේ තාවකාලිකයි ඒත් මේ මොන දේ තාවකාලික උනත් ඔයගේ ආත්මවිශ්වාසය තදින් තියාගන ඒක තමයි ඔයාව ජයග්‍රහණයට ගෙනියන්නේ

ජෙනී අගෝස්තු මාසයේදී ලොස් ඇන්ජලීස් හී America's Got talent සඳහා නැවත පැමිණෙන තෙක් ඇය එලෙසම පිළිකාවට එරෙහි සටන දිගටම කරගෙන යයි "මම තරඟයට එන්න සති දෙකකට කලිනුත් ප්‍රතිකාර ලබා ගත්තා, සීයට දෙකක් කියන්නේ සීයට බින්දුවක් නෙමෙයි යනුවෙන් ඇය සිනාසී පැවසුවාය.
ස්තුතියි

‍- යොහාන් චන්ද්‍රසේකරන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top