“මම අද තාත්තා කළ දේම කරනවා..”
“මම හිතන්නේ මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..”
"කෙනෙකු තව කෙනෙකුට ආදරය කරනවාද ? ඔහු හෝ ඇය සමඟ ලිංගිකව එක්වනවාද යන්න ඒ පුද්ගලයාගේ අතිශය පෞද්ගලික කාරණාවක් වන අතර, ඒ සඳහා ඔබට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නැත..."
"සමලිංගිකත්වය" එහෙම නැත්තම් අපිට තේරෙන භාෂාවෙන් කිවහොත්, ගැහැණු ගැහැණුන්ට ආදරය කිරීම, නැත්නම් පිරිමි, පිරිමින්ට ආදරය කිරීම.
මෙය ලොව වඩාත් ආන්දෝලනයට තුඩු දුන්නු, තවත් අතකින් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වූ කාරණාවක්..