Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
18
“අපට තවදුරටත් යුද්ධ ඉවසගෙන ඉන්න බෑ...” - ලෝකයම කළඹමින් ඊශ්‍රාලය සහ පලස්තීනය යළි ඇවිලෙයි.. - ගින්දර රැගත් බැලූන දියත් කිරීමෙන් පසු පහර දුන් හැටි ඇසින් දුටුවන් හෙළි කරයි - Photos

- “අපට තවදුරටත් යුද්ධ ඉවසගෙන ඉන්න බෑ...” - ලෝකයම කළඹමින් ඊශ්‍රාලය සහ පලස්තීනය යළි ඇවිලෙයි.. - ගින්දර රැගත් බැලූන දියත් කිරීමෙන් පසු පහර දුන් හැටි ඇසින් දුටුවන් හෙළි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,783 Views
“අන්තවාදීන් සිටීම පිළිකුල් සහගත සහ
නොඉවසිය හැකි කරුණක්”

පලස්තීනුවන් රැදී සිටින භූමියේ සිට ගින්දර රැගත් බැලූන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ගාසා තීරයේ රාත්‍රිය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.

මෙම ගැටුම පසුගිය මාසයේ දින 11 ක ගැටුමකින් පසු හටගත් පළමු ප්‍රධාන ගැටුමයි.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඔවුන් ගාසා තීරය පාලනය කරන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානයට අයත් පරිශ්‍රයක් ඉලක්ක කරගත් බවයි.

මෙම ගින්දර රැගත් බැලූන අඟහරුවාදා දකුණු දිග ඊශ්‍රායලයේ ස්ථාන 20ක පමණ ගිනිගැනීම් ඇති කළේය.

හමාස් සංවිධානය පැවසුවේ නැගෙනහිර ජෙරුසලමේ බලහත්කාරයෙන් රැදීසිටින සිටින ඊශ්‍රායල ජාතිකවාදීන්ගේ පාගමනකට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් ගින්දර රැගත් බැලූන දියත් කළ බවය.

දෙපාර්ශවයට කිසිදු ජිවිත හානියක් හෝ තුවාල වීමක් සිදු නොවූ අතර බදාදා උදෑසන වන විට නැවතත් සන්සුන් බවක් ඇතිවිණි.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) කියා සිටියේ තම ප්‍රහාරක ජෙට් යානා ඛාන් යුනිස් සහ ගාසා නගරයේ හමාස් විසින් මෙහෙයවන ලද හමුදා සංකීර්ණ වලට පහර දී ඇති බවය.

මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, මැයි 21 වන දින ඇති වූ සටන් විරාමය මගින් හමාස් සංවිධානය සමග පැවති ගැටුම් අවසන් කිරීමෙන් පසු හටගත් පළමු ප්‍රහාර වේ.

පරිශ්‍රය තුළ "ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්" සිදු වූ බවත්, ගාසා තීරයේ දිගින් දිගටම සිදුවන ත්‍රස්ත ක්‍රියා හමුවේ, සටන් නැවත ආරම්භ කිරීම ද ඇතුළු සියලු තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අයිඩීඑෆ් සූදානම් බවත් එහි සඳහන් විය.

හමාස් ප්‍රකාශකයෙකු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පලස්තීනුවන් ජෙරුසලමේ "සිය අයිතිවාසිකම් සහ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම සදහා නිර්භීත ප්‍රතිරෝධය" දිගටම ක්‍රියාත්මක කරගෙන යන බවය.

අඟහරුවාදා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට දියත් කළ ගිනි තැබීම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව අයිඩීඑෆ් පැවසීය.

ගිනි බෝල අඟහරුවාදා දකුණු ඊශ්‍රායල ප්‍රජාවන්ගේ කෙත්වල ගිනි ඇති කළේය.

මෑත වසරවලදී සටන්කාමීන්, දැවෙන ඉන්ධන සහ පුපුරණ ද්‍රව්‍ය බහාලුම් රැගත් බැලූන සහ සරුංගල් ගාසා දේශ සීමාව හරහා යවා ඇත.

මෙම උපකරණ මගින් ඊශ්‍රායලයේ ගිනිගැනීම් සිය ගණනක් ඇති වී ඇති අතර හෙක්ටයාර් දහස් ගණනක් වනාන්තර සහ ගොවිබිම් ගිනිබත් වී තිබේ.

මෙම ගුවන් ප්‍රහාර, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12 ක බලය අවසන් කරමින් ඉරිදා බලයට පත්වූ ඊශ්‍රායලයේ නව රජය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රථම ගුවන් ප්‍රහාරය වේ.

නව අගමැති නෆ්තාලි බෙනට් ඊශ්‍රායල දේශපාලනයේ සමස්ත දේශපාලන කොටස්කරුවන්ම නියෝජනය කරන පක්ෂ අටක සන්ධානයකට නායකත්වය දෙන දක්ෂිණාංශික ජාතිකවාදි නායකයෙකි.

නවතම ගුවන් ප්‍රහාර විනාඩි 10 ක් පමණක් පැවතුනද, මෑතදී සිදුවූ සටන් වලින් පසුව අතීතය අමතක කිරීමට වෙරදරන නගර වැසියන්ට සටන් විරාමය බිඳෙන සුළු එකක් බව මතක් කිරීමට හොදටම ප්‍රමාණවත් ය.

යුද්ධය ගැන මිනිසුන්ට මතක් කර දෙන්නේ මෙහි පිපිරුම් රාවය පමණක් නොවේ, නගරයට සිදුවී ඇති විනාශයේ ප්‍රමාණය දැකබලා ගැනීමට ඔබේ මෝටර් රථයෙන් ගොස් හෝ වීදිවල ඇවිදීමෙන් අවබෝධකරගත හැකිය. ගාසා තීරයේ ප්‍රධාන මාර්ග තවමත් සුන්බුන් ටොන් ගණනකින් අවහිර වේ ඇත.

සටන් විරාමයට පෙර ප්‍රචණ්ඩත්වයේ වැඩිම ගුවන් ප්‍රහාර වලට ලක්වූ රිමාල් ප්‍රදේශයේ කුඩා කරත්තයක් මත රටකජු විකුණන ප්‍රදේශයේ වීදි වෙළෙන්දෙකු වන අබු මුහම්මද් මට මෙසේ පැවසීය: "අපට තවදුරටත් යුද්ධ ඉවසගෙන ඉන්න බෑ. කොරෝනා වෛරස වසංගතය මාස ගණනාවක් තිස්සේ අපගේ වැඩ නතර කළා, අවසාන යුද්ධය අපට විශාල පාඩුවක් ඇති කළේ, මට තවදුරටත් මගේ දරුවන් හය දෙනා පෝෂණය කිරීමට හැකියාවක් නෑ."

නවතම ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ හමාස් හමුදා භූමියක් අසල ජීවත් වන පුද්ගලයකු මට දුරකථනයෙන් පැවසුවේ දුමාරය ඉහළ යන ආකාරය දැකීම ඉතා බියජනක බවයි.

ජෙරුසලමේ දින ධජ පාගමන යනු 1967 මැද පෙරදිග යුද්ධයේදී පැරණි නගරය සහ එහි ශුද්ධ ස්ථාන පිහිටි නැගෙනහිර ජෙරුසලම අල්ලා ගැනීම සනිටුහන් කරන වාර්ෂික උත්සවයකි.

පලස්තීනුවන් එය දකින්නේ ප්‍රකෝප කිරීමක් ලෙස ය.

අඟහරුවාදා පැවති උත්සවයේදී වැඩි වශයෙන් තරුණ, ජාතිකවාදී ඊශ්‍රායල ජාතිකයන් සිය ගණනක් මුස්ලිම් ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන පිවිසුම වන පැරණි නගරයේ දමස්කස් ද්වාරය ඉදිරිපිට ඊශ්‍රායල ධජ වනමින්, නටමින්, ගීත ගායනා කළහ.

පසුව ඔවුන් වෙනත් ගේට්ටුවක් හරහා යුදෙව් ආගමේ ශුද්ධස්ථානයක් වූ බටහිර පවුරට ළඟා වීමට ඇතුළු විය.

දමස්කස් ද්වාරය හරහා පැරණි නගරයට ඇතුළු නොවීමට පෙළපාලිකරුවෝ එකඟ වූහ.

රුපවාහිනියේ පෙන්වන ලද ජාතිවාදී සටන්පාඨ උච්චාරණය කල පෙළපාලිකරුවන් පිරිසක් ඊශ්‍රායල විදේශ ඇමති යයිර් ලැපිඩ් ගේ දෝෂ දර්ශනයට ලක් විය.

"ඊශ්‍රායල ධජය යටතේ වෛරය සහ වර්ගවාදය නියෝජනය කරන අන්තවාදීන් සිටීම පිළිකුල් සහගත සහ නොඉවසිය හැකි" කරුණක් බවට ලැපිඩ් පැවසීය.

"යමෙකුට ඊශ්‍රායල ධජයක් අතේ තබාගෙන 'අරාබිවරුන්ට මරණය' යනුවෙන් කෑගැසිය හැක්කේ කෙසේද යන්න තේරුම්ගත නොහැකියි," යනුවෙන් ඔහු තවදුරත් පැවසීය.

පාගමනට පෙර නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේ සිටි පලස්තීන විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඊශ්‍රායල පොලිසිය විසින් දුම් අත්බෝම්බ සහ රබර් උණ්ඩ භාවිතකිරිම හේතුවෙන් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර 17 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.

මුලින් ධජ පාගමන මැයි 10 වනදා පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් දින 11 ගැටුමට හේතු වූ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ශුද්ධ නගරය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම ඊට බාධාවක් විය.

සටන් විරාමය බලපැවැත්වූ වහාම පාගමන නැවත පවත්වන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටියහ.

එය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද, ආරක්ෂක හේතූන් මත යෝජිත මාර්ගය ලබාදීමට ඊශ්‍රායල පොලිසිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එය අවලංගු කරන ලදී.

දමස්කස් ද්වාරය හරහා යාම වළක්වා ගත හැකි සංශෝධිත මාර්ගයක් පසුව නව ඊශ්‍රායල් රජය විසින් අනුමත කරන ලදී. එහෙත් සන්ධානයේ අරාබි ඉස්ලාමීය රාම් පක්ෂයේ නායකයා එය අත්හිටුවිය යුතු බව කියා තිබුණි.

"භයානක ප්‍රතිවිපාක" ඇතිවිය හැකි බවට" පලස්තීන අධිකාරියේ අගමැති අනතුරු ඇඟවීය.

නැගෙනහිර ජෙරුසලමේ සති ගනනාවක් තිස්සේ පැවති ඊශ්‍රායල-පලස්තීන උණුසුම් තත්ත්වය උත්සන්න වීමෙන් පසුව ගැටුම ආරම්භ වූ අතර එය මුස්ලිම්වරුන් හා යුදෙව්වන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශුද්ධ භූමියක ඇති වූ ගැටුම් වලින් අවසන් විය.

එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමෙන් පසුව හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. එයට ප්‍රතිප්‍රහාර ලෙසගාසා තීරයේ තෝරාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීණි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ඊජිප්තු මැදිහත්වීමෙන් සටන් විරාමයක් මැයි 21 දින සිට බලපැවැත්වීමට පෙර ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 256 ක් මිය ගිය අතරඊශ්‍රායලයේ පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය විය.

ගාසා තීරයේ මියගිය අයගෙන් අවම වශයෙන් 128 ක් සිවිල් වැසියන් බව එක්සත් ජාතීන් පවසයි. ඊශ්‍රායල හමුදාව පැවසුවේ මිය ගිය අයගෙන් 200 ක් සටන්කාමීන් බවයි; ගාසා තීරයේ හමාස් නායකයා පැවසුවේ ඝාතනය වූ සටන්කරුවන් සංඛ්‍යාව 80 ක් බවය.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ගාසා තීරයේ නිවාස 16,000 කට වැඩි ප්‍රමාණයක්, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඇතුලු පාසල් හා පුහුණු මධ්‍යස්ථාන 58 ක්, රෝහල් 9 ක්, සායන 19 ක් විනාශ වී හෝ අලාභහානි වී ඇත.

උපුටා ගැනීම BBC Sinhala වෙබ් පිටුවෙන්..

Map showing Israel, Gaza and the West BankA Palestinian woman argues with Israelis during a flag march in Jerusalem's Old City (15 June 2021)Israeli nationalists wave Israeli flags outside the Damascus Gate of Jerusalem's Old City (15 June 2021)Masked Palestinians launch incendiary balloons from the Gaza Strip towards Israel (15 June 2021)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top