2021, 2022 වසරවලට අදාළ පැවැත්වෙන ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ පර්ත් ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු හට හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවනේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 85කට ක්‍රීඩා කරමින් ඇය රැස්ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1646 ක්.
ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 2ක් ඇතුළත් වීමත් විශේෂත්වයක් වනවා.
පන්දු යැවීමේදී කඩුලු 26 ක් බිඳ හෙළීමටයි ඇය සමත්ව ඇත්තේ.
ඇය මීට පෙර ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් තරගාවලියේ මෙල්බර්න් රෙනිගේඩ්ස් කණ්ඩායම ද නියෝජනය කළා.