Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
17
“ඔය කියන නිළිය ආපු විදිහ මම හොඳටම දන්නවා. ඒක එයා ලෝකෙට කියන්නේ හරිම දුක්ඛිත ගමනක් විදිහට. ඒත් ඇත්ත ඒක නෙවෙයි.” - නිරූපන ශිල්පිනියක් වෙන්න ඇවිත්, SPA කෙල්ලක් වුනු සුරූපී තරුණිය, රටම දන්න නිළියක් ගැන කියූ ඇදහිය නොහැකි කතාව - Shenaya's Story Episode 02 [Exclusive]

- “ඔය කියන නිළිය ආපු විදිහ මම හොඳටම දන්නවා. ඒක එයා ලෝකෙට කියන්නේ හරිම දුක්ඛිත ගමනක් විදිහට. ඒත් ඇත්ත ඒක නෙවෙයි.” - නිරූපන ශිල්පිනියක් වෙන්න ඇවිත්, SPA කෙල්ලක් වුනු සුරූපී තරුණිය, රටම දන්න නිළියක් ගැන කියූ ඇදහිය නොහැකි කතාව - Shenaya's Story Episode 02 [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

204 Views
“මට ඕනි වුනේ නෑනේ පවුඩර් උලාපු නිළි කෑල්ලක් වෙන්න. ඒ වෙනුවට සම්භාව්‍ය හීන තිබුණේ.”

“මේක ඇතුළේ ඉන්න ගෑනු නිර්භීතයි.
ඒත් භාගයක් උන් මාව බදාගෙන අඬනවා සමහර දවස්වලට..”

මෙම කතාවේ පළමු කොටස කියවීම සඳහා මෙතනින් පිවිසෙන්න

“පස්සෙ මොකද වුනේ..?”

වට්ස්ඇප් එක ඇතුළේ විතරක් ඇහෙන්න ගන්න, කවමදාවත් නොදැකපු “ශෙනායා” කෙනෙක් මවාගන්න මම අසීරු උත්සහයක් ගත්තා. එක්කෝ අර කියපු විදිහෙම අඹාපු ඉටි රූපයක් වෙන්නැති... නැතිනම් කොහොමත් “කියුට්” කෙල්ලක් වෙන්නැති...!!

“මොනා වුණා කියලද හිතන්නේ..? තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක් එක්ක දකිද්දි මොනා ගෑනිද ඉවසන්නේ නේද ? එදා ඒ යක්ෂණී මගේ කොණ්ඩෙන් ඇදලා අරන් කණට දෙපාරක් ගැහුවා. මමත් ඒකිට පැරදුනේ නෑ. දුන්නා කණ හරහා පාරක්... ඒක නිකන් හෙන විගඩමක් වුණා එතැන... වැරදි මම... මොකද මේ මනුස්සයා මට අයිති වස්තු පරාණයක් නෙවෙයිනේ.. ඌ අයිති අර ගෑනීට.. ඒ ගෑනි ආඩම්බරෙන් හිටියේ ඒ ඩිරෙක්ටර් මහත්තයා ගැන... කවුද ඉතින් ඒ ගෑනි වුණත් හිතන්න නැතුව ඇති ලෝකෙටම ලස්සන මූණක් පෙන්නන ඩිරෙක්ටර් මහත්තයා මෙහෙම එකෙක් කියලා...”

මගේ ඇස් ඉස්සරහා කෝච්චි පෙට්ටියක් වගේම වුනු වේගවත් සිතුවිලි කන්දරාවක් මැවෙන්න ගත්තා. සුළි සුළඟකටවත් ඔරොත්තු දෙන විදිහේ “ගැහැනු පරාණ” ගැන මම ඉතිහාසයේ ඕනෑ තරම් කියවලා තිබුණා. ඒ හැම කතාවකම ගැහැනු ශක්ති සම්පන්න උන්..!! මේ හැම කුණාටුවකට ඔරොත්තු දෙන්න හැකි විදිහේ උන්..!!

“එතනින් එහාට සම්බන්ධේ නැවතුණා. ශෙනායාගේ නිළි හීනෙට මොකද වුනේ...?” මම ආයෙම බටර් ජෙල් පෑන අතට ගත්තා.

Fabian Perez - Night Walk IV - Bluestone Art

“මම ඒක අත අරී කියලා හිතනවාද..? අපොයි නෑ.. කීයටවත් මම අතඅරින් නෑ. ඒ හීනේ තමයි මම කාලයක් තිස්සේ දැක්කේ.. ඉතින් මොන හේතුවකට මම අතඅරින්නේ.. මට බැරිවුණා තමයි ලංකාවම දන්න හිට් එකක් වෙන්න.. ඒත් මම කිට්ටුවටම ගිහින් ආවා. මට ජනප්‍රියයි කියන නිළියක්ම මේ ෆීල්ඩ් එකේ දුවන හැටි කියලා දුන්නා. ඔය කියන නිළිය ආපු විදිහ මම හොඳටම දන්නවා. ඒක එයා ලෝකෙට කියන්නේ හරිම දුක්ඛිත ගමනක් විදිහට. ඒත් ඇත්ත ඒක නෙවෙයි. එයා ගැන කියන්න ගියොත් ඒක වෙනම කතන්දරයක් වෙයි...”

“ඔයාගේ කතාවට මොකද වෙන්නෙ..?” වට්ස්ඇප් ඇමතුම පැය භාගයකට විසන්ධි වුණා. ඊටත් පස්සේ ඒ උත්තමාවීය ඒකට ගොඩ වදිනකොට මම නුගේගොඩ හන්දියෙන් බැස්සා විතරයි. වැහි බීරුමට බයෙන් සද්දන්ත බස් හෝල්ටුවක් හොයාගෙන දුවන අතරේ මම ඒ ඇමතුමට උත්තර බැන්ඳා.

“හැ.... ලෝ... කියන්න මට ඉතිරි ටික...”

“මට ඕනි වුනේ සැප පහසු ජීවිතයක් ගත කරන්න.. ඒ කියන්නේ අනිත් හැමෝම වගේ සුපිරි ගෙවල් හදාගෙන, අන්තිමට කසාදෙකුත් කරගෙන, දරුවෝත් හදාගෙන.. අන්න එහෙම සුපිරි ජීවිතයක්... මම ට්‍රයි කළේ ඒකට.. රටම දන්න නිළියක් වෙන්න.. හැබැයි මට ඕනි වුනේ නෑනේ පවුඩර් උලාපු නිළි කෑල්ලක් වෙන්න. ඒ වෙනුවට මට සම්භාව්‍ය හීන තිබුණේ. මේවා කියද්දි ඉතින් ඔයා නම් හිනාවෙයි... ඒත් ඇත්තම කතාව ඕක...”

Blue & Red III by Fabian Perez, Price SOLD OUT


“මොකද ඉතින් වුනේ ඒ නිළියට...?”

“මට ෆීල්ඩ් එකෙන් කැපිලි කෙටිලි එමට තිබුණා. හැමෝම කිව්වා මොඩ්ලින් කරපු පළියට නිළියක් වෙන්න බෑ කියලා. ඒකට ලොකු හැදැරීමක් ඕනි කියලා.. ඔන්න ඔය වගේ කතන්දර තිබුනේ. මියුසික් වීඩියෝ එකක දෙකක රඟපෑවට සුපිරි ඝනයේ නිළියක් වෙන්න බෑ කියලා මට තේරුණා. එක අතකින් ඒකට වාසනාව කියන දේත් ඕනිනේ...!! සල්ලි ප්‍රශ්න නිසාම පස්සෙ මම තීරණය කළා ස්පා වලට යන්න. ඔයාව මට කන්ටැක් කරපු අක්කා මට හම්බෙන්නෙත් ඒ ෆීල්ඩ් එක ඇතුළේදී...” ශෙනායා කතාව නැවත්තුවා. වැහි බීරුමත් ඒ හැටිම සැරවැර කරන් නෑ දැන්. මම හෙමින් “තිස්ස මාවත” දිහාවට ගෑටුවා. මහා විශාල හුළඟක් ඇවිත් මාව කීද්දුවා. සැරින් සැරේ ඇස් බෝල කරකවන “ශෙනායා” කෙනෙක් මට ඡායාවන් අතරින් පෙණුනා.

“එතකොට ප්‍රසිද්ධ නිරූපිකාව ස්පා කෙල්ලක් වුණා..?” මම මිමිණුවා. අර උත්තමාවී හුස්ම ගත්තා ඇමතුම ඇතුළේ.. බොහෝම හෙමින්, පරිස්සමින්...................

“ස්පා ෆීල්ඩ් එක එපා වෙනවා.... සමහර උන් අමන සත්තු... මම ගොඩක් උන් ව රිජෙට් කරලා තියෙනවා. නාකි හම්පඩයෝ කරන කියන දේවල් වෙලාවකට ඔරොත්තු දෙන් නෑ.. ඒක ඇත්තටම සල්ලි හම්බ කරන්න හොඳ ජොබ් එකක් වුණත් එන එන එකාලගේ රහස් තැන් අල්ලන එක කොයි තරම් අප්පිරිය සහගතද කියලා හුඟක් උන් දන් නෑ. හරියට අර කියනවත් වගේ, මේක ඇතුළේ ඉන්න ගෑනු නිර්භීතයි. ඒත් භාගයක් උන් මාව බදාගෙන අඬනවා සමහර දවස්වලට.. උන් වමනේ දානවා පෙළක් වෙලාවල්වලට.... ලිංගිකත්වය කියන්නෙ උන් ආසාවෙන්ම කරන දෙයක් නෙවෙයි. කරන්න වෙන දෙයක්... මුදල් අවශ්‍යතාවය නිසා ඒවා කරන්න වෙනවා. ඒවා වැඩි වැඩියෙන් කරන්න ගාස්තුව වැඩි වෙනවා.... ඕකයි ඇත්ත...!!” ඒ හිත නිවෙනවා ටිකකින්. භාවනාවක් වගේ සැහැල්ලුවෙන් පියාඹන්න ගන්නවා කියලයි මට හිතෙන්නෙ. නිහැඬියාවකට පස්සෙ (ඒක හරියට කමර්ෂල් බ්‍රේක් එකක් වගෙයි.) ආයෙම එයා හඬ අවදි කරන්න කලින් මම ඉස්සර වුණා.

Prostitutes paintings

“ඒ තරම් අප්පිරියා සහගත ජොබ් එකක්...? ඇයි එහෙම එකක් තෝරගත්තේ ඉතින්..? ඔයාට තිබුණා එක්කෝ අර කියනවා වගේ හොඳ හැදැරීමක් කරලා නිළියක් වෙන්න යන්න... නැත්තම් නිරූපණ ශිල්පිනියක් වෙලා හොඳ ගමනක් යන්න... කොටින්ම ජාත්‍යන්තරයට යන්න...”

“ඔව් ආසාවල් ගොඩක් තිබුණා. ඒත් ඒ හැම ආසාවක්ම මට යටපත් කරන්න සිද්ධ වුණා... එකම එක්කෙනෙක් නිසා... ඒ කෙනා නිසයි මම ස්පා කෙල්ලෙක් වෙලා ක්ෂණිකව සල්ලි හොයන්න හිතුවේ...” ශෙනායගේ හඬ දුබල වුණා. ඊටත් පස්සෙ ඒක ඇහෙන්නෙම නැතුව ගියා. (දැන් රැහැයියන්ගේ හඬ විතරයි.)

“කවුද ඒ කෙනා...?” ඉවසන්නම බැරි තැන මම ඇහුවා. හීන් ඉකියක් විතරක් ඒ පැත්තෙන් ඇහුණා.

අවසාන කොටස කියවන්න මෙතනින් පිවිසෙන්න

(මෙම කතාවේ එන සියලුම නම් ගම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය ප්‍රගීත්. එස්. නාලින්ද සොහොයුරාට.)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top