දකුණු අප්‍රිකාවේ සිට්හොලේ නමැති කාන්තාවට දරුවන් දසදෙනකු ලැබීමේ සිද්ධිය ගැන ප්‍රිටෝරියා නිව්ස් පුවත්පත සැක පහළ කර තිබෙනවා.
ඇය තම සැමියා වූ සොටෙස්ටි නමැත්තාට පැවසුවේ උපත ලත් දරු දැරියන් නුදුටු බවයි. සිට්හොලේ ඇතුළත් කර තිබූ බව කියන ස්ටිව් බිකෝ රෝහලේ වෛද්‍යවරු හෙළි කළේ එම රෝහලේදී නිවුන් දරු උපත් 10 ක් සිදු නොවූ බවයි. එහෙත් තමාට එම රෝහලේ ප්‍රතිකාර කළ බව ඇය පවසා තිබෙනවා.