Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
“සර් ළමයින්ගෙන් අහන්න, අත දිග ඇරලා කණට ගැහුවා..” - කටුගස්තොට පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින්, කොවිඩ් ආසාදිතයින් 36ක් - ආයතනය ඇතුළේ ගුටිබැට හුවමාරුවකුත් සිදුවෙලා - මෙරට කොවිඩ් නවතම තොරතුරු මෙන්න - Video

- “සර් ළමයින්ගෙන් අහන්න, අත දිග ඇරලා කණට ගැහුවා..” - කටුගස්තොට පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින්, කොවිඩ් ආසාදිතයින් 36ක් - ආයතනය ඇතුළේ ගුටිබැට හුවමාරුවකුත් සිදුවෙලා - මෙරට කොවිඩ් නවතම තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
“අපි පොලිසියෙන්, දොර අරින්න..
ඔතන ගහලා, වයසක මනුස්සයා මැරිලා වැටුණොත්..”

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සමාජගත වීම පිළිබඳ ලබන සෙනසුරාදා වන විට තීරණයක් ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 1631 වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ විසිනම දහස් 886ක් දක්වා ඉහළගියා.

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,334ක් වාර්තා වූ අතර ඉන් 2,275ක් දේශීයව හඳුනාගත් අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන්.

සෙසු 59 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 546ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 268ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 250ක් ලෙස ගෙවුණු දිනයේ වාර්තා වුණා.

ගෙවුණු දිනයේ නුවරඑළිය, මහනුවර, යාපනය, ගාල්ල, කුරුණෑගල, යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් 100 ඉක්මවමින් වාර්තා වුණා.

මේ අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොළඹ නගරයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසන්නේ.

මේ අතර පසුගියදා පොලිසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එක්ව වටලනු ලැබූ මහනුවර - කටුගස්තොට පිහිටි නේවාසික පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 36 දෙනෙකු අද ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකෙරුණා.

එහිදී අදාළ ආයතනයේ පාලිකාවක විසින් එහි තවත් සේවිකාවකට පහරදී ඇති බවත් වාර්තා වුණා.

මෙම නේවාසික අධ්‍යාපන ආයතනය පසුගියදා වටලනු ලැබුවේ පිරිමි සහ ගැහැණු ළමුන් 50 දෙනෙකු පමණ එහි රඳවාගෙන සිටින බවට ලද තොරතුරක් මතයි.

ගම්පහ - වැරැල්ලවත්ත ප්‍රදේශයේ කාන්තා කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානයක ආසාදිතයන්ගේ මානසික සුවය වෙනුවෙන් මෙලෙස සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබුණා.

මේ අතර රටට සෙත්පතා දිවයින පුරා ස්ථාන 8කදී රතන සූත්‍රය සඡ්ඡායනා කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා මෙරට කොවිඩ් මරණ 55ක් සිදුව ඇති බවට ඊයේ තහවුරු කළා.

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයන් 33ක්.

පෙරේදා සිදුව ඇති මරණවලින් 17ක් නිවෙස් තුළ සිදුව ඇති අතර 5ක් රෝහල්ගත කරන අතරතුර මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 2,258ක් ලෙසයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක වුණා.

ඊයේ පස්වරුව වන විට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයන් 356,232කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනය තුළ පමණක් මෙරට පුද්ගලයන් 63,596කට ලබාදී ඇති අතර මේ වන විට එම එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත ගණන 317,431ක්.

ස්පුට්නික් වී එන්නතෙහි දෙවන මාත්‍රාවද ඊයේ පස්වරුව වන විට මෙරට පුද්ගලයන් 3,690කට ලබාදී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවකයන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂක උපකරණ නොලැබීම, නිවාඩු ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය බදුල්ල මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක අද පෙරවරු 8 සිට දහවල් 12 දක්වා වර්ජනයක නිරත වුණා.

මේ අතර පවතින සංචරණ සීමා හේතුවෙන් බස්නාහිර පළාතට ඇතුළුවන වාහන අද දිනයේත් දැඩි සෝදිසිකිරීම්වලට ලක්වුණා.

මේ සංචරණ සීමා හා නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාත්මක වූ ආකාරයයි.

කළුතර - වස්කඩුව ප්‍රදේශය ආශ්‍රිතව සංචරණ සීමා උල්ලංඝනය කරමින් විවෘත කර තිබූ වෙළඳසැල් වසා දැමීමටත් පොලිසිය පියවර ගත්තා.

පසුගිය පැය 24 තුළ මෙරට නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1,411 ක්.

මේ අතර පවතින සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඉන්ධන මිලට එරෙහිව කළ විරෝධතාවක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔහු මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, සංචරණ සීමා පවතින කාලසීමාවේදී පොලිස් ස්ථාන පරිශ්‍රයේ උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් තමන්ට ද චෝදනාවක් එල්ල වී ඇති පසුබිමකයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජනතාවගෙන් ණය ආපසු අයකරගැනීමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නා.

වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකිවන තත්ත්වයකට ණයකරුවන් පත්ව ඇති බැවින් පොලිය මෙන්ම ණය මුදලද ගෙවී යන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා.

මීට අමතරව නිවාස ඇපයට තබමින් ණය ලබාගැනීමේදී ඇතැමුන්ට නිවසද අහිමි වන අවස්ථා ඇති බැවින් ඒ පිළිබඳ මානුෂීයව සළකා බලා එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

මේ අතර පාසල් යළි ආරම්භ කිරීමට පසුබිම සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අධ්‍යාපන
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top