කොරෝනා තත්ත්වය හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජනතාවගෙන් ණය අය කර ගැනීමේදී ඔවුන් මුහුණපාන ගැටළු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහබැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ණය ලබාදීමේදී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමි වන අවස්ථා ඇති නිසා මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවදානය යොමු කරන ලෙසයි.