Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
ඔන්ලයින් (online) ක්‍රමයට මත්පැන් ලබාගත හැකි ප්‍රමාණය මෙන්න - ලබාගත හැකි වේලාවන් ගැනත් දැනුම් දෙයි

- ඔන්ලයින් (online) ක්‍රමයට මත්පැන් ලබාගත හැකි ප්‍රමාණය මෙන්න - ලබාගත හැකි වේලාවන් ගැනත් දැනුම් දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,842 Views
ඔන්ලයින් ක්‍රමයට අලෙවි කළ හැක්කේ මේ අයට පමණයි..

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුලදී මාර්ගගත (online) ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමේ අවසරය හිමිවන්නේ ජාලගත සුපිරි වෙලඳසැල්, (chain super markets) සහ සුරාබදු ර.බී. 4 බලපත්‍ර ලත් ස්ථාන සඳහා පමණක් බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

කෙසේවෙතත් මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර දීම සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ද ලබාගත යුතු බවටයි ඔහු අවධාරණය කරන්නේ.

අදාළ අනුමැතිය හිමිවූ පසු මාර්ගගත (online) මත්පැන් අලෙවිය සඳහා තාක්ෂණ හැකියාව ඇති ආයතන වෙත ඒ සඳහා අදාළ වන අවසර ලබාදීමටත් අදාළ කොන්දේසි ප්‍රසිද්ධ කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළා.

මෙම වැඩපිළිවෙල සඳහා මේවන විටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය අපේක්ෂා කරමින් අදාළ ලිපි යොමුකර ඇති බවත් එම අනුමැතිය අද දින ලැබුණහොත් හෙට සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියා.

කෙසේවෙතත් මෙම වැඩපිළිවෙල අනුව පරණ කරන ලද මත්පැන් කාණ්ඩයට අයත් දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 5ක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවන අතර පැසවන ලද මත්පැන් කාණ්ඩයට ගැනෙනා බීර, රා, වයින්, සකේ ආදිය ලීටර් 12කුත් වරකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනවා.

අදාළ ජාලගත ක්‍රමවේදයට අනුව අවසර හිමිවන ආයතනවලට අදාළ කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් අලෙවිහලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි අනුව සිදුකළ හැකියි.

ඒ අනුව මත්පැන්හල විවෘත කර තැබෙන කාලසීමාව වන උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පමණක් අදාළ ජාලගත වෙළඳාම් කටයුතු සිදුකළ යුතු වනවා.

මේ අතර ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කළේ.

ඒ අනුව සුපිරි වෙළඳසැල්වලින් ජනතාව භාණ්ඩ මිලදී ගන්නා ආකාරයට මත්පැන්ද මිලදී ගැනීමට අවස්ථාව සැළසෙන බවයි ඔහු කියා සිටියේ.

සංචරණ සීමා හේතුවෙන් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම මේ වනවිට තහනම් වනවා.

මේ හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස පාරිභෝගිකයන් ද ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති බැවින් නීති විරෝධී මත්පැන් අලෙවිය ද ඉහල ගොස් තිබෙනවා.

මෙම තත්වයන් සැළකිල්ලට ගනිමින් සුරාබදු දෙපාර්තමේන්තුව ඔන්ලයින් හරහා මත්පැන් අලෙවි කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර පවතින සංචරණ සීමා නීති රීති හේතුවෙන් මත්පැන් අලෙවිසැල් වසා තැබීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් මිලියන 600කට අධික අලාභයක් විඳීමට සිදුව ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පවසනවා.

ඔහු කියාසිටින්නේ මේවන විට අදාළ කාලසීමාව තුල සුරාබදු දෙපාර්තමේන්තුවට බදු වශයෙන් ලැබිය යුතු ආදායම් අහිමිවීම නිසා විඳින්නට සිදුව ඇති මූල්‍යමය අලාභය රුපියල් බිලියන 10 ඉක්මවා ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top