Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
කර්මාන්තශාලා කොවිඩ් පොකුරු ගැන දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව

- කර්මාන්තශාලා කොවිඩ් පොකුරු ගැන දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,878 Views
ඇඟලුම් කම්හල් ඇතුළු රටේ ආර්ථිකයට දායක වන කර්මාන්තශාලාවලින් කොරෝනා ආසාදිත පොකුරු වාර්තා වුවද ඒවා නිසියාකාරව කළමනාකරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 546ක්.

ඊට අමතරව වැඩිම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 268ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගම්පහින් ආසාදිතයින් 250ක් වාර්තා වන අතර නුවරඑළියෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 162ක්.

ඊට අමතරව මහනුවර, යාපනය, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වනවා.

මේ අතර, වැලිසර ලය රෝහලේ සිටි කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පළා ගොස් තිබෙනවා.

අදාළ රෝගියා සොයා පොලීසිය සහ සෞඛ්‍ය අංශ මේ වන විටත් විමර්ශනයක් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුළ ඩිලිවරි සේවා සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ බෙදාහැරීම සඳහා ලබා දී තිබූ අවසර පත්‍රයේ වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර, හැටන් - නෝටන්බි්‍රජ් - 4 කණුව ප්‍රදේශයේ සිසු සිසුවියන් පිරිසක් ප්‍රදේශයේ බස් නැවතුම්පොළක සිට ඔන්ලයින් ක්‍රමය හරහා ඉගෙනුම් කටයුතු සිදුකරන ආකාරයක් දක්නට ලැබුණා.

ප්‍රදේශයේ දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස ප්‍රදේශයේ බස් නැවතුම්පොළකට පැමිණ ඇත්තේ.

අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය ද අදාළ සිසුන් එම බස් නැවතුම්ළේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.

එමෙන්ම කෑගල්ල - රුවන්වැල්ල ප්‍රදේශයේ ද සිසුන් පිරිසක් ඔන්ලයින් ක්‍රමය හරහා ඉගෙනුම් කටයුතු සිදුකිරීමට ඉතා උස ගස් මත අට්ටාල සකස් කරගෙන සිටින ආකාරයක් ද දක්නට ලැබුණා.

ඉතා අවදානම් තත්ත්වයක් යටතේ අදාළ සිසුන් මෙලෙස ගස් මත සකස් කළ අට්ටාල වලට නැග ඉගෙනුම් කටයුතු සිදුකරන්නේ ප්‍රදේශයේ දුරකථන සංඥාවල පවතින අවහිරතා හේතුවෙන්.

සෞඛ්‍ය සේවයේ නියුතු සියළු දෙනාට එන්නත්කරණය සිදුකරන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් අද උදෑසන 8 සිට සියළු පළාත් රෝහල්වල සුළු සේවකයින් පැය 4ක වර්ජනයක් සිදුකළා.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මකයි.

ඊයේ පස්වරුව වන විට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයන් 356,232කට ලබාදී තිබෙනවා.

සයිනොෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනය තුළ පමණක් මෙරට පුද්ගලයන් 63,596කට ලබාදී ඇති අතර මේ වන විට එම එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 317,431ක්.

ස්පුට්නික් වී එන්නතෙහි දෙවන මාත්‍රාව ද ඊයේ පස්වරුව වන විට පුද්ගලයින් 3690කට ලබාදී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top