පාසැල් දරුවන් අතරින් 10 % " දියවැඩියාව "
පාසැල් දරුවන් අතරින් 25 % " ඇදුම "
පාසැල් දරුවන් අතරින් 34 % " ස්ථුලතාවය "
ඒ වුනත් අම්මලා කැමතිම බෝල බබාලට. චබී දුවලට.
ඉල ඇටක් දෙකක් පෙනුනොත් එහෙම කෙට්ටු දුවෙක් පුතෙක් අප්පෝ වස ලැජ්ජාවක් නෙව !
දරුවන්ට කන්ට දෙන්ට බැරිව කියල හිතයි නේබර්ස්ලා..ෆ්රෙන්ඩ්ස්ලා !
මහරගම පැත්තේ නිකමටවත් ගියොත් තේරේයි ඔබටම
නැත්නම් ලමා සායනයකට ආවොත් බැරිවෙලාවත්
ඇස් දෙකෙන්ම බලතහැකි දුක් විදින දරු පැටවුන් මහ ගොඩක් !
චූන් පාන් වේගෙන් යන එකත් හොදයි මට නම් එහි නෑ වරදක්
කෑවොත් තම්බපු පිටි තවත් මාසයක්
බෝල බබාලා ඉදියි හැම ගෙදරමත්
ෆ්රයිඩ් රයිස් සමග කෝලා බීමත් සුප් කැට සමඟ නූඩ්ල්ස් පැකට් කෑමත්
පොටෑටෝ චිප්ස් සමග සොස් කෑමත්
උදේ පාන්දර පිටිකිරි වීදුරුවකුත් බීමත්
ලැබේව් ඔබටත් ඔබේ දරුවන්ටත්
සායනයේ රතු නොම්මරයක්....!!!
වෛද්ය රසික සඳරුවන් කුලතිලක