Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
“තවත් රැල්ලක් ඔරොත්තු දෙන්නේ නෑ - ලාවටවත් අරින්න බෑ !” - සංචරණ සීමා ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න, රංගන ශිල්පී ගයත්‍රී ඩයස්ගේ මවත් කොරෝනාවට බිලිවෙයි, මෙරට වසාගත් කොවිඩ් අලුත්ම විස්තරේ - Video

- “තවත් රැල්ලක් ඔරොත්තු දෙන්නේ නෑ - ලාවටවත් අරින්න බෑ !” - සංචරණ සීමා ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න, රංගන ශිල්පී ගයත්‍රී ඩයස්ගේ මවත් කොරෝනාවට බිලිවෙයි, මෙරට වසාගත් කොවිඩ් අලුත්ම විස්තරේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,377 Views
“මේ ලෝකේ ඉන්න සියලු අම්මලා දරුවන්
පරිස්සමට ඉන්න...”

උණවටුන ප්‍රදේශයට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එන්නත්කරණය සිදුකළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ වන විට පියවරගෙන තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරන පොලීසිය, එන්නත් ලබා ගැනීම සඳහා උණවටුන ප්‍රදේශයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණි වාහන 54ක් සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගනිමින්.

එලෙස හදුනා ගත් වාහන හිමිකරුවන්ගෙන් සහ ඒවායේ පැමිණි පුද්ගලයන් 4 දෙනෙකුගෙන් අද පස්වරුව වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ අධිකරණයෙන් ලබාදුන් අවසරය මත ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, එන්නත්කරණයේදී මුදල් ලබාගෙන ඇද්ද යන්න තහවුරු කර ගැනීම සදහායි.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ළමයින්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි.

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර තිබෙනවා.

එම සිරුරු භූමදානයට අවසර ලබාදී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම දේහයන් භූමදානය කර ඇති අතර, මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු ඒ අතර වනවා.

මේ අතර, ඉදිරි සති දෙක තුළ කොරෝනා මරණවල අඩුවීමක් අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ප්‍රකාශ කළා.

මේ අතර ජනප්‍රිය රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස්ගේ මව, පසුගිය 13 වනදා කොරෝනා ආසාදිතව මියගොස් ඇති අතර, ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සියලුදෙනාගෙන් ඉල්ලා තිබුණේ ඔබගේ ආදරණීයයන්ට මෙම මාරාන්තික රෝගයට නිරාවරණය වීමට ඉඩ නොදෙන ලෙසයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද විරෝධතාවක නිරතවුණා.

ඒ, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

කුරුණෑගල පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට අතුරු මාර්ගයක 40 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එම විරෝධතාව පැවති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 92,478 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද දිනයේ සුවය ලැබූ 2,014 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමඟයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top