Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
හැමෝම කතාවෙන ඔන්ලයින් මත්පැන් අලෙවිය ගැන, අලුත්ම ආරංචිය මෙන්න - Video

- හැමෝම කතාවෙන ඔන්ලයින් මත්පැන් අලෙවිය ගැන, අලුත්ම ආරංචිය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,200 Views
සුරාබදු කොමසාරිස්වරයා ඉල්ලීමක් කරමින් යැවූ ලිපිය.....

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව ඇති බව, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

ඔහු පවසන්නේ, සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාව තුළදී නීති විරෝධී මත්පැන් අලෙවිය පෙර නොවු විරූ ආකාරයට වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම, මෙම නීතිවිරෝධී නිෂ්පාදනවලට ඉතා ඉහළ මිලක් ද නියම වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට ජාලගත හෙවත් "ඔන්ලයින්" ක්‍රමය යටතේ නීත්‍යානූකූල මත්පැන් සාධාරණ මිලට ලබා දීම සඳහා ආයතන රැසක් සහ පුද්ගලයින් ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවයි, කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

පවතින තත්ත්වය සලකා බලා ඒ සඳහා යම් කිසි ප්‍රවේශයක් ලබා දිය හැකි දැයි මේ වන විට අධ්‍යනය කරමින් සිටින බව, ඔහු අද පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී කියා සිටියා.

මේ සඳහා වන අවසර ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත මේ වන විට ලිපියක් හරහා ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ.

මේ ආකාරයේ ජාලගත ක්‍රමයකට මත්පැන් අලෙවිය සඳහා අවසර ලබා දීමට නම් ඒ සඳහා මුදල් අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යෙන් ලබා ගත යුතු වනවා.

කෙසේ වෙතත්, මේ දක්වාත් සිය ලිපියට මුදල් අමාත්‍යංශයෙන් පිළිතුරක් හිමි වී නොමැති බවයි, සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ කියා සිටියේ.

එමෙන්ම, පසුගිය කාල සීමාව තුළදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් පානය කිරීමෙන්, අවස්ථා ගණනාවකදී විශාල පිරිසක් මිය ගොස් ඇති බවත්, ඔහු සඳහන් කළා.

සංචරණ නීති පනවා ඇති කාල සීමාව තුළදී නීති විරෝධී මත්පැන් ස්කාගාර 50කට අධික ප්‍රමාණයක වැටලීම් සිදු කොට ඒවා පවත්වාගෙන ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කළ බවත්, නීති විරෝධී මත්පැන් මිලදී ගැනීම සහ භාවිතයෙන් මහජනතාව ඈත් විය යුතු බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top