Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
“කිලිනොච්චියේදි හම්බවෙලා දවසක් කිව්වා, මහණ වෙනවා බං මේ ජීවිතේ වැඩක් නෑ කියලා... ඌ එදා කියපු කතාව මට තේරුනේ නෑ, මම හිනාවුණා විතරයි...” - යුද පිටිය දෙවනත් කළ රණ සෙබළා කෙළවරක් නැති සසර කතරින් එතෙර වන්නට නිවන් මග සොයා ගිය හැටි - Photos

- “කිලිනොච්චියේදි හම්බවෙලා දවසක් කිව්වා, මහණ වෙනවා බං මේ ජීවිතේ වැඩක් නෑ කියලා... ඌ එදා කියපු කතාව මට තේරුනේ නෑ, මම හිනාවුණා විතරයි...” - යුද පිටිය දෙවනත් කළ රණ සෙබළා කෙළවරක් නැති සසර කතරින් එතෙර වන්නට නිවන් මග සොයා ගිය හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

45,129 Views
“අතේ තියෙන මුද්ද ගලවලා මට දීලා තියෙනවා ගිහින් වරෙන් උඹ ගෙදර, ඕක උකස් කරලා කියලා..”

“කවුද එකෙක් වරදක් කරලා.
හැමෝටම පනිෂ්මන්ට් ලැබෙයි කියලා මූ ඉදිරිපත් වුණා...”

ගිහිගෙය කියන්නේ ආසාවන් එකතු වෙච්ච තැනක්.. ඒ ආසාවන් කෙළවරක් නැහැ. ඒත්... එතනින් මිදිලා ජීවිතේ සැනසුම හොයාගෙන යන ජීවිතත් අපි අතරේ ඉන්නවා..

ඒ විදිහට මහණදම් පුරන්න ගිය තරුණයෙකු ගැන සංවේදී කතාවක් අපිට මුහුණු පොතෙන් හමුවුණා.

මේ තියෙන්නේ ඒ කතාව...

අපේ හාමුදුරුවො ගැන ධර්මයා (තඩියා මගේ බැජියා) ලියලා තිබ්බ පෝස්ට් එකක් දැකලා මතක් වෙච්ච දේවල් ලියන්න හිතුණා.
හාමුදුරු⁣වොන්ව මුලින් දැක්කෙ මෙඩිකල් එකට ආවට පස්සෙ. එතකොට කථා කරපු ආදරණීය නම දැන් කියන්න බැ. උන්වහන්සේ ගිහින් ඉන්න දුර වැඩියි.
වැඩි කතාවක් නැතිව හිටියට කොලඹ කොල්ලෙක් කියලා දැනගත්තා. කථාවට සෙට් වෙලා බැලුවාම පට්ටම චරිතයක්. අහින්සකයා වුණාට වැඩ්ඩෙක්. ඌ නොදන්න මගුලක් නෑ ඒ කාලෙ. ITත් පුලුවන්. Music පුලුවන්. Wushu, මාෂල් ආට් වගේ සටන් ශිල්ප දෙක තුනකුත් පුලුවන්. පුදුම දේ කියන්නෙ මේකා හමුදාවට එද්දි හමුදාවෙන් කියලා දෙන්න කලින් Drill දන්නවා. Map reading දන්නවා. භූමි උපක්‍රම දන්නවා. ඇත්තටම හැම මගුලක්ම දන්නවා.
වෙඩි තියන්න තුවක්කුව දුන්නාම ඌ ඒකත් දන්නවා. අපි හිතුව මූ කලින් හමුදාවක ඉදලා ආපු එකෙක් කියලා. නෑ ඌට එතකොට යන්තම් 18යි. කෝස් කරපු PTIලාත් හිතුවෙ එහෙම. ඇත්තම කියනවානම් ඌ ඒ කාලෙ දක්ෂයෙක්. අපි එක්ක හිටියා නේවි එකේ කලින් ඉදලා ආපු මහවයා, ආමි එකේ කලින් ඉදලා ආපු හලාවතයා, නුවර ඉදන් ආපු දස චරිතයක්. (ඌට කියපු නම නම් මෙතන කියන්න බෑ)
හැබැයි මූ එක්ක ඒ කාටත් හැරෙන්න බැරිවුණා. ධර්මයා නම් හිටියා කරට කර. ඌ තඩියා (බැජී) ඌට ඕන නිදාගන්න. ඉඹුලානයා නම් වැවෙත් නිදාගන්නවානේ.
කෝස් කරන කාලේ කාටවත් ගුටිකන්න දුන්නෑ. මාර ඇදිල්ලක් අදිනවා. ධර්මයා වගේ මීටර් එක්ක විතරක් නෙවෙයි බුල ගහපු වලපනයා, ඉබ්බා වගේ උන්වත් කූද්දගෙන ගුටි කන්න නොදී අරන් යනවා. මේක කියවන උඹලට මේවා මතක ඇති.
හමුදාවේ බුල ගහන උන්ට බෙඩ් ෂීට් පාටි තිබ්බට චන්දියා එක්ක ඒවා බෑ. කොල්ලන්ට ගහන්න බෑ. 'උන් අහින්සකයො හමුදාවට ඇවිත් ඉන්නෙ නැති බැරි කමට'. ඔය තමයි උගේ කථාව. උන්වත් අරන් යනවා මිසක් දාලා නම් ගියේ නෑ. පෝලිම් වෙලා බලද්දි එකෙක් නැත්තන් ඩබල් එකේ ගිහින් ඌව අරන් එනවා.
නැතත් මූ ප්ලැටූන් ලීඩර් නිසා මූටම ඒකෙ රිටන් එක වදිනවා. මූ නෙවෙයි අරූට ඒක දැනෙන්නවත් දෙන්නෙ. ඕවා එක්ක අපිට ඌ එක්ක ගොඩනැගුනෙ ආත්ම බැදීමක්.
දවසක් කවුද එකෙක් වරදක් කරලා. ඌ ඉදිරිපත් වුනේ නෑ. හැමෝටම පනිෂ්මන්ට් ලැබෙයි කියලා මූ ඉදිරිපත් වුනා.
පුහුණුකරන අය දන්නවා මූ එලියට ආවේ අනිත් අයට ගුටි කන්න වෙන නිසා කියලා. ඌට වචනයක් කිව්වෙ නෑ.
බඩගිනිනම් උගේ කෑම එක දෙනවා මෙස් එකේදී. මට දීලා තියෙනවා ඌ පාන්. ඉස්සර කෝස් එකේ දවස තිස්සෙ මහන්සි වුනාම පාන් භාගේ මට මදි. මූ ගාව ඉදගත්තාම උගේ එකෙන් කෑල්ලක් දෙනවා ඌ.
Jungle ගියත්, වැඩක් කළත් ඌ තමා ප්ලැටූන් එක ලීඩ් කලේ. මුලු කෝස් එකටම ටෙරා ගැහුවත් අන්තිම දවස වෙනකම්ම අපිව කවර් කලා ජන්ගල් එකේ දි ඌ.. අපි T 56 අරන් යද්දි ඌ කරට ගත්තෙ වැඩිම බරක් තිබ්බ LMG එක. හිනාවට උගෙ මූණේ තිබ්බ අපට මහන්සි නැති වුනා. මට මතකයි ඌව මට ඩියුටි පොයින්ට් එකකට සෙට් වුණා. 'මචං උඹ නිදාගනින් උඹේ ටර්න් එක මං අදින්නම්, මට මහන්සි නෑ' ඔය තමයි උගේ කථා බහ. කියන්න ගියොත් කෙලවරක් නෑ.
මම මෙඩිකල් රූම් එකේ හිටියා පොඩි අසනීපයක් වෙලා. මූ එක්ක මං ඒ කාලේ එච්චර Fit එකකුත් නෑ. ඒත් මූ හැමදාම මාව බලලා යන්න මෙඩිකල් රූම් එකට එනවා.
නිවාඩු යන්න සල්ලි නැති වුනාම මූ ගාවට ගිහින් මචං මෙහෙමයි කිව්වාම අතේ තියෙන මුද්ද ගලවලා මට දීලා තියෙනවා ගිහින් වරෙන් උඹ ගෙදර ඕක උකස් කරලා. හිතන්න එපා කියලා.
මූට ආදරේ අපි විතරක් නෙවෙයි. අපේ කෝස් එකට සෙට් වුනේ පට්ට වැඩ්ඩො ටිකක්. ධර්මයා, ඉඹුලානයා, නවයා, හලාවතයා, මහවයා, ජා ඇලයා.
උන් මතක ගබඩා. රෙද්ද අපිට උඩට එන්නම බෑ. ඒත් චන්දිමාල් මාර පොරක්. මට මතකයි ඌ උණ හැදුණත් Ground එකට එනවා. ඇවිත් Command කරනවා ගසුත් එක්ක හෙල්ලෙන්න.
ඌ Drill කරනකොට අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තක විතරයි පේන්නෙ. කෝස් එකම කොර කරලා ඌ කෝස් එකේ පලවෙනියා වුනේ සියලුම අධුණික සෙබලුන් අතර සෑම අතින්ම අතිශූර සෙබලා කියන සම්මානය අරන්. ලේසි වැඩක් නෙවෙයි. කොල්ලොම ගාණක් අතර හමුදා පාඨමාලාවක පලවෙනියා වෙනවා කියන එක. අපිට හිතන්නවත් බැරිවුණ දෙයක්. ඒත් ඌ එදා හැමෝවම අභිබවලා ඒ සම්මානය ගත්තා.
අදත් Training School එකට යද්දි උගේ නම බෝඩ් එකේ තියෙනවා. 2011 ආධුණික පාඨමාලාව සෑම අතින්ම අතිශූර සෙබලා Chandimal D.N මම ගිය මාසෙත් දැක්කා ඕක.
Officers ලා පවා ඌගේ දක්ෂතා වලට ඇඹරිලා හිටියෙ.
PT ගියාම උගේ බඩ උඩට බ්ලොක් ගලක් දැම්මත් ගල පැත්තකට වැටෙනවා විතරයි. ඌට තියෙන හයිය ඌම දන්නවා. දවසක් මහරගම සංගීතයක් බලන්න ගියා ඌ එක්ක. කවුද මොනාද කිව්වා විතරයි දැක්කෙ. මූ ගහලා කරලා ඔක්කොම ඉවරයි.
ගහනවා විතරයි දැක්කෙ. ඌ ගැන කියන්න වචන නෑ. ඉස්සර අපි පනාගොඩ ගියාම ඌ ගාවට යනවා. ඌ ගි⁣ටාර් එකත් අරන් වළා.... තීරයෙන් එහා කොහේද ලෝකයක්.
අපි ඩවුන් ඉතින්.
ඌ මියුසික් වැඩ්ඩෙක්. සවුන්ඩ් ඉංජිනියර් කෙනෙක්. කම්පියුටර් වැ⁣ඩ්ඩෙක්. පිසිකල් වැඩ්ඩෙක්. මීටරයක්.
අත ගහන ඕන දෙයක් ඉවර වෙනකම්ම දරාගෙන කරන එකෙක්. නැත්තන් කොලඹ එකෙක් සෑම අතින්ම අතිශූර සෙබලා වෙයි ද ?
දැන් හැබැයි ඌ නෑ.
Kirulapana Dhammawijaya Himi
දැන් උන්වහන්සේ හාමුදුරුවො කෙනක්. දවසක් කිව්වා මහණ වෙනවා බන් මේ ජීවිතේ වැඩක් නෑ. කෙලවර මරණය තියෙන්නෙ බන් කියලා කිලිනොච්චියේදි හම්බවෙලා. ඌ එදා කියපු කතාව මට තේරුනේ නැ. ඌට තේරිලා තිබ්බා.
මං හිනාවුනා විතරයි. තෝ කොහිද අඩෝ මහන වෙන්නෙ.
හැබයි දැන් ? අද තේරෙනවා හාමුදුරුවනේ. එකෙන්ම තේරෙනවා
දැන් මගේ නෝනා, අම්මා තාත්තා උදේට උන්වහන්සේට වැදලා දවස පටන් ගන්නෙ. මට හිතාගන්න බෑ. ඒ කියන ඒවා ඌ කොහින් අවබෝධ කරාද කියලා ? ඒත් ඒ ඇත්ත. අපිත් දවස එනවා මගේ හාමුදුරුවනේ. අපිටත් පාර පෙන්වන්න මේකෙන් සසරෙන් ගැ⁣ලවෙන්න.
දැන් උන්වහන්සේගේ සාසනික වැඩ ටික මම Facebook එකෙන් දැක්කා. ඔබ වහන්සේ මට කතා කරා. ඔබ වහන්සේගේ හැගීම ගැන මට තේරෙනවා අපේ හාමුදුරුවනේ.
මෝඩයන්ට ඒක තේරෙන එකකුත් නැ. ඔබ වහන්සේගේ ගමනට සුභ පතනවා.මම සමීර හාමුදුරුවනේ. බුදු සරණයි.
හැමදාම කල දේවල් මතකයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top