Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"කොහොමහරි මඟුල නතර කරන්න ඕනේ..ඒ දෙන්නා බැන්දොත් ඔක්කොම ඉවරයි.."

- "කොහොමහරි මඟුල නතර කරන්න ඕනේ..ඒ දෙන්නා බැන්දොත් ඔක්කොම ඉවරයි.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,010 Views
රයිසින් ස්ටාර් එක දවසින් දවස ඉස්සරහට ඇදෙද්දි එක එක කතා නිසා තරඟයේ උණුසුම වෙනම පැත්තකට දෝලනය වුනා.තේමිය වුනත් බලාපොරොත්තු වුනේ හොඳින් හෝ නරකින් රේටින්ග්ස් වැඩි කරගෙන වැඩේ හිට් කරගන්න.ඊශා ඇවිල්ලා අගස්තිට බැන්න එකත් එක්කම රටම රයිසින් ස්ටාර් ගැන කතා වෙන්න පටන් ගත්තා.

ඒත් එක්කම අගස්තිගෙයි වින්ඩිගෙයි ආදර පල හිලව්ව නිසා හැදුනු ගොසිප් එක්ක හැමෝම වගේ රයිසින් ස්ටාර් එක දිහාවට අවධානය යොමු කරා.

හැබැයි මේ හැම දේම කණ පිට හරවන දෙයක් ගැන තේමියට අහන්න ලැබුනේ ඔය අතරෙදි.ඒ අගස්තිගෙයි වින්ඩිගෙයි විවාහය..මේක ඇහුව තේමිය දණ්ඩෙන් පහර කෑ නාගයෙක් වගේ කෝපයෙන් ඇවිලුනා.

ඔහු කෙලින්ම ආවේ තමන්ගේ කාමරයට.ඒ එද්දි සමීරට හම්බවුන එළවළු මල්ලේ එළවලු ටික මේසෙ පුරාව විසිරිලා තියෙනවා දැක්කම ඒ කේන්තිය තවත් වැඩිවුනා.සමීර විතරක් නෙවෙයි,ටීනාත් තේමියගෙන් බැනුම් ඇහුවේ ඒ නිසාමයි.

"නෑ සර් මේ තෑගී වගයක් මේ.."

සමීර තවත් මොනවදෝ කියන්න හදද්දිම අගස්ති කතාව නතර කරා.

"මේක අහනවා.දැන් ඔය මඟුල් වැඩක් නෑ..අපිට කරන්න දෙයක් තියෙනවා ",

ටීනා සමීරගේ මුහුණ බැලුවේ ඒ පාර කඩා පාත් වෙන්න යන කරදරේ මොකක්ද කියන වගේ හැඟීමකින්.

"අපි කොහොම හරි අරුන් දෙන්නගේ කසාදෙ නතර කරන්න ඕනේ "

"කාගෙද ? අගස්තිලගෙ ? ",

ටීනා ඇහුවෙ පුදුමයෙන්.

"ඔවු.බලනවා ඇග්‍රිමන්ට් එකේ හරි මොනා හරි තියෙනවද කියලා "

තේමියට ඕන වෙලා තිබ්බේ කොහොමහරි මේක නතර කරන්න.ඒත් සමීරටයි ටීනාටයි හිතා ගන්න බැරිවුනා, ඒකෙන් තේමියට සිද්ද වෙන පාඩුව මොකක්ද කියලා.

"ඇයි මනුස්සයෝ..දැන් අගස්තිගෙයි වින්ඩිගෙයි ලවු අෆෙයාර් එක ගොසිප් එකක්නෙ.එතකොට ඒ ගොසිප් එක නිසා මිනිස්සු රයිසින් ස්ටාර් එක බලනවා.දැන් වැරදිලා හරි උන් දෙන්නා මැරි කරොත් මොකක්ද වෙන්නේ ? ඒ ගොසිප් එක ඉවරයි.එතනින් එහාට ආයේ වැඩක් නෑ "

තේමිය එකින් එක විස්තර කරන්කොට ටීනට වගේම සමීරටත් සිද්ධිය පැහැදිලි වුනා.

අගස්ති සහ වින්ඩිව හමුවෙන්න තේමිය ගියේ ඔය දේත් යටි හිතේ තියාගෙනමයි.නිකන්ම නෙවෙයි..ටීනත් එක්ක.

දෙන්නා හෙමිහිට කතාව පටන් ගත්තා.

"දැන් කවද්ද මචං වෙඩින් එක "

"තාම හරියට දවසක් නෑ තේමිය.මොකද නැකත් නැහැ.කොහොමත් ලබන මාසේ වගේ වෙයි "

වින්ඩි එහෙම කියද්දි තේමිය වගේම ටීනත් කලබල වෙලා මුහුණට මුහුණ බලාගත්තා.

"වට්..නෙක්ස්ට් මන්ත් ? "

"ඔවු..ඇයි තේමිය ? '

තේමිය ටීනා දිහා බලන අතරෙම හෙමිහිට කතාව පටන් ගත්තා.

"නෑ මචං.ඇග්‍රිමන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මැරි කරපු දෙන්නෙක්ට එකට ජජ් බෝඩ් එකේ වාඩිවෙන්න බෑ කියලා .අපි මෙහෙම කරමු.රයිසින් ස්ටාර් එක ඉවර වුනාට පස්සෙ අපි ලොකුවටම වෙඩින් එක ගමු,චැනල් එක ගානේ ස්පොන්සර් කරලා "

අගස්තිව මුරුංගා අත්තේ තියමින් තේමිය කියන්නට වුනා.හැබැයි වින්ඩිට නම් ඒ කතාවට කේන්ති ගියා.

"මොකක්..ඒ කියන්නේ දැන් මේ ඇග්‍රිමන්ට් එකක් නිසා අපිට අපේ වෙඩින් එකවත් ප්ලෑන් කරන්න බැරිද "

වින්ඩි එහෙම කියමින් එතනින් කේන්තියෙන් ගස්ස ගෙන ගියා.

ඇත්තටම දෙන්නගේ වෙඩින් එක නතර වෙයිද..තේමියගේ ඔක්කොම ප්ලෑන් ටික හරියයිද..සතියේ දිනවල හිරු ටීවි "දිවිතුරා" බලන ඔබට මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න පුලුවන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top