ජනප්‍රිය හින්දි නළුවෙකු වන සුශාන්ත් සිං රාජ්පුත් අභාවප්‍රාප්තවී අදට වසරක් සපිරෙනවා. ඒ නිසා ඔහුගේ රසිකයින් සිය සමාජ මාධ්‍ය ගිණුමවල සිය සංවේගය පළ කරමින් සටහන් තබමින් සිටිනවා. මේ වනවිට ට්විටර් සමාජ ජාලය තුළ "SUSHANT JUSTICE MATTERS" Trending වෙමින් තිබීමත් විශේෂත්වයක්. එමෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළත් සුශාන්ත් සම්බන්ධයෙන් බොහෝ සටහන් දැකගත හැකි වනවා.
නිහඩ සිනහවෙන් ලොවක් හඩවා වියකී ගිය පරසතු මල....
ජිවිතයේ සමහර මතකයන් තියෙනවා,
අපි කොච්චර අමතක කරන්න හැදුවත් කිසිම දවසක අමතක කරන්න බැරි...
අපි ඒ වෙලාවට කරන්නේ,
ඒක ලෝක ස්භාවයනේ කියලා හිත හදාගෙන,
සැනසුම් සුසුමක් හෙළන එක....
කෙනෙක් මිය ගියාම හැමදාම එයාගේ මතකය අපිත් එක්ක තියෙනවා.
එයා එක්ක ගත කරපු කාලය, සතුටු උන වෙලාවන්, දුක් උන වේලාවන්,
මේ හැම දේම අපගේ මතකයේ තියෙනවා....
මිය යන එක අපි හැමොටම පොදු දෙයක්..
මතු යම් දවසක අපි හැමොම මේ ලෝකයෙන් සමු අරන් යන්න යනවා...
අන්න එදාට,
අපි කරපු හොද හෝ නරක විතරක් මේ ලෝකය කතා කරනවා...
ආදරණීය කළකරුවානේනි....
එදා මුළු ලෝකයක් නිදි අතරේ,
අපි හැමෝටම හොරෙන් ඔයා සදහටම දෙනෙත් පියා ගත්තා....
තාමත් අපි දන්නේ නැ ,
ඇයි ඔයා අපිව මෙච්චර ඉක්මනින් දාලා ගියේ කියලා...
අපි ඔයාට තියෙන ආදරය නිසාම,
තාමත් අපි පිළි ගන්නේ නැ ඔයා මැරුනා කියලා.
එක අපිට තාම සිහිනයක්.....
එත් අපි මොනවා කියලා කරන්නද..?
ඔයාගේ රසිකයෝ මොනවා කියලා කරන්න ද..?
අපි හරි අසරණයි මිතුරා , අපි හරි අසරණයි...
ඔයාගේ මතකයන් විතරක් මතක් කර කර කර අඩන්න තරම් අපි හරි අසරණයි.....
ජිවිතේ ඔයා නිතරම කීවේ, හිනා වෙලා ඉන්න කියලා නේද ..? එහෙනම් ඇයි,
ඔයාට ඔච්චර ආදරය කරපු අපේ ඇසට කදුලක් ගෙනත් දුන්නේ....
අපි අඩනකොට , අපි දුක් වෙනකොට ,
ඔයාගේ හීනාව නිසා අපි දහස් වාරයක් කදුළු පිහ දාගෙන තියෙනවා.
ඔයා එක දන්නවා ද..?
එදා ඔයාට ප්‍රශ්න කෝටීයක් තියෙන්න ඇති...
ඒ වෙලාවේ, ඔයාගේ එක ප්‍රශ්න අහන්න කවුරුත් හිටියේ නැ කියලා ද..?
ඔයා හිතන්නේ....
නැ
ඔයා එක මොහොතක් ඔයාගේ දුක, ඔයාගේ රසිකයෙක්ට කීවානම්..
පැයක් දෙකක් නෙවෙයි මුළු මාසයක් උනත් එයා එක අහගෙන ඉදී.....
සහොදරයා මේ ලෝකේ හරිම නපුරුයි...
ඔයා අහලා තියෙනවා නේද ...?
හොද මිනිසුන්ව දෙවියෝ ලගට ඉක්මනින් ගන්නවා කියලා.. එක ඇත්ත වෙන්න ඇති,
එකයි මෙච්චර ඉක්මනින් ඔයා අපිව දාලා ගියේ....
ඔයා සදහටම අපෙන් යන්න ගිහින්
අදට අවුරුද්දක් වෙනවා...
එකම එක පැතුමක් පතන්නම්...
ඉපදෙන ආත්මයක් වේනම්,
ඒ කිසිම ආත්මයක අසත් පුරුෂ මිනිසුන් හමු නොවේවා... සත් පුරුෂ මිනිසුන් පමණක් හමුවේවා....
ඉතින් ආදරණීය කලා කරුවානෙනි... අපි අදහන ආගම අනුව මෙසේ පාර්තනා කරන්නම්...
ඔබට නිවන් සුව ලැබේවා....