Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
14
" ඒ තීරණය ගැන අද කිසිසේත්ම තැවීමක් නැහැ..." - මීනා කුමාරී

- " ඒ තීරණය ගැන අද කිසිසේත්ම තැවීමක් නැහැ..." - මීනා කුමාරීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
ලැබුණු විවේකය ඵලදායි ලෙස ගතකරන්න මම උත්සාහ කළා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හැකි වුණා. ඒ, මගේ අම්මගෙන් ගෙතුම් කලාව ඉගෙන ගන්න මේ කාලය යොදවා ගන්න හැකි වුණා.

අම්මා ඉතා අපූරුවට ගෙතුම් කටයුතු කරනවා. අපේ පවුලේ ගැහැනු දරුවන් තුන්දෙනෙක්ම හිටියත් කාටවත් අම්මාගෙන් ගෙතුම් කලාව ඉගෙන ගන්න හැකි වුණේ නෑ. මගේ හිතේ ආසාවක් තිබුණත් ඒ සඳහා අවශ්‍ය විවේකයක් තිබුණේ නෑ. ඒ නිසාම මේ ලැබුණු විවේකය මම ගෙතුම් හදාරන්නට යොදා ගත්තා.

ඒ කියන්නේ ලැබුණු විවේකයේදීත් ඔබ කාර්යබහුලයි ?
බලන්න කියවන්න වෙලාවක් නැතිව හොඳ චිත්‍රපට සහ පොත්පත් ගොඩක් මට මගහැරී තිබූණා. ඉතින් මේ විවේකයෙන් කොටසක් ඒ පොක්පත් පරිශීලනය කරන්න වගේම චිත්‍රපට නරඹන්නත් මං වෙන් කර ගත්තා.

මගේ අම්මා තාත්තා ඉන්නෙත් මගේ ළඟ. වයසත් එක්ක ඔවුන්ට තිබෙන යම් යම් අසනීප නිසා ඒ දෙන්නාගේ වැඩකටයුතුත් පවුලේ අනිත් අයගේ වැඩ කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. එහෙම බලද්දී මේ ලැබුණු විවේකයත් අපේ නිවෙසේ බොහොම කාර්යබහුල ලෙස තමයි ගෙවෙන්නේ.

ඔබ දීර්ඝ නාට්‍යවලට කොටු වෙලා යැයි හිතෙන්නේ නැද්ද ?
වර්තමානයේ නිර්මාණය වන දිගු නාට්‍ය අතර ගුණාත්මක බවින් යුතු හොඳ පිටපත් තිබෙන දීර්ඝ නාට්‍යත් නිර්මාණය වෙනවා. ඒ නිසා මට ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් එයින් ප්‍රේක්ෂකයාට හොඳ රසවින්ඳනයක් ලබා දෙන්න පුළුවන් නම් රංගන ශිල්පිනියක් ලෙස ඒ වගකීම තමයි මට ඉටු කරන්න තිබෙන්නේ. නිර්මාණයකට දායක වීමේදී මම මූලිකවම බලන්නේ පිටපත සහ මට ලැබෙන චරිතයේ ස්වභාවය ගැනයි.

මඟහැරුණු නිර්මාණ පිළිබඳ දුකක් නැද්ද?
ජීවිතේ සමහර වකවානුවලි දී අපට පවුල් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කාලය දෙන්න වෙනවා. දරුවාගේ ජීවිතය ගොඩනඟන්න මවකගේ කැපවීම තිබිය යුතුයි. එවැනි කාලවලදී මඟහැරුණු නිර්මාණ තිබුණත් ජීවිතේ අපෙන් විය යුතු වගකීම් පැහැර අරින්න බැහැ. ඒ කැපකිරීම් අවංකව කළොත් එහි යහපත් ප්‍රතිපලත් අත්විඳින්න පුළුවන්.

ඔබ කලාවට අවතීර්ණ වීමට පෙර ආරක්ෂක අංශයේ සේවය කළා. කලාව වැනි සුන්දර දෙයක් සමඟ එවැනි රළු පරලු දෙයක් එකම චරිතයක් තුළට ගොණු වුණේ කොහොමද?
මගේ පියා ඇතුළු අපේ පවුලට සම්බන්ධ බොහෝ දෙනෙක් හමුදා සේවයට සම්බන්ධ වී සිටියා. විශේෂයෙන්ම මවු පාර්ශ්වයේ ඥාතීන් බොහෝ පිරිසක් යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවෙහිම සේවය කළා. මම හැදුණේ වැඩුණේ ආරක්ෂක අංශවලට සමීප සබඳතා තිබුණු එවැනි පරිසරයක. ක්‍රීඩාවටත් විශේෂ දක්ෂතා මා තුළ තිබුණා. ඒ නිසාම හමුදා සේවයට මම එක් වෙන්නෙත් නිරායාසයෙන්. කාලෙකට පස්සේ මගේ කලා හැකියා ඔස්සේ පෙරට එමින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න මට අවස්ථාව ලැබුණා.

මේ අංශ දෙක දෙපසට විහිදී යන බව ඇත්ත. නමුත් සෑම මෘදු ගැහැනියක් තුළම යම් කිසි දැඩි බවකුත් තිබෙනවා. ඒ දැඩි බව භාවිත විය යුත්තේ වැරදුණු දෙයක් නිවැරදි කිරීමට සහ අසාධාරණයක් සිදුවන විට එය සාධාරණ පැත්තට හැරවීමට. ඒ නිසාම ගැහැනියක් ලෙස ඒ රළු පරලු බවත්, මේ මට සිලුටු බවත් මම එකසේ ජීවිතයට බාරගත්තා. හමුදා සේවයෙන් ඉවත් වෙන්න හේතු වුණේ එහි ඉලක්ක සපුරා ගන්නට මට නොහැකිවෙයි යන හැඟීම නිසා. ඒ තීරණය ගැන අද කිසිසේත්ම තැවීමක් නැහැ.

ඔබේ දියණිය කලා ක්ෂේත්‍රයට එනවට ඔබ කැමැතිද ?
නිවැරදි අවබෝධයකින්, ස්ථාවර පසුබිමක් ඇතිව කලාවේ ඇගේ ගමන ඇරඹෙනවා නම් මම මගේ උපරිම සහාය ඇයට ලබා දෙවා.

කලා ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මේ ගෙවෙන්නේ හෙට දවස ගැනවත් බලාපොරොත්තු තබා ගන්න නොහැකි කාලයක් වුණත් මේ වන විට බාරගෙන තිබෙන නිර්මාණවලට හැකි තරම් සාධාරණයක් ඉටු කරන්නයි මම උත්සාහ කරන්නේ. සෑම මොහොතකම කලා ජීවිතය පිළිබඳ තිබෙන තෘප්තිය මොහොතකටවත් අඩු නොකර ඉදිරියට යන්න මට අවශ්‍යයයි. ඉදිරියටත් හිතට දැනෙන චරිත ඔස්සේ නිර්මාණවලට දායක වන්නත් බලාපොරොත්තු වෙනවා.

කලාව සහ සොබාදහම එකට බැඳී ඇති තිබෙන නිසා සෑම සිතක්ම යහපත් සිතුම් පැතුම්වලින් පිරී මේ උවදුරුවලින් ඉතා ඉක්මනින් මිදෙන්න අප සියලු දෙනාටම හැකි වේවා යන්නයි හෙට දවස වෙනුවෙන් මගෙන් කෙරෙන හෘදයාංගම ප්‍රාර්ථනය.

දිල්රූ ජයසේකර
රසඳුන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top