Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
ගිනිගත් නැවේ අපද්‍රව්‍ය විනාශ කිරීම ගැන තවම තීන්දුවක් නැහැ

- ගිනිගත් නැවේ අපද්‍රව්‍ය විනාශ කිරීම ගැන තවම තීන්දුවක් නැහැHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

441 Views
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදුවු බලපෑම හා හානිය සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමට අමතරව නෛතික කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් අද (14) පැවැත්වීමට  නියමිතයි.
 
ඒ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදීයි.

මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ජීවනෝපාය අහිමිවු ධීවර පවුල්වලට හෙට සිට රුපියල් 5000 දීමනාව ලබාදීමට බලාපොරොත්තු වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ප්‍රකාශ කළා.
 
ඊට අදාල කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
 
මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට සාගර කලාපයට එක්වූ ද්‍රව්‍ය තුළ සාගර ජීවීන්ට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන හානි ඇති කරන අපද්‍රව්‍ය පවතින බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
 
එම අධිකාරිය ප්‍රකාශ කළේ මේ වනවිට නෞකාවෙන් මෙරට සාගර කලාපයට එක්වූ අපද්‍රව්‍ය බහාළුම් 42 ක ප්‍රමාණයක් එක් රැස් කර ඇති බවයි.
 
එම අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙනවා.
 
ඒ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක බලකාය, මධ්‍යම පරිසර අධිකාරිය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ සහභාගීත්වයෙන්.
 
එලෙස එක් රැස් කෙරෙන අපද්‍රව්‍ය තාවකාලිකව ගබඩා කිරීමේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් බලපත්‍ර නිකුත් කර ඇති ආයතනයක් මගින් සිදුකරනු ලබනවා.
 
මධ්‍යම පරිසර අධිකාරියේ රසායන උපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ අපද්‍රව්‍ය වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒවා බැහැර කරන ක්‍රමවේදය තීරණය කරන බවයි.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top