Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
ලොව ජිවත් වීමට සුදුසුම හා නුසුදුසුම නගරය නම් කරයි

- ලොව ජිවත් වීමට සුදුසුම හා නුසුදුසුම නගරය නම් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,599 Views
'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ, ලොව ජීවත් වීමට සුදුසුම නගර ලැයිස්තුව 'ද ඉකොනොමිස්ට්' ආර්ථික සඟරාව විසින් නම් කරනු ලැබ ඇති අතර, එම ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි.

2021 වසරේ ජීවත් වීමට හොඳම නගර ලැයිස්තුගත කර කිරීම සිදුවී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ කළ සමීක්ෂණවලිනුයි . එම සමීක්ෂණ දත්ත අනුව, ලකුණු ලබා දීමක් සිදු කර හොඳම නගර 10 තෝරා ගෙන තිබෙනවා.

'කොවිඩ් 19' වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූ දිනයේ පටන්, ඉතාමත් සාර්ථකව වයිරස ව්‍යාප්තිය පාලනය කරගත් රටක් වන්නේ නවසීලන්තයයි. ඊට හේතුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබා ගනිමින්, නිවැරදි වේලාවේ නිවැරදි තීන්දු තීරණය ගැනීම බවත් සඳහන්.

ලොක්ඩවුන් කිරීම් හරහා රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල වුණත් ආසාදිතයන් සහ මරණ අවම කර ගැනීමට ජැසෙන්ඩාගේ රජය සමත් වුනා. කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසැසුම් නවසීලන්තයට ලැබී තිබෙනවා.

'ඉකොනොමිස්ට්' සඟරාවට අනුව, ජීවත්වීමට හොඳම නගරය ඕක්ලන්ඩ් වෙද්දී, දෙවැනි ස්ථානයට පත් වී ඇත්තේ ජපානයේ ඔසාකා නගරයයි. තෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඇඩෙලේඩ් ය. නවසීලන්තයේ අගනුවර වන වෙලිංටන් සිවුවැනි ස්ථානයට පත් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවර ඇත්තේ ද සිවුවැනි ස්ථානයේයි. වෙලිංටන් සහ ටෝකියෝ සිවුවැනි ස්ථානයට පත් වී ඇත්තේ එම නගර සඳහා සම ලකුණු හිමිවී ඇති බැවින් බවත් සඳහන්.

6 වැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයටත්, 7 වැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයටත්, නැවතත් 8 වැනි ස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයටත් හිමිවී තිබෙනවා.

ලැයිස්තුවේ 9 වැනි ස්ථානයක් නොමැති අතර, සූරිච් නගරයට අමතරව, 8 වැනි ස්ථානයට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ද අයත් වෙයි. 10 වැනි ස්ථානයේ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයයි.

ජීවත් වීමට හොඳම නගර 10 මෙසේ හඳුන්වා දෙද්දී, ජීවත් වීමට කිසිසේත්ම සුදුසු නොවන නගර 10 ද 'ඉකොනොමිස්ට්' සඟරාව විසින් නම් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, අංක 1 ස්ථානයේ සිට පිළිවෙළින් එම ලැයිස්තුවට ඇතුළත් වන්නේ සිරියාවේ ඩමැස්කස්, නයිජීරියාවේ ලාගෝස්, පැපුවා නිව්ගිනියාවේ පෝට් මෝස්බී, බංග්ලාදේශයේ ඩකා, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්, ලිබියාවේ ට්‍රිපොලි, පාකිස්තානයේ කරච්චි, සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ, කැමරූන් රාජ්‍යයේ ඩවුලා සහ 10 වැනි ස්ථානයේ ඇත්තේ වෙනිසියුලාවේ කැරකස් නගරයයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top