කොළඹ වරායට නාවුක සැතපුම් 9.5 දුරින් ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ සිදුවීම හේතුවෙන් මෙරට සමුද්‍ර ජීව සම්පතට එල්ල එල්ල කර ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.
ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි පසුගිය සති එක හමාරක පමණ කාලය ඇතුළත මිය ගිය කැස්බෑවුන් ගේ සිරුරු විශාල ප්‍රමාණයක් නැගෙනහිර වෙරළ තීරයේ තැන් තැන්වල හමුවුණා.
අද උදෑසන තවත් මියගිය කැස්බෑ සිරුරක් දෙහිවල වෙරළ තීරයට ගොඩ ගසා තිබුණා.
මේ පසුගිය දින දහය තුළ වාර්තා වූ 21වැනි කැස්බෑ මරණයයි.
ඊයේ සහ පෙරේදා දෙදින තුළ මියගිය කැස්බෑ සිරුරු දෙකක් ගාලු මුවදොරට ද ගොඩ ගසා තිබුණා.
මෙලෙස මියගොස් වෙරළට ගොඩ ගසා තිබුණු කැස්බෑ සිරුරු වනජීවී දෙපාර්තමේන්තුව රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණ ද ඒ කිසිවකගේ වාර්තා මෙතෙක් මාධ්‍යට හෙළි වී නැහැ.
මේ අනුව මෙම අසාමාන්‍ය කැස්බෑ මරණයන්ට හේතුව මෙතෙක් පවතින්නේ අභිරහසක් ලෙසටයි.