තනියම තෙල් මිල ගණන් වැඩි කිරීමට තරම් තමන්ට පිස්සුවක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසු බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා සත්‍යතාවයෙන් තොර බව එම අමාත්‍යංශය පවසනවා.
හිරු ගොසිප් සිදු කළ විමසීමකදී එහි මාධ්‍ය අංශය කියා සිටියේ, අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
මෙලෙස පළ වූ වාර්තාවල වැඩිදුරටත් දැක්වූයේ, තෙල් මිල ගණන් ඉහළ දැමීම අමාත්‍ය අනුකමිටුවේ අනුමැතිය ඇතිව සිදුකර ඇති බවයි.