ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 7 ක ජල සැපයුම සහ සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සඳහා අතිරේක මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක බැංකුව සූදානම් වනවා.
අදාළ යෝජනාවට ලෝක බැංකු විධායක මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බව සඳහන්.
ව්‍යාපෘතිය මගින් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ජනගහනය වැඩි ප්‍රදේශ ඉලක්ක කරගෙන ජල සැපයුම් සහ සනීපාරක්ෂක සේවා පුළුල් කිරීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.
මෙය ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට එලෙස අරමුදල් සපයන 3 වන අවස්ථාවයි.