Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
“ගමේ සමිතියේ පවුල් 40ට කොරෝනා මරණ 4 යි.. එන්නත් නෑ.. PCR එකක්වත් නෑ” - එන්නත්කරණයේ දිග පෝලිමක්, කුපිත වූ ජනතාව සංචරණ සීමා මැද මහ පාරට එයි - Video

- “ගමේ සමිතියේ පවුල් 40ට කොරෝනා මරණ 4 යි.. එන්නත් නෑ.. PCR එකක්වත් නෑ” - එන්නත්කරණයේ දිග පෝලිමක්, කුපිත වූ ජනතාව සංචරණ සීමා මැද මහ පාරට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,237 Views
“පුටුවකුත් අරගෙන කොහොද ගියේ..?
බෙහෙත් විදින්න ගියේ.. පෝලිම් වැඩියිනේ..”

පසුගිය 5 වනදා සහ 7 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවෙන් පිටවූ වාහනවල තොරතුරු ඇතුළත් සී සී ටී වී දර්ශන, ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කළ, බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් ගාල්ලට පැමිණ එන්නත් ලබා ගැනීමේ සිද්ධියට අදාළවයි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී මෙලෙස කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර, පසුව ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තුළින් දිගින් දිගටම අනාවරණ කළා.

අනතුරුව පරීක්ෂණයක් ආරම්භ කළ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙලෙස සී.සී.ටී.වී. දර්ශන ලබාගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මකවීමේදී රජයේ වෛද්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අතර මතුවූ අනවබෝධය හේතුවෙන් මතුවූ ගැටලු‍ පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවැත්වුණා.

එහිදී එකඟතාව පළ වී ඇත්තේ දෙපාර්ශවයේ පැවති අනවබෝධය නිරාකරණය කොට එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යාමටයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියා.

මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ජනතාව අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් පහලොස් ලක්ෂ 50,000 ක් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවයි.

කොරෝනා මර්දන එන්නත්කරණ කටයුතු ප්‍රදේශ කිහිපයක අදත් ක්‍රියාත්මක වූ අතර මතුගම තඹරැටිය ග්‍රාම සේවා වසමේ ගම්වාසීන්, පවත්නා සංචරණ සීමාවලට අනුගත වෙමින් තම නිවෙස් ඉදිරිපිටට පැමිණ අද විරෝධතාවක නිරත වුණේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත මරණ කිහිපයක් වාර්තා වීම නිසා වහාම එන්නත් ලබා දෙන ලෙස ඉල්ලමින්.

ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද සිදුකෙරුණු අතර එහි දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, වැල්ලවත්ත, මට්ටක්කුලිය, කිරුළපන, ඛෙත්තාරාම සහ පිළියන්දල යන ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 2,426 දෙනෙකු අද සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 86,516 දක්වා ඉහළ ගියා.

රත්නපුර පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් 29 දෙනෙකුද ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 101 දෙනෙකුට අද කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති අතර ඒවායෙහි ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

මේ අතර, කොළඹ නගරය ආශ්‍රිතව ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශවල සහ අතුරු මාර්ග කේන්ද්‍රකරගනිමින් පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය අද විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කෙරුණු අතර දිවයිනේ සියළු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් සඳහා පමණක් අද සහ හෙට දින දෙකේ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලද දින 3කට පසු අද පෙරවරුවේ විවෘත කෙරුණා.

කෙසේ වෙතත් එහි පැමිණි වෙළෙදුන් චෝදනා කළේ එළවලු‍ මිල ගණන් ඉහළ ගොස් ඇති බවටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top