දරු ප්‍රසූතියකින් අනතුරුව සිය බිරිඳවත් ඉන් දින හතරකට පසුව සිය දරුවාව අහිමි කරගත් නවසීලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකීක පියෙකු එම මරණයන් පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.
තම බිරිඳ වන නිලක්ෂානි සිල්වා හදිසි ගිලන් රථ සේවය හරහා ඇයගේ රෝහල් ගත බව ඇයගේ සැමියා විසින් එරට පුවත් පතකට ප්‍රකාශ කර තිබුණේ.
කෙසේ වෙතත් ඇය සෙනසුරාදා උදෑසන මිය ගොස් ඇති බව සඳහන්.
අලුත උපන් දරුවා වන එලිනා ඇයගේ මව මිය ගොස් දින හතරකින් පසුව ජීවිතක්ෂයට පත් වුණා.
අද දිනයේදී ඔවුන් දෙදෙනාගේ සිරුරු භූමදානය කළ බවයි වාර්තා වන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින්, චරිත මීපේගම කියා සිටියේ, තම ජීවිතය මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවයි.
ඉදිරියට කුමක් කළ යුතු ද සම්බන්ධයෙන් ද තමන් සතුව කිසිදු අදහසක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
ඔවුන් සතු සියලු මුදල් වියදම් කර දරුවා වෙනුවෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ මිලදී ගත් බව ද සඳහන්.
34 හැවිරිදි තම බිරිඳ හට පසුගිය සිකුරාදා (11) රාත්‍රීයේ හුස්ම ගැනීමට අපහසු වූ බවත්, එම නිසා ගිලන් රථ සේවය අමතා රෝහල් ගත කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසුවා.
ඊට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුම්දීමට උත්සහ කළ ද නිලධාරිනිය ඊට ප්‍රතිචාර නොදැක්වූ බවයි මීපේගම චෝදනා කරන්නේ.
සිල්වාගේ සෞඛ්‍ය තත්වය වේගයෙන් පිරිහී ගිය හෙයින් පරිපූරක වෛද්‍යවරු ඇයව ගිලන් රථයකින් ඕක්ලන්ඩ් රෝහලට රැගෙන යාමට කටයුතු කළා.
කෙසේ වෙතත් රෝහලට යාමට දරුවා ගිලන් රථයේදීම උපත ලබා තිබුණා.
"වෛද්‍යවරු මට කිව්වා නිෂි ලේ කැටියක් නිසා මිය ගියා කියලා. මට ඒක තේරෙන්නේ නෑ, නිෂි නිරෝගී සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්.. ගර්භණී සමයේදී කිසිදු ගැටළුවක් තිබුණේ නෑ... ගිලන් රථයේදී ඔවුන් කිව්වේ ඇයගේ හදවත නතර වුණ නිසා දරුවාව එතැනදීම ප්‍රසූත කරවීමට සිදු වුණා කියලා.."
"නිෂි මිය යන විට මට ඇය සමඟ බැරි වුණ එක ගැන කණගාටුයි. මට හිතන්න බැරි තරමට මම කලබල වුණා." ඔහු මාධ්‍ය වෙත වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.