Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
“ඇතැම් නිළියන් රට හැර ගියා, තවත් අය අතුරුදහන් වුනා, කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේ සමාව ගත්තා..” - ඇගේ වෛරයෙන් ඇරඹී, වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිංහල සිනමාවේ මෙතෙක් හෙළි නොවූ බිහිසුණු ඇත්ත කතාව..

- “ඇතැම් නිළියන් රට හැර ගියා, තවත් අය අතුරුදහන් වුනා, කිහිප දෙනෙක් ප්‍රසිද්ධියේ සමාව ගත්තා..” - ඇගේ වෛරයෙන් ඇරඹී, වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිංහල සිනමාවේ මෙතෙක් හෙළි නොවූ බිහිසුණු ඇත්ත කතාව..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,280 Views
මේ සියල්ලටම පිළිතුරු දුන්, එකම නිර්භීත යකඩ ගැහැණිය වුනේ
සුමනා ගෝමස් පමණයි...

අවිවාදයෙන්ම වැඩිහිටියන්ට පමණයි සිනමාවේ
නිළි රැජින වුනේ ඇයයි...

සිංහල සිනමාවේ දක්නට ලැබුණු විවිධාකාරයේ රැලි ගැන අපි කතා කරලා තියෙනවා.

රේඛාව හරහා ඇති වුණු දැවැන්ත පෙරළියේ ඉඳන් මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70 දශකයේදීත්, ඉන් පසුවත් හමා ගිය රැලි කිහිපයක්ම අපට හඳුනා ගන්න පුළුවන්.

ඒ අතරින් 90 දශකයේ මැද භාගයේ සිට 2000 දශකයේ මුල් භාගය දක්වා සිංහල සිනමාවේ දක්නට ලැබුණු ප්‍රධානම රැල්ල තමයි වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට කලාව.

මේක ඇතැමුන් කාම රැල්ල ලෙසත් හඳුන්වනවා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ තමයි මේ චිත්‍රපට ප්‍රචාරය වුණේ.

88/89 කාලයේ රටේ ඇතිවුණු කලබලකාරී තත්ත්වය සිනමා කර්මාන්තයට ඉතාම නරක විදියට බලපෑ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ කාලයේදී සිනමා ශාලා කිහිපයක්ම ගිනිබත් වුණා. ඒ වගේම පවුල් පිටින් සිනමා ශාලා වෙතට ගොස් චිත්‍රපට නැරඹීම ජනතාවට අමතක වෙලා යන තරමටම ඒ බලපෑම දැඩි වුණා.

ඔය තත්ත්වය 90 දශකයේ මැද භාගය වන විටත් එතරම් වෙනසක් වෙලා තිබුණේ නැහැ. ඒත් එක්කම රූපවාහිනියත් අපේ ජනතාවට ඉතාම සමීප වෙමින් තිබුණා.

රූපවාහිනිය හරහා පැරැණි ජනප්‍රිය සිංහල චිත්‍රපට වගේම අලුත්ම හින්දි චිත්‍රපට නැරඹීමේ අවස්ථාවත් ජනතාවට උදා වුණා. ඇත්තටම කිව්වොත් ඒ වෙද්දිත් ජනතාව සිනමාවෙන් ඈත් වෙලා තිබුණේ නැහැ. නමුත් සිනමා ශාලාවලින් බොහෝ දුරට ඈත් වෙලා තිබුණා.

ඔය වගේ වටපිටාවක තමයි අපි මේ කතා කරන සිනමා රැල්ලේ පළමු නිර්මාණය වුණු “ඇගේ වෛරය” චිත්‍රපටය තිරගත වුණේ. ඒ 1995 වසරේදී.

ඇත්තටම ඇගේ වෛරය අපේ සිනමා කර්මාන්තයට ගිනි පුළුඟුවක් බවට පත් වුණා. වසර ගණනාවකට පසු සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. ඇගේ වෛරයේ ප්‍රචාරක දැන්වීම් හේතුවෙන් රිය අනතුරු පවා සිද්ධ වුණු බව වාර්තා වුණා.

චන්දි රසිකා තමයි ඇගේ වෛරයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ. ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව විදියටත් චන්දි රසිකා කටයුතු කරලා තිබුණා. කරූ දිසානායක තමයි එහි අනෙක් සම නිෂ්පාදකවරයා වුණේ. තිලක් ජයවීර එහි ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පෙව්වා.

ඇගේ වෛරය අපේ සිනමාවට කරපු බලපෑම කොයිතරම්ද කියනවානම් 1996 වසරේදී ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටය බවට පත් වෙන්නත් එයට හැකි වුණා. 1995 වසරේ අග භාගයේදී ප්‍රදර්ශනය ආරම්භ කළ ඇගේ වෛරය අතිශය ජනප්‍රියත්වයට පත් වෙමින් 1996 වසර පුරාවටම දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වුණා.

ඒ කාලය තුළදී ඇගේ වෛරයට එල්ල වුණු විවේචනත් සුළුපටු නැහැ. එහි ප්‍රධාන චරිතය රඟපෑ චන්දි රසිකාට ඉතා දැඩි විවේචන සමාජයෙන් එල්ල වුණා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන් ඇයට දරාගත නොහැකි බලපෑමක් එල්ල වුණා කිව්වොත් හරි.

ඇගේ වෛරය පළමු චිත්‍රපටයේ උණුසුම මැකී යන්නත් කලින්ම එහි දෙවැනි කොටස සිනමා ශාලා වෙතට පැමිණුනා. ඒ 1997 වසරේ ජනවාරි මාසයේදී. එයටත් හිමිවුණේ අති විශාල ජනප්‍රියත්වයක්. එහිත් අධ්‍යක්ෂවරයා ලෙස ලූවී වැන්ඩස්ට්‍රාටන් කටයුතු කරද්දී, සිංහල සිනමාවේ දැවැන්ත නිෂ්පාදක යුවළක් වුණු සෝනියා සහ සුනිල් ටී. දෙපළ එහි නිෂ්පාදකයන් ලෙස කටයුතු කරලා තිබුණා.

ඇගේ වෛරය දෙවැනි කොටසෙත් ප්‍රධාන නළු නිළියන් ලෙස චන්දි රසිකා සහ තිලක් ජයවීර තමයි රංගනයෙන් දායක වුණේ.

ඒත් ඒ වෙද්දි ඇගේ වෛරය සම්බන්ධයෙන් චන්දි රසිකා විසින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න තත්ත්වයකුත් ඇති වෙලා තිබුණා. ඇගේ වෛරය පළමු චිත්‍රපටයේ නිරුවත් දර්ශන ඇයගේ අවසරයකින් තොරව ඇතුළත් කළ බව තමයි ඇය පවසලා තිබුණේ. ඒ බව නොදැන එහි දෙවැනි කොටස සඳහා ගිවිසුම් අස්සන් කළ බවත් ඇය ප්‍රකාශ කරලා තිබුණා. ඒත් ඒ කිසිවකින් චිත්‍රපටයේ ජනප්‍රියත්වයට බාධා වුණේ නැහැ.

ඒ එක්කම 1997 වසරේ මැද භාගයේදී අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය ගැසූ තවත් චිත්‍රපට දෙකක් ප්‍රචාරණය ආරම්භ කළා. ඒ රාගයේ උණුසුම සහ වියරු ගැහැනියක්. ඇගේ වෛරය පළමු චිත්‍රපටයේ සම නිෂ්පාදකයා ලෙස කටයුතු කළ කරූ දිසානායක තමයි රාගයේ උණුසුම අධ්‍යක්ෂණය කළේ.

සිංහල සිනමාවේ කාම ධේනුව ලෙස අදටත් හඳුන්වන සුමනා ගෝමස් පළමු වරට ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය තමයි රාගයේ උණුසුම. ඇය ඊට පෙර ඇගේ වෛරය දෙවැනි කොටස සඳහාත් රංගනයෙන් දායක වෙලා තිබුණා.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ අපේ රටේ නිර්මාණය වුණු පළමු චිත්‍රපට කිහිපයේම රඟපෑ චන්කි ඉපිලවත්තවත් මෙහිදී අමතක කරන්න බැහැ. ඇගේ වෛරය පළමු කොටස් දෙකට වගේම වියරු ගැහැනියක් චිත්‍රපයටත් ඇය රංගනයෙන් දායක වුණා. ඒත් එතැනින් පසු ඇය ගැන කිසිම තොරතුරක් වාර්තා නොවීමත් විශේෂ කාරණයක්.

1998 වසර අපේ සිනමා වංශ කතාවට සුවිශේෂී වසරක්. අදටත් බොහෝ දෙනකු කතා කරන උදයකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිණි කෙළි චිත්‍රපටය එළි දැක්වුණේ ඒ වසරේදී. ඒ වගේම අපේ රටේ පැතිර ගිය තවත් සිනමා රැල්ලක් ලෙස සැලකෙන ටෙනිසන් බන්දු යුගලයේ විකට සිනමා රැල්ලේ සම්ප්‍රාප්තිය විදියට හැඳින්වන රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටය නිකුත් වුණෙත් 1998දි. ඒත් ඒ සියල්ල අභිභවමින් එම වසරේදී නිකුත් වුණු අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය ගැසූ චිත්‍රපට ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා.

98 වසරට අයත් එම ලේබලය ගැසූ පළමු චිත්‍රපටය වුණේ අක්කයි නංගියි. සුනිල් ටී. ප්‍රනාන්දු තමයි එහි අධ්‍යක්ෂවරයා වුණේ. සුමනා ගෝමස් එහි ප්‍රධාන චරිතය රඟපාද්දි, පළමු වරට එවැනි චිත්‍රපටයක රඟපෑ නීතා කුමාරිත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. එතැනින් පස්සේ ලූවී වැන්ඩස්ට්‍රාටන්ගේ ඇගේ වෛරය 3 චිත්‍රපටය නිකුත් වුණා. එහිත් ප්‍රධාන නිළිය වුණේ සුමනා ගෝමස්.

2000 දශකයේ ආරම්භයත් එක්කම වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිනමා රැල්ල අභිභවා විකට සිනමා රැල්ල ඉස්මතු වෙමින් තිබුණා. ඒත් එතැනින් පසුවත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට කිහිපයක්මත් දැක ගන්න ලැබුණා.

තිසරාවී, ඇගේ වෛරය 04 සහ සළුපට අහසට 02 ඒ අතරට අයත්. ඒ වගේම 2001 වසරේදී තිරගත වුණු එරංග සේනාරත්නගේ ගිනිගත් මදුසමයත් දැඩි කතාබහට ලක් වුණු චිත්‍රපටයක්.

කොහොම වුණත් මේ කාලය වෙද්දි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කලාවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබුණා. ඉංග්‍රීසි චිත්‍රපට අමු අමුවේ කොපි කරන බවට වූ චෝදනාව තමයි ඒ අතරින් ප්‍රධාන. ඒ යුගයේදී වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉංග්‍රීසි චිත්‍රපට වගේම දෙමළ චිත්‍රපටත් අපේ සිනමා ශාලාවල තිරගත වුණා. තමන් නැරඹූ ඉංග්‍රීසි චිත්‍රපටයේම සිංහල කොපිය ඉන් දින කිහිපයකට පසුව නැවත වරක් එම සිනමා ශාලාවේදීම නැරඹීමට සිදුවීමේ අත්දැකීම ඒ කාලේ ප්‍රේක්ෂකයන් කිහිප වරක්ම අත්වින්දා.

ඒත් එහෙමයි කියලා එම චිත්‍රපට රැල්ල නැත්තටම නැති වුණේ නැහැ. චිත්‍රපට රාශියක් ඉන් අනතුරුවත් අතිශයින්ම වැඩිහිටියන් පමණයි ලේබලය යටතේ තිරගත වුණා. අනූෂා සොනාලි, නිලූෂි හල්පිට, තනුජා නිරෝශනී වැනි නිළියන් කිහිප දෙනෙක් තමයි එම චිත්‍රපටවලට ප්‍රධාන නිළියන් ලෙස සම්බන්ධ වුණේ.

ඒ අතර කාලයේදී දැඩි ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපට කිහිපයක් ගැනත් මතක් කළ යුතුයි. ඒ අතරින් එකක් ලෙස සුදේශ් වසන්ත පීරිස්ගේ මමත් ගැහැණියක් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. සමලිංගික කතා තේමාවක් රැගත් එහි ප්‍රධාන නිළියන් ලෙස අනූෂා සොනාලි සහ ගයනා සුදර්ශනී රංගනයෙන් දායක වුණා.

ඒ වගේම සුනිල් ටී. ගේ කාම සූත්‍රත් ඒ අතර තිරගත වුණු දැඩි කතාබහට ලක් වුණු චිත්‍රපටයක්. සුමනා ගෝමස් එහි ප්‍රධාන චරිතය නිරූපණය කළා.

මොන විවේචන තිබුණත් වැහෙන්න ඔන්න මෙන්න තිබුණු සිනමා ශාලා රාශියක් තවත් කාලයක් පවත්වා ගෙන යන්න මේ වැඩිහිටියන් පමණක් සීමා වූ චිත්‍රපට රැල්ල උපකාරී වුණා කියන එක විවාදයකින් තොරව පිළිගත යුතු දෙයක්.

හැබැයි මේ බොහොමයක් චිත්‍රපටවල කලාත්මක අගය පසෙකලා මුදල් ඉපයීම පමණක්ම අරමුණ වෙලා තිබුණා කියන එකත් බොරුවක් නෙවෙයි. ඒ වගේම තව දෙයක්. අපේ රටේ තියෙන සංස්කෘතිය අනුව මේ චිත්‍රපටවල රඟපෑ බොහෝ නිළියන් විවිධ අපහසුතාවයන්ටත් පත් වුණා.

ඇතැම් අය ඒ ගැන සමාව ගත්තා. තමන් නොදැනුවත්මව ඒ දේවල් වුණා කියලා ඇතැම් අය කිව්වා. ඒත් මේ චිත්‍රපට පෙළ අතරින් වැඩිම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණු සුමනා ගෝමස් ඒ හැම ප්‍රතිචාරයකටම යකඩ ගැහැණියක් ලෙසින් පිළිතුරු දුන්නා.

ඇය කිසිම වෙලාවක ඒ දේවල්වලට පිළිතුරු දෙන්න පැකිලුණේ නැහැ. රංගනයේදී වගේම ඒ විවේචනවලට පිළිතුරු දෙන්නත් ඇයට හොඳ ආත්ම ශක්තියක් තිබුණා. ඒ හින්දා වැඩිහිටියන්ට පමණක් සීමාවූ සිංහල චිත්‍රපට කලාවේ නිළි රැජින ලෙස අවිවාදයෙන්ම ඇයව හැඳින්විය හැකියි.

–චන්දන පොන්නම්පෙරුම
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්රට" පුවත්පතේ "හාර්ට්ස්" අතිරේකයෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top