Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
“කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ ගනිද්දි එය ප්‍රතික්ෂේප කරපු අවස්ථා බොහෝමයි. ඒ හැමදෙයක් ඉස්සරහාම මම නොසෙල්වී සිටියා...” - ඇමෙරිකන් ජනාධිපතිගෙ පෞද්ගලික ගුවන් යානයත් අධීක්ෂණය කරපු ලංකාවෙ කෙල්ල නිපුනි...

- “කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ ගනිද්දි එය ප්‍රතික්ෂේප කරපු අවස්ථා බොහෝමයි. ඒ හැමදෙයක් ඉස්සරහාම මම නොසෙල්වී සිටියා...” - ඇමෙරිකන් ජනාධිපතිගෙ පෞද්ගලික ගුවන් යානයත් අධීක්ෂණය කරපු ලංකාවෙ කෙල්ල නිපුනි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,847 Views
“එයාලා මාව අඳුනාගත්තේ ආයතනයේ
පෞද්ගලික ලේකම්වරියක් හෝ ලිපිකාරිනියක් විදිහට...”

ඇය සියල්ල අතදරාගෙන මෙලොවට පැමිණි අපූර්ව ගැහැනු මනුස්සයෙක් නොවේ. නමුත් තක්කයටම කිව හැක්කේ ඇය දැන් සියල්ල එකමිටින් ගෙන ඇති බවයි.

ඇයගේ ප්‍රිය තෙපුල් ආනන්දයම ළඟා කරවන්නෙකි. ප්‍රිය මිත්‍රවරුනි! මේ තරුණ දෝණි, අපේම කෙනෙක්නේ.

එහෙමට කියා ආවේණික ගති ලක්ෂණවලින් තොර ඇය නිරතුරුව පවසා සිටින්නේ, තමන් දෙවියන්ගේ හාස්කම් පිළිගන්නා තැනැත්තියක් බවයි.

අභ්‍යවකාශ විද්‍යාව මැනවින් ප්‍රගුණ කර එහි කෙළපැමිණියද ඒ හා සමානව තමන් පිළිගන්නා දර්ශනය මත ජීවිතය ජීවත් කරන බවද ඇය කියා සිටී.

සමස්ත සමාජය ඉදිරියේ නිර්භයතාව ප්‍රකාශ කරන්නට ඇයට වචන වුවමනාම නැත. ඉඟි බිඟි ප්‍රමාණවත්ය. සමාජයේ බලවත් ආකර්ෂණය ඇය කෙරේම විය යුතු යැයි මම මේ මොහොතේ හඟිමි.

ලොව ප්‍රකට විශ්වවිද්‍යාල රැසකින් විදුනැණ ලැබ ගත්තද ඇතුළාන්තයෙන් තවමත් ඇය මියුසියස් මානවිකාවකි. මියුසියස් මාතාව ජීවිතයේ උපරිම පල නෙළාගැනීම සඳහා වූ ආශාව වඩාත් ලියලා වඩවා තිබිණි. ජීවිතයේ ඉඩ ප්‍රස්තාවන් අඩු බවේ යථාර්ථය සමඟ උරෙන් උර ගැටුණු ඇය ඉන් කම්පා නොවී සිටීමට අතට ගත්තේ ටෙනිස් බෝලයක් සහ බැට්මින්ටන් රැකට්ටුවකි.

“අයියේ මට පර්සනල්ටි එක හදාගන්න උදවු කළේ ක්‍රීඩාව. මම ඕලෙවල් කරද්දි ගොඩක් දක්ෂ ළමයෙක් නොවේ. ඕලෙවල් රිසාල්ට් A B C මික්ස් එකක්. හැබැයි මම ජීවිතය ගැන ඒම් එකක් හදාගත්තේ ඒ කාලේදී” ඇය කියන්නීය.

එය එක්තරා දුරකට වේගවත්ව සිදුවුණු අවදානම් සහිත දුෂ්කර ක්‍රියාවක් ගැන විශ්වාසය තැබීමකි. ඒ සඳහා ඇයට දිරිදෙන්න ඇත්තේ ඇගේ නිදහස, නිහඬතාව සහ තනිකමය.

ප්‍රිය මිත්‍රවරුනි! පත්තරේකට උචිත ලෙස මම ඇය ඔබට හඳුන්වා දෙන්නම්. ඇය තමයි යුගයේ ගැහැනු මනුස්සයා.... ලොව පතළ විද්‍යාඥයන් දස දෙනා අතරේ සිටින අපේ කෙනා. බැරැක් ඔබාමා ඇමෙරිකන් ජනපති සමයේ ගමන්ගත් ගුවන්යානය ඇයගේ අධීක්ෂණය යටතේ පියාසර කරනවා කියා පැවැසීමට මම කැමැත්තෙමි.

සුරඟන කතා කරළියේ කිරුළ පලන් රජු හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කී ලෙස පුද්ගල ජීවිතය යනු තවත් අයකුගේ පෑන් තුඩකින් ලියැවුණු එක්තරා සුරංගනා කතාවකි. ඔහු නිවැරැදිය. මම දැන් මගේ පෑන් තුඩින් අකුරු කරන්නට උත්සාහ ගන්නේ යථාර්ථවාදී පුංචි සුරංගනාවියක් පිළිබඳවය. ඇය පසුවට කියාවි ඇය, එවැන්නියක් බවට පත්වූයේ කෙසේද කියා. එයට ප්‍රථමව අපි ඇය මේ ආකාරයෙන් හඳුනා ගනිමු.

එංගලන්තයේ සුප්‍රකට rolls-royce සමාගමේ ඩිජිටල් තාක්ෂණ අංශයේ ආකෘති කළමනාකාරිනිය ලෙස සේවය කරන විසිඅට වියැති ශ්‍රී ලාංකික තරුණියක වන නිපුනි කරුණාරත්න මෙනෙවිය ඉන්ජිනේරු අංශයෙන් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණයක් ලබාගෙන සිටී.

එංගලන්තයේ we are the city නම් ව්‍යාපෘතිය මඟින් වසර ගණනකට වරක් ලොව පුරා විසිරී ඇති එංගලන්ත සමාගම්වලින් විවිධ ක්ෂේත්‍රයන් යටතේ හොඳම වෘත්තිකයන් තෝරා සම්මානයට පාත්‍ර කරනු ලබයි.

මෙහි විද්‍යා හා තාක්ෂණික අංශයෙන් නැඟීඑන තාරකාව වශයෙන් පුද කරන සම්මානය සඳහා නිර්දේශිත අවසන් නාම යෝජනා 10 අතරට ශ්‍රී ලංකාවේ නිපුනි කරුණාරත්න මෙනෙවිය ද තේරී පත්වී සිටින්නීය.

මෙහි විශේෂත්වය නම් නිපුනි මෙම අංශයෙන් අවසාන නම් යෝජනා 10 අතරට තේරී පත්ව සිටින එකම දකුණු ආසියාතිකයා පමණක් නොව අග්නිදිග ආසියානුවාද වීමයි.

ලක්දිව ඉපිද කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව එංගලන්තයේ brunel විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය.

මෙහිදී ඇය විශේෂතා කිහිපයක්ම දක්වා ඇත. brunel විශ්වවිද්‍යාලයට එතෙක් මෙතෙක් ඇතුළත් වූ ළාබාලතම සිසුවා පමණක් නොව. brunel විශ්වවිද්‍යාලයෙන් අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව හැදෑරීම සඳහා ඇතුළත් වූ සිසුන් 280ක් අතරින් පළමු වසරේ හොඳම ශිෂ්‍යයා බවටද ඇය පත්වූවාය. එම අංශයෙන්ම පශ්චාත් උපාධියද ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවූ එකම සිසුවියද වන්නේය.

ඉන්ජිනේරු අංශයෙන් පශ්චාත් උපාධියෙන් පසු වරලත් ඉන්ජිනේරුවරියක් වශයෙන්ද සුදුසුකම් ලබා ගන්නා නිපුනි, 2015 වසරේදී ලෝකයේ සුප්‍රකට ගුවන් එන්ජින් නිෂ්පාදන සමාගමක් වන කීර්තිමත් rolls royce ආයතනයට උපාධිධාරි ඉන්ජිනේරුවරියක් වශයෙන් බැඳෙයි. ඇය වසර දෙකක් තුළ එහි ප්‍රධාන කළමනාකාරිනියක් ලෙස උසස්වීම් ලබයි. එනම් rolls royce ආයතනය විසින් ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරනු ලබන සියලුම කර්මාන්ත ශාලා ඉදිකිරීමට පෙර උපදෙස් සහ යාන්ත්‍රික සැලසුම්කරණ අංශයේ ප්‍රධාන කළමනාකාරිනිය ලෙසිනි.

වර්තමානයේ ඇය එම ආයතනයේම ඩිජිටල් තාක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර rolls royce ගුවන් එන්ජින් සඳහා කෘත්‍රිම බුද්ධි නිර්මාණය කිරීමේ වගකීමද ඇයට පැවැරී ඇති රාජකාරියකි. ඇය යටතේ සේවකයන් 103 දෙනෙක් සේවය කරති.

මීට අමතරව එංගලන්ත රජය විසින් කාන්තා ව්‍යවසායකත්වය නැංවීම සඳහා පිහිටුවා ඇති gender diversity නෙට්වර්ක් වැඩසටහනට අනුබද්ධ rolls royce ජාත්‍යන්තර ස්ත්‍රී /පුරුෂ සමානාත්මතා වැඩසටහනෙහි මූලාසනයද දැරුවාය.

දැනට එම කටයුතුවලට අමතරව Ivy Tech නමින් තමාගේම ඉන්ජිනේරු ආයතනයක් පිහිටුවීමටද නිපුනි කරුණාරත්න සමත් වී සිටී.

ultrasonic සහ automation යන අංශයන්හි නව සොයාගැනීම් කෙරෙහි කැපවුණු ආයතනයක් වන මෙය විසින් දැනට එංගලන්තයේ ව්‍යාපෘති හතරක් සාර්ථකව සිදුකර ඇත. ඒ අතර එංගලන්ත රජයේ ව්‍යාපෘතියක්ද වේ.

ඇගේ අයිවි ටෙක් ආයතනය ලංකාව තුළද පිහිටුවා ලාංකික තරුණ ඉන්ජිනේරුවන් සහ විශේෂයෙන්ම කාන්තාවන් ඉන්ජිනේරු අංශයට යොමු කිරීමත් ගෝලීය වශයෙන් ලක්දිවට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික ව්‍යාපෘති ලබාගැනීමටත් ඇය බලාපොරොත්තු වෙයි.

නිපුනි කරුණාරත්නගේ පියා සහ සොයුරාද ඉන්ජිනේරු අංශයේ නිරතව සිටින අතර තමාට එකී අංශය කෙරෙහි උනන්දුවක් ඇති වීමට එය හේතු වූ බව ඇය කියයි.

ලක්දිව ඉපිද හැදී වැඩී දාසය වැනි විය වැනි ඉතා ළාබාල වියේදීම බටහිර ලෝකයට අවතීර්ණ වූ ඇය දැන් කාන්තාවන් අතර ඉතා දුර්ලභම අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාවෙන් කෘත්‍රිම බුද්ධි නිර්මාණයටද පය තබා සිටී. එපමණක්ද නොවේ ඒ අංශයෙන් එංගලන්තයේ හොඳම ඉන්ජිනේරුවරිය වශයෙන්ද සම්මානයට පාත්‍ර වීම සඳහා ඉහළම නාම යෝජනා 10 අතරටද තේරී පත්වී සිටින්නීය.

“මම 1992 දෙසැම්බර් මාසයේදී මෙලොව එළිය දුටුවා. මගේ ගම සීදුව, ගනේපොළ. පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයෙන්. මගේ පියා විධායක ඉන්ජිනේරුවරයෙක්. ඔහු නමින් ලක්ෂ්මන් කරුණාරත්න. මගේ මව අශෝකා තන්තිරිවත්ත. මම ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරද්දී පියා රැකියාව කළේ ඩුබායි නගරයේ. ඒ නිසා මම අධ්‍යාපනය ලබන්න ඩුබායි නගරයට පැමිණියා. මගේ එකම සහෝදරයා කේශාන්ත කරුණාරත්න. ඔහුත් ඉන්ජිනේරුවරයෙක්. ඩුබායි රටේ ඉගෙන ගත්තත් මම ලංකාවේ මියුසියස් විද්‍යාලය හරහා තමයි විභාගවලට පෙනී සිටියේ. එයට හේතුව වුණේ ඩුබායිවල අධ්‍යාපන මට්ටම ගැන අපට සෑහීමකට පත්වන්නට නොහැකි වීම. කලින් කිව්වා වගේ මගේ අපොස සාපෙළ ප්‍රතිඵල සාමාන්‍යයයි. ඔය කාලසීමාවේදී මම වැඩිපුර විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවුණා. විශේෂයෙන් ක්‍රීඩාවට. මගේ මවුපියන් විශ්වාස කළේ මම වෘත්තීයමය ලෙස ක්‍රීඩිකාවක් වෙයි කියලා. අවසානයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරාවි කියලා. ක්‍රීඩාවෙන් මම වැඩි කැමැත්තක් දැක්වූයේ ටෙනිස් සහ බැට්මින්ටන්වලට. අද වෙද්දි මම විශ්වාස කරනවා ක්‍රීඩාව මනා පෞරුෂත්වයක් ගොඩනඟාගන්න මට උපකාරි වුණා කියලා. ජීවිතයේ අභියෝගවලට මුහුණදීම ක්‍රීඩාව නිසාම මට බොහොම පහසු කරුණක් වුණා. මම අපොස සාපෙළ විභාගයට මුහුණ දුන්නේ වයස අවුරුදු 13දී. පෙර සඳහන් කළ පරිදි මගේ සොහොයුරා මැකැනිකල් ඉන්ජිනියරින් ඉගෙන ගන්න විදේශ ගත වුණා. මටත් ඇත්තටම ලොකු වුවමනාවක් සහ ආශාවක් තිබුණා පිටරටකට ගිහින් ඉක්මනින් ඉගෙන ගන්න. ඒ හින්දම මම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැතුව අවුරුදු 2ක් ගතවන ඉන්ජිනියර් ෆවුන්ඩේෂන් විභාගය එක් අවුරුද්දකින් නිම කළා. ඒ හැරියට් පෝට් විශ්වවිද්‍යාලය හරහා. ඒ විශ්වවිද්‍යාලය මහා බි්‍රතාන්‍යයේ එහෙම නැත්තනම් එංගලන්තයේ විශ්වවිද්‍යාලයක්. මම විභාගවලට පෙනී සිටියේ හැරියට් පෝට් විශ්වවිද්‍යාලයේ ඩුබායිවල පිහිටි ශාඛාව හරහා. එහිදී මම A – 3, B – 1 විදිහට විශිෂ්ට සමත්කමක් දැක්වූවා. ඔය වෙද්දී මට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්න අවස්ථාව උදාවෙලයි තිබුණේ. නමුත් මම 2009 වර්ෂයේදී බෘෘනල් විශ්වවිද්‍යාලයට බැඳෙනවා. ඒ වෙද්දිත් මට වයස අවුරුදු 16යි. බි්‍රතාන්‍ය නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු අයට ඒ රට තුළ තනිවම නැවතිලා අධ්‍යාපනය ලබන්න අවස්ථාව හිමිවන්නේ නැහැ. එම අවස්ථාව මට ලැබුණේ විශේෂ අවසරයක් හරහා. මම විෂයක් විදිහට හැදෑරුවේ අභ්‍යාවකාශ විද්‍යාව. ඒ වසරේ මගේ ක්ලාස් එකේ ඒ විෂය හදාරන්න සුදුසුකම් ලබපු සිසුන් 280ක් හිටියා. දෙවැනි අවුරුද්දේදී ඉතිරි වුණේ සිසුන් හැට දෙනෙක්. ඒ හැට දෙනා අතරේ ගැහැනු සිසුවියන් සිටියේ තුන්දෙනයි. ඒ තිදෙනා අතරිනුත් දෙන්නෙක් වෘත්තීයමය විදිහට හැදෑරුවේ ඉන්ජිනේරු විද්‍යාව. අභ්‍යවකාශ විද්‍යාව හදාරන්න හිටියේ මම විතරයි. නමුත් අවාසනාවකට අවසන් වසරේදී ඔවුන් දෙදෙනත් අඩු ලකුණු මට්ටමකට පැමිණියා. අන්තිමට මම විතරයි ඉතිරි වුණේ. ඒ වෙද්දි මම විශ්වවිද්‍යාලය තුළ දෙවරක් බැජ් ටොප් වුණා. ඒ නිසා මම ලබාගත් ලකුණුවල ප්‍රගතිය සලකලා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මට අවස්ථාව ලබාදුන්නා මාස්ටර් ඩිග්‍රියක් කරන්න. මම විශ්වවිද්‍යාල ජීවිතය තුළදී විශාල අත්දැකීම් ලබාගත්තා. විශ්වවිද්‍යාල පරිපාලනයට සිසුන්ගේ ගැටලු යොමු කළේ මම.”

නිච්චියටම ඇයට කිසිදු ආකාරයකින් එංගලන්ත සමාජය සමඟ ඒකාබද්ධ වීමේ ආශාවක් නොමැති වුවද ලංකාවෙන් පැමිණි දින සිට ඇය කල්ගෙව්වේ එංගලන්තාවියක් ලෙසය. නමුත් ඇය එංගලන්ත සංස්කෘතිය තුළ දිය වී තම ලාංකේය අනන්‍යතාව අහිමිකර ගැනීමට පෙලැඹුණේ නැත. ක්ෂිතිජය සමඟ අහස මිශ්‍ර වූවා සේ කිසියම් සීමාවක සිටියද මේ විසල් දේශය පිළිබඳ ගෞරවය කිසිසේත් ඇය එකමිටකට නොගත්තේ දලු ලා වැඩෙන්නට තමන්ට ලබාදුන් පස්ගෝ රස පිළිබඳ පැහැදීමක් තිබූ නිසාය. නමුත් යම් අශ්ශීල ග්‍රාම්‍යත්වයක්ද ඇය එංගලන්ත සමාජය තුළින් නොදුටුවාම නොවේ.

“ඊට පසුව මම ලෝකයේ නව සොයාගැනීම පිළිබඳ ඇමෙරිකාවේ පිහිටි රිසර්ච් සෙන්ටර් එකට සම්බන්ධ වුණා. ඒ ආයතනය ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල රැසක එකමුතුවකින් බිහි වූ ආයතනයක්. මම ඒ ආයතනය එක්ක අවුරුද්දක් වැඩ කළා. ඒ වෙද්දි මගේ මාස්ටර් විභාගයත් අවසන්. මට වුවමනා වුණේ නාසා ආයතනය හෝ rolls royce සමාගමට බැඳෙන්න. එය මගේ හීනයක්. මෙම ආයතන දෙක එක් වර්ෂයකදී සමස්ත ලෝකයෙන් ඉල්ලුම්පත්‍ර ලක්ෂ දෙකකට නොවැඩි සංඛ්‍යාවක් ලැබෙනවා. ඒ ඉල්ලුම්පත්‍ර අතරින් 1000ක් පමණයි සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්නේ. ඒ දහස අතරිනුත් රැකියා අවස්ථා ලැබෙන්නේ එක් වර්ෂයකදී අසූවකට පමණයි. ඉන්ජිනේරු වෘත්තියට අදාළව 50 _ 60ත් අතර පිරිසක් 2013 වර්ෂයේදී මට rolls royce සමාගමෙන් අවස්ථාව උදා වුණා නිෂ්පාදන අංශයේ කොටසක් වුණු අලුත්වැඩියා අංශයට සම්බන්ධ වෙන්න. සමාගම නිෂ්පාදනය කරන ගුවන් යානා එන්ජින් බොහොම සංකීර්ණයි. ඒ සංකීර්ණ බව නිසාම අලුත්වැඩියාව සඳහා වැඩි කාලයක් මිඩංගු කළ යුතුයි. අලුත්වැඩියා කටයුතු සිදුකරද්දී මෙම විෂය ගැන විශාල ප්‍රායෝගික අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්න හැකිවුණා. බොහොම කෙටි කාලයකින් සමාගමට අලුතින් එකතු වන සේවකයන්ට තාක්ෂණික දැනුම ලබාදෙන තත්ත්වයට මං පත්වුණා. අප සමාගම සමඟ ගනුදෙනු කළේ බි්‍රටිෂ් එයාවේස් වගේ දියුණු ගුවන්සේවා සමාගම්. ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම ගුවන්යානා සියල්ල පාහේ මගේ අධීක්ෂණය යටතේ තමයි ගුවන් ගත වුණේ. උදාහරණයක් විදිහට ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා භාවිත කළ ගුවන්යානයත් මගේ අධීක්ෂණය යටතේ තමයි අලුත්වැඩියාවට ලක්වුණේ. එම ගුවන් යානය ඇමෙරිකන් ආණ්ඩුවට අයත් සුවිශේෂ ගුවන් යානයක්. මගේ කස්ටමර් ස්ර්විස් පැත්ත ගැන පැහැදීමක් ඇති කරගත්ත සමාගම ඒ විෂය මට භාර දුන්නා. ඊට අමතරව විශේෂ රාජකාරියක්, ඒ කියන්නේ ගුවන්යානයක එක කොටසක් අකර්මණ්‍ය වුණොත් ගුවන්යානය පියාසර කිරීමේදී කඩාවැටීමට වැඩි අවදානමක් තිබෙන විටෙදී ඒ අකර්මණ්‍ය කොටස අලුත්වැඩියාව සඳහා භාර දුන්නේ මට. අවුරුදු 5 _ 6ක් තිස්සේ මම ඒ වගකීම තමයි ඉටු කළේ. දැනට මාස කිහිපයකට පෙරාතුව මට නව තනතුරක් ලැබුණා. ‘ඩිජිටල් ටෙක්නොලොජි මැනේජර්’ කියලා. සමාගම මට එම තනතුර හරහා පවරපු වගකීම තමයි කෘත්‍රිම බුද්ධියකින් යුතු ගුවන්යානයක් නිර්මාණය කිරීම. විශේෂයෙන් ගුවන්යානා එන්ජිමක්. එවැනි ගුවන්යානා එන්ජිමක් නිර්මාණය කළ පසු ඒ එන්ජිමට හැකිවේවි ගුවන්යානයේ අඩුපාඩු යම් යම් අකර්මණ්‍යතා තමුන්ටම සකසා ගන්න.”

“මේ හැමදේම සිදුවන අතරේ මට මුහුණ දෙන්න සිදුවුණු අභියෝග බොහෝමයි. විශේෂයෙන් දකුණු ආසියානු කාන්තාවක් වීම නිසා. අනෙක් කරුණ මම ඉතා අඩු වයසින් තමයි වෘත්තීයමය තත්ත්වයට පත්වුණේ. මම යම් කරුණක් මට වඩා වැඩිමහල් කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ ගනිද්දි එය ප්‍රතික්ෂේප කරපු අවස්ථා බොහෝමයි. ඒ අය හිතුවේ මම ඉන්දියානු සම්භවයක් තිබෙන කාන්තාවක් කියා. මම අතිවිශේෂ සාකච්ඡා මෙහෙය වන්න පැමිණෙනකොට බහුතරයක් දෙනා මාව එකඑල්ලේ අඳුනාගත්තේ ආයතනයේ පෞද්ගලික ලේකම්වරියක් හෝ ලිපිකාරිනියක් විදිහට. මං මේ අභියෝග ඉදිරියේ නොසෙල්වී සිටියා.

2019 අවුරුද්දේදී මගේම සමාගමක් ආරම්භ කළා. එම සමාගම නව සොයාගැනීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නක්. ඒ සඳහා මට ආධාර කළේ යුරෝපා කොමිසම. ඇමෙරිකා එක්සත් ජනපද රජයත් මට උදවු කළා. මේ වෙද්දී මගේ සමාගමේ සිටින්නේ සේවකයන් පස්දෙනෙක් පමණයි. මට වුවමනායි ඒ සමාගමේ ශාඛාවක් ලංකාවේ පිහිටුවන්න. මට විශාල විනිමය ප්‍රමාණයක් ලංකාවට රැගෙන ආ හැකියි. යුරෝපා කොමිසමට සම්බන්ධ සෑම රටක්ම මට උදවු කරන්න කැමැත්තෙන් ඉන්නේ. හැබැයි මම කැමැති නිර්දේශපාලනික විදිහට මේ වැඩකටයුතු සිදුකරන්න. ලංකාව තුළ සුවිශේෂී දක්ෂතා ඇති අය ඉන්නවා. ඒ අය සමාජ ගත කළ යුතුයි. ඉන්ද නොනැවතී ලෝකයට රැගෙන යායුතුයි. ලංකාවේ විශ්වවිද්‍යාලවල අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හෝ විෂයක් නොමැති වුණාට ඉන්ජිනේරු විද්‍යාව අතින් අපේ විශ්වවිද්‍යාල ලෝකයේ අනෙකුත් විශ්වවිද්‍යාලවලට වඩා ඉහළිනුයි සිටින්නේ. මම කැමැතියි ලංකාවේ විශ්වවිද්‍යාල සමඟ මගේ දැනුම බෙදාහදා ගන්න. ලංකාවේ විශ්වවිද්‍යාල මම සහ ඒ ආයතන අතර පරතරයක් තබාගන්න උත්සාහ ගන්නවා විනා ඒ පරතරය පුරවන්න උත්සාහ ගන්නේ නැහැ. මම සාමාන්‍ය ලාංකිකයෙක්. ආගමට දහමට ගොඩක් ළැදි කෙනෙක්. අපෙන් පිට සිට අපව පාලනය කරන දේවල් පිළිබඳ මම විශ්වාස කරනවා. බෞද්ධ දර්ශනය එවැන්නක්. උදාහරණයක් විදිහට මම විශ්වවිද්‍යාල ජීවිතයේ තුන්වැනි වසරේ විභාගයට මුහුණදෙන්න තිබියදී කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියා. ඒ කාල සීමාව තුළ මට ඩෙංගු රෝගය වැලඳුණා. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න සිදුවුණා. නැවත වරක් දවස් 3ක් ඇතුළත විදේශ ගත වෙලා අවසන් විභාගයට පෙනී සිටිය යුතු වුණා. වෛද්‍යවරු පවා විශ්වාස කළේ නැහැ මට එය කළ හැකි වේ යැයි කියා. ඒ 2014 අවුරුද්දේ මුල. අම්මා විශාල වශයෙන් බාරහාර වුණා. බොහොම අඩු වයසින් විදේශ ගත වෙලා තනිවම අධ්‍යාපනය ලබන්න සිදුවුණු නිසා ඇතිවුණු ගැටලුවලදී බෞද්ධ දර්ශනය නිවැරැදි තීරණ ගන්න මට මඟපෙන්වූවා.”

ඇයගේ කතාව කිසිසේත් අවසන් වන යමක් නොවේ. එහි තිත්, කොමා ඇතත් කිසිසේත්ම විරාම ලකුණක් නම් නොවේ. ප්‍රිය මිත්‍රවරුනි, දැනට අපි මෙම දිරිය දියණියගේ කතාව මෙලෙස අවසන් කරමු. නොවරදවාම එය නැවත අකුරු කරන අරමුණින්.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා

Hiru News




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top