කොරෝනා වෛරසය ආසාදනයවී ඉන්දියාව තුළ පමණක් මේ දක්වා වෛද්‍යවරුන් 719 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා.
එරට සෞඛ්‍ය වාර්තා උපුටා දක්වමිනුයි විදෙස් මාධ්‍ය මේ බව කියා සිටියේ.
මෙම මරණ 719 දෙවන කොරෝනා රැල්ල ආරම්භ වූ දිනයේ පටන් සිදුව තිබීමත් විශේෂත්වයක්.
එහිදී වැඩිම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ, බිහාර් ප්‍රාන්තයේයි.
එම සංඛ්‍යාව 111 ලෙස දැක්වෙනවා.
එමෙන්ම දිල්ලියේ 109 දෙනෙකුත්, උත්තර ප්‍රදේශයේ 79 දෙනෙකුත් ජීවිතක්ෂයට පත් වුණා.
තව ද බටහිර බෙංගාලයේ 63 දෙනෙකුත්, රාජස්ථානයේ 43 දෙනෙකුත් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 29,359,155 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 367,097ක්.
තවද පුද්ගලයින් 27,911,384 දෙනෙකු පූර්ණ සුවය ලැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.