ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ යනු ඇති. එහි නව මිල වන්නේ රුපියල් 157ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 23කින්.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීරයක නව මිල රුපියල් 184ක් වනවා.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් වැඩි වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ යනවා.
මෙම මිල සංශෝධනය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111ක් වන අතර සුපර් ඩීසල් ලීරයක් රුපියල් 144ක් වනු ඇති.
භූමිතෙල් මිල ද රුපියල් 7කින් ඉහළ යන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 77ක්.
මේ අතර මෙම මිල ගණන්වලට සමාන වන ලෙසට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේ ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනු කමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති බවයි.
වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 33,100ක් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.