2021, ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්වේ අවසන් තරගයේ සිව් වන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.
ඔහුට සිය ලෝකඩ පදක්කම තත්ත්පර 0.001කින් අහිමි වූ බවයි ක්‍රීඩා වාර්තා කියා පවසන්නේ.
එහිදී ඔහු තරගය නිම කිරීමට තත්ත්පර 10.16ක කාලයක් ගත කළා.
ඩයමන්ඩ් ලීග් තරගාවලියකදී ශ්‍රී ලාංකීකයෙකු මෙවැනි දක්ෂතාවයක් පෙන්නුම් කළ පළමු අවස්ථාව ද මෙය වනවා.