Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
“ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ ඔවුන් ඇයට සේලයින් බිඳක් පවා ලබා දුන්නේ නැහැ - වේදනානාශක සහ නිදි පෙති නිසා කෑම ගිල දැමීමටත් බැරිවුණා...” - වීසා නැහැ කියලා ජපානෙදි හිර කළ, ලංකාවේ තරුණිය සඳමාලීගේ මරණය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

- “ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ ඔවුන් ඇයට සේලයින් බිඳක් පවා ලබා දුන්නේ නැහැ - වේදනානාශක සහ නිදි පෙති නිසා කෑම ගිල දැමීමටත් බැරිවුණා...” - වීසා නැහැ කියලා ජපානෙදි හිර කළ, ලංකාවේ තරුණිය සඳමාලීගේ මරණය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,693 Views
“මගේ දුවට ඔවුන් සැලකුවේ සතෙකු ලෙසයි.
සතුන් පවා මීට වඩා හොඳ රැකවරණයක් ලබනවා !!”

ශිෂ්‍ය වීසා මත ජපානයේ නගෝයා නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික යුවතියක් සංක්‍රමණිකයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයකදී දැඩි කුසගින්නෙන් පෙළෙමින් සිට ආහාර ඉල්ලමින් සිටියදී මියගොස් තිබූ ඉපැරණි ප්‍රවෘත්තිය ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් පෙළුෑ ඛේදවාචකයක් බවට පත්වුණා.

එය ක්‍රමයෙන් බොහෝ දෙනෙකුට අමතකව යද්දී, ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි මේ...

අපේ සදමාලී දුක්ඛිත ලෙස මිය ගියාය.!
========================
නම - විශ්මා සදමාලී රත්නායක
වයස -33
මියගිය ස්ථානය -නාගෝයා රැඳවුම් කඳවුර. ජපානය
අවුරුදු 15 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ රැකියා විරහිත අනුපාතය සියයට

26.4 ක් වූ ශ්‍රී ලංකාව වැනි ණය බරින් පිරුණු රටක සිය දුගී චක්‍රයේ අවසානය දැකීමට රටෙි බොහෝ තරුණ තරුණියේ තෝරා ගනු ලබන්නේ විදේශ රැකියාවක අවස්ථාවය. අසරන බවෙි පතුලේම හිදිනා අයට මැද පෙරදිග ඇතිය. යන්තමි හුස්ම ගත හැකිවුන් තෝරනු ලබන්නේ යුරෝපය, කැනඩාව,එක්සත් ජනපදය, ඔස්ට්‍රෙිලියාව,ජපානය හෝ අවම වශයෙන් දකුණු කොරියාවය.

කඩවත පදිංචි සදමාලිටත් උසස් පෙල සමත්වූ පසු තිබුනේ එවැනි සිහිනයකි.

යන්තම් හුස්ම ගැනීමට සිය පරිසරය තුල හැකි නිසා ඇය තෝරා ගත්තේ දෙවැන්නය.

සිය සිහිනය සැබෑවක් කිරීමට සදමාලී රත්නායක 2017 දී ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ජපානයට ඇතුළු වී තිබේ.

ජපානයේ උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යනවා වෙනුවට හොඳ වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීමට ඇය බලාපොරොත්තු වූවාය. කෙසේ වෙතත්, ජපානයේ ශිෂ්‍ය වීසා බලපත්‍රවල සිටින අයට සතියකට පැය 28 ක් පමණක් වැඩ කළ හැකි බැවින් ස්ථිර රැකියාවක් ලබා ගැනීම ඇයට අපහසු විය.

ඇය ජපානයේදී සරනාගතයෙකු ලෙස රැදී සිටීමට ඉල්ලුමි කලේ එබැවිනි. ජපාන රජය ඇගේ ඉල්ලුමි පත්‍රය ප්‍රතික්ෂේප කලේය.

පසුගිය අගෝස්තු මාසයේදී ඇය පොලිසියට පැමිණිලි කිරීමට උත්සාහ කළේ ඇය ජීවත් වන නගරයේ තරුණයෙකු දිගින් දිගටම හිරිහැර කළ නිසාය.

පොලිසිය සඳමාලිගේ පැමිණිල්ල නොසලකා හැර,කල්ඉකුත් වූ ශිෂ්‍ය වීසා බලපත්‍රයේ රැඳී සිටීම නිසා ඇයව අත්අඩංගුවට ගෙන නාගෝයා රැදවුමි කදවුරේ. සිරගත කළේය.

ඇයට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මුදල් ගෙවීමට නොහැකි වූ අතර, ඇය අපරාධකරුවෙකු ලෙස සලකා ඉතා කුඩා කාමරයකට කොටුකර මාස හතක් තිස්සේ කුරිරු කොන්දේසි යටතේ රඳවා තබා තිබුනි.

ජපානයේ ශ්‍රමිකයින්ට සහ සරණාගතයින්ට ආධාර සපයන STARTනැමති ආධාරක කණ්ඩායම කියා සිටියේ සදමාලී පසුගිය.දෙසැම්බර් මාසයේ පටන් රෝගාතුර වූ අතර රුධිර වමනය සමග රුධිරය පිටකල බවයි.

ජනවාරි වන විට ඇයට ඇවිදීමට නොහැකි විය.රෝද පුටුවෙන් පමණක් යා හැකි තරම් දුර්වල වූවද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඇයට මුදල් නොමැතිවිය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇයට තාවකාලික නිදහස ලබා දෙන ලෙස ජපාන ආධාර සපයන්නන් කළ ඉල්ලීම් රැදවුමි කදවුර නෙතකා හැරියේය.

සදමාලී ඇයට දැඩි අසාධ්‍ය තත්වයක් තිබියදීත් සිය දිනපොතේ මෙසේ ලීවාය.

“මට කන්න බැහැ. පණ නෑ. ඔවුන් පවසන්නේ එය ආතතිය නිසා බවයි. මා ඔවුන්ගේ භාරයේ සිටින බැවින් ඔවුන් මාව රෝහලකට ගෙන යන්නේ නැත. අනේ මට මට සුවය ලබා ගැනීමට කවුරැ හරි උදවු කරනවානමි.....‘‘

එහෙත් ඇයව බෙිරා ගැනීමට මේ පෘතුවියේ කිසිවෙක් සිටියේ නැත. සිය සිහින සමග සදමාලී පසුගිය මැයි මස පාලු සිර කුටියේ මිය ගිය අතර මැයි 16 කිසිදු චෝදනාවක් නොලබාම ජපාන රජය මැයි 16 දා සදමාලීව ආදාහනය කර දැමීය.

මරණයෙන් පසු ඇගේ සොයුරිය කියා තිබුනේ

“මගේ සහෝදරිය මිය යන විට ඇගේ කටට කෑම ටිකක් දැමීමට මම උත්සාහ කළා. එහෙත් ඇයට අධික මාත්‍රාවකින් යුත් වේදනා නාශක සහ නිදි පෙති ලබා දී ඇති අතර ගිල දැමීමට නොහැකි විය. ඇයගේ ජීවිතයේ අවසාන දින කිහිපය තුළ ඔවුන් ඇයට සේලයින් බිදක් පවා ලබා දුන්නේ නැහැ"

රිද්මා හරහා සමාජවාදී ලෝක වෙබි අඩවියට කතා කල සඳමාලිගේ මව මෙසේ පැවසා තිබිනි:

“මගේ දුවට ඔවුන් සැලකුවේ සතෙකු ලෙසයි. සතුන් පවා මීට වඩා හොඳ රැකවරණයක් ලබනවා ‘‘

තරුණියගේ මරණයට හේතු වූ කරුණු පැහැදිලි කරන ලෙසත් ඇය රඳවාගෙන සිටියදි දර්ශන ගතකල සීසීටීවී කැමරා දර්ශන මුදාහරින ලෙස සඳමාලිගේ ඥාතීන් ජපාන අධිකරණ අමාත්‍ය යෝකෝ කමිකාවාගෙන් ඉල්ලා තිබුනද. රාජ්‍ය ආරක්ෂාව අඩපණ කරන බවත් ඉන් තරුණියගේ “ගෞරවය” පාවා දෙන බවත් විකාර සහ නරුම හේතුන් මත ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. රිද්මා , සදමාලිගේ සොයුරිය පැවසුවේ ඇගේ සහෝදරියගේ සිරුර මහලු පුද්ගලයෙකුගේ සිරුරක් සේ පෙනුන බවයි.

2007 සිට ජපානයේ අත්අඩංගුවේ දී මියගිය 18 වන සංක්‍රමණිකයා සඳමාලි වන අතර, පසුගිය මාස 13 තුළ රැඳවුම් මධ්‍යස්ථානයක දී මියගිය සිව්වන පුද්ගලයා ද වේ.

2019 දී ජපානයේ කරන ලද සරණාගත අයදුම්පත් 10,375 න් අනුමත කර ඇත්තේ 44 ක් පමණි. COVID-19 පුපුරා යාමට පෙර, ඔසාකා, නාගසාකි සහ ඉබරාකි ප්‍රාන්තය ඇතුළුව මධ්‍යස්ථාන 16 ක සංක්‍රමණික කම්කරුවන් 20,000 ක් සිරගත කර ඇතැයි ගණන් බලා තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ ටෝකියෝහි එහි තානාපති කාර්යාලය සඳමාලිගේ ජීවිතය බේරා ගැනීමට කිසිවක් නොකළ අතර, ඇයගේ අමානුෂික සැලකීම ගැන විරෝධයක් මතු කිරීම හෝ ඇය මිය ගියේ කෙසේද සහ ඇයි යන්න ජපාන රජයට පැහැදිලි කරන ලෙස හෝ ඉල්ලා සිටීයේ නැත.

ශ්‍රි ලංකාවේ නිහඩතාවය අහම්බයක් නොවේ. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල පාලක ප්‍රභූන් මෙන්, ශ්‍රී ලංකාව විදේශයන්හි සේවය කරන සිය පුරවැසියන්ගේ සූරාකෑම වලක්වාලීමට කිසිවක් කිරීමට කැමති නැති අතර, එම නිසා ශ්‍රී ලංකාවට නැවත ගලා එන ඩොලර් මිලියන ගණනක විදේශ ප්‍රේෂණයන් කඩාකප්පල් කර ගැනිමට ඔවුහු අකමැතිය.
=======================
උපුටා ගැනීමේ සියලු ගෞරවය සමාජවාදී ලෝක වෙබි අඩවියටයි
https://www.wsws.org/en/articles/2021/06/07/immi-j07.html
උපුටා ගැනිම උපාලි ජයසිංහ මහතාගෙන්
Lakmali Perera
Ayo Warna
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top