ඉන්දියානු ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ඛාණ්ඩයේ ආසදිතයා වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ලැබුණු සාම්පලයක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, නව කොරෝනා ප්‍රභේද පිළිබඳව දැනුම්වත් කෙරුනු විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.
එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් නියැදි ගෙන්වා ගත්තේදැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ආචාර්යවරයා කියාසිටියේ තත්ත්වය සම්බන්ධයෙන් නිරෝධායන මධ්‍යස්ථානයට දැනුම්දී අදාළ පියවර ගැනීමට උපදෙස් දුන් බවයි.
කෙසේවෙතත් ආසාදිත පුද්ගලයා තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටිනවාද එසේත් නොමැතිනම් ඔහු ඉන් ඉවත්ව ගොස් සිටිනවා ද යන්න සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුනේ නැහැ.
එමෙන්ම මෙම විශේෂ මාධ්‍ය හමුවේදී, ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ගැන පුළුල් ලෙස සාකච්ඡා කෙරුනා.
මේ අතර නැවත ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී ප්‍රශ්න කෙරුනා.