Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

- කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,724 Views
මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඊට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. මැයි 27 වැනිදා බිළිඳා මියගොස් තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ පැතිර යන ප්‍රබල ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය වැළඳුණු තවත් ආසාදිතයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් ඉන්දීය වෛරස් ප්‍රභේදය ආසාදනය වූ දෙවන ආසාදිතයා මොහු වන අතර, මීට පෙර ගල්කිස්ස ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් ඉන්දීය වෛරස් ප්‍රභේදය වැළඳුණු ඉන්දියානුවෙකු හඳුනා ගැනුණා.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන බී එකයි එකයි හත වෛරස් ප්‍රභේදය මෙරට තවත් ප්‍රදේශ රැසක පැතිර යන බවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණය මගින් තහවුරු වී තිබෙනවා.

කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදූව, මාතර, කරාපිටිය සහ රාගම ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇති බව සඳහන්.

මීට අදාළ වාර්තාව අද පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කළ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.

මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ වාර්තාව යළි අලු‍ත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේදී මරණ 67ක් නිවේදනය කළ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,910ක්.

ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 17 වැනිදා සිට ජුනි 08 දක්වා කාලය තුළදී වන අතර ඊට පිරිමි පුද්ගලයින් 43 දෙනෙක් සහ කාන්තාවන් 24 දෙනෙක් අයත්.

එම පිරිස අතර වයස අවුරුදු 20ත්, 29ත් අතර දෙදෙනෙකු, වයස අවුරුදු 36 ක කාන්තාවක්, අවුරුදු 40 ත්, 49 ත් අතර තුන් දෙනෙකු සහ අවුරුදු 50 ත්, 59 ත් අතර 05 දෙනෙකු වනවා. එසේම, ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ අතර වයස අවුරුදු 60 ත්, 69 ත් අතර 16 දෙනෙකු, අවුරුදු 70 ත්, 79 ත් අතර 19 දෙනෙකු සහ අවුරුදු 80 ත්, 89 ත් අතර 18 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,735 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 545 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 543 දෙනෙක් වාර්තා වුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 358 ක්.

මහනුවර, මඩකලපුව, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණා.

මේ අතර, වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට සිදුකළ පළමු පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ටද කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

රෝගී තත්ත්වයක් මත අම්පාර මධ්‍යම කඳවුර රෝහලට ඇතුළත් කළ තරුණියකට කොරෝනා ආසාදිත බව සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමට රෝහල කටයුතු කරන අතරතුරදී ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත්, මේ වනවිට ඇය යළි රෝහල වෙත රැගෙනවිත් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ගම්පොල බස් නැවතුම්පොළේ සිටි යාචකයින් පිරිසකට ඊයේ සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී 13 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් අතරින් 8 දෙනෙකු බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගැනුණද එම මධ්‍යස්ථානයෙන් අදාළ ආසාදිත යාචකයින් පිරිස භාරගෙන තිබුණේ නැහැ.

ඒ අනුව ඔවුන් නුවරඑළියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර, එම ස්ථානයෙන්ද මෙම පිරිස භාර නොගැනීම නිසා අද අලු‍යම 1ට පමණ යළි ගම්පොල ජාතික උරුම මධ්‍යස්ථාන භූමියට රැගෙනවිත් තිබෙනවා.

ඒ අතරින් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා අද පෙරවරුවේ මහනුවර රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, පින්නවල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සෙසු ආසාදිත යාචකයන් පිරිස භාරගෙන තිබුණා.

මේ අතර, වව්නියාව - සාන්තසෝලේ ප්‍රදේශයේදී මුහුණු ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යතුරුපැදිකරු පහරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත 25 හැවිරිදි යතුරුපැදිකරු සොයා වව්නියාව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබානොදීමට විරෝධය පළකරමින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ කනිෂ්ඨ සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top