කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සේවයේ අවශ්‍යතාව අනුව විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවා ගන්නා ලෙසට අග්‍රාමාාත්‍ය මහින්ද රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට දැනුම්දී තිබෙනවා.
හෙද සේවයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේබව කියාසිටියේ.
දිවයින පුරා හෙද හෙදියන් 34000ක් පමණ මේවන විට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණපා ඇති ගැටලුවලට කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම එම සාකච්ඡාවේ අරමුණයි.
හෙද හෙදියන්ට ලබාදෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් පළකර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇත්තේ දැනට වසරකට හෙද පුහුණුව සඳහා බඳවා ගන්නේ 2000ක් තරම් අඩු පිරිසක් බැවින් මෙම තත්වය උද්ගතව ඇති බවයි.
මේ හේතුවෙන් දැනට එම ඒකකවල සේවය කරන නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල කටයුතු කරන කාලය ද පුහුණු කාලයට එක්කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.
සංචරණ කාලසීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
හෙද උපාධිය ලබාදීමේ කාර්යය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වා ඇත්තේ.
මේවන විට හෙද උපාධිය ලබාදීමේ කාර්යය නීති කෙටුම්පත් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මෙහිදී හෙළිවූ අතර අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙසට සිටි කාලසීමාවේදී හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ඉහළ දැමූ පසු මේ දක්වා එම දීමනාව වැඩිකර නොමැති බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී පෙන්වා දුන්නේ.
එම දීමනාව වැඩිකරන දෙන ලෙසට උන්වහන්සේ ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අයවැය තුළින් එය ඉටුකර දිය හැකි බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියාසිටියේ.