ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක් වූ ඇමරිකානු ජාතික Serena Williams දැන් එක්දරු මවක්. වයස අවුරුදු 39ක් වුවත් ඇයගේ දක්ෂතා තවමත් දැකගන්න ලැබෙනවා. ඇය ප්‍රංශ විවෘත තරගාවලියේ සිව්වැනි වටයේදී පරාජයට පත්වුවා. ඒ ගැන ඇය මාධ්‍යට අදහස් දක්වමින් කිව්වේ මෙවැනි අදහසක්.
“මම හුගක් උත්සාහ කළා. නමුත් මගෙ අතින් සුළු සුළු වැරදි කිහිපයක් සිදුවුණා. මුලු තරගයම වෙනස් කරන්න තරම් ඒ වැරදි බලපෑවා. ඇය (රයිබැකිනා) එම වැරදිවලින් ප්‍රයෝජන ගත්තා. ඒ ගැන මම කණාගාටු වෙනවා. නමුත් මම දැන් වැඩියෙ ඒ ගැන හිතන්න යන්නේ නෑ. ඉදිරියේදී ඊට වැඩියෙ අවධානය යොමුකරන්න දෙවල් මට තියෙනවා.”