‘‘ක්‍රිකට් කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් කාලයෙන් කාලයට විවිධ සංවාද සහ මත ගැටුම් ඇතිවී තිබෙනවා. කොහොම වුණත් මේ වෙලාවේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ කණ්ඩායම එංගලන්තයට තවත් දවස් දෙක තුනකින් යා යුතුයි. එංගලන්තයට ගිහිල්ලා එක පාරටම ක්‍රිකට් ගහන්න බැහැ. මොකද එහේ තියෙන තත්ත්වය ගොඩක් වෙනස්. මේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩයන්ට පුහුණුවීම් කරන්න හරි අවස්ථාවක් නැහැ. විශේෂයෙන් නිරෝධායනය වෙන්න තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳා ගැනීමට දෙපාර්ශ්වයම කැපවිය යුතුයි.’’
වත්මන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයකු වශයෙන් තමා එකඟ වන්නේද යන්න කළ විමසීමකදී හේරත් පවසා සිටියේ, ‘‘ක්‍රීඩකයන්ට ලබාදෙන කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඔවුන්ව කලින් දැනුවත් කරන්න තිබුණා. එහෙම නැතිව එකපාරටම කොන්ත්‍රාත් ක්‍රමය වෙනස් කිරීමෙන් ක්‍රීඩකයන්ට යම් කිසි අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකද යම් කිසි සැලැමක් හදනවනම් ක්‍රීඩකයන්ට කාලයක් දෙන්න තිබුණා අපි මෙන්න මේ කාලය තුළ දක්වන දක්ෂතා මත පදනම්ව මීළඟ කොන්ත්‍රාත්තුව ලබා දෙනවා ඒ නිසා ඒකට හැමෝම එකඟ වන්න කියලා. එහෙම නැතිව එකපාරටම මේ වගේ කාලයක එවැනි දෙයක් කළාම ක්‍රීඩකයන්ගෙ පැත්තෙන් අසාධාරණයක් වෙනවා.’’ යනුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලිය 2-1 ක් වශයෙන් පරාජයට පත්විය. කෙසේ වෙතත් රංගන හේරත්ද ඉදිරියේදී බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු වශයෙන් වැඩ භාර ගැනීමට මේ වන විටත් සාකච්ඡ කරමින් සිටියි.
‘‘මම තවමත් බංග්ලාදේශයේ පුහුණුකරු තනතුර භාර ගැනීම සහ නොගැනීම සම්බන්ධව අදහසක් කියන්න කැමැති නැහැ. ඒ ගැන තවත් දින කිහිපයකින් හරි උත්තරයක් ලබාදෙනවා. මොකද මේ වන විට මගේ පැත්තෙන් අවශ්‍ය දේවල් මම ඔවුන්ට කියලා තියෙනවා. ඉදිරියේදී නිල වශයෙන් ඒ ගැන තීන්දුවක් ප්‍රකාශ කරන්නම්.’’
ඉකුත් වසර කිහිපය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයන් වැලක එල්ලී සිටියදී කොන්ත්‍රාත් අවුලක් පැමිණීම කොතරම් දුරට සාධාරණද යන්න රංගන හේරත් හොඳින්ම දනියි. හිටපු ක්‍රීඩකයකු පුහුණුකරුවකු වශයෙන් ක්‍රිකට් දැක්මක් ඇති ඔහු ඒ සම්බන්ධයෙන් මෙසේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
‘‘ක්‍රිකට් පරදින්නෙ ක්‍රීඩයන්ගෙ විතරක් වරදින්ම නෙමෙයි. පරාජයේ එක් කොටසක් විතරයි ක්‍රීඩකයන්. මොකද දිනන වෙලාවට හැමෝගෙම උත්සහය නිසානෙ දිනන්නෙ. පරදිනවනම් පරදින්නෙ හැමෝගෙම අසාර්ථකත්වයක් නිසා. ඒ නිසා පැරදුනාම එක පාර්ශ්වයකට විතරක් ඇඟිල්ල දික් කරන්න බැහැ. අපේ පළමු පෙළ ක්‍රීඩා සමාජ ගණන වැඩියි කියලා හැමදාම කියලා තියෙනවා. එතකොට හොඳ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ රවීච්න්ද්‍රන් අශ්වින් තමයි හොඳම දඟ පන්දු යවන්නා. ඔහුගේ පළමු පෙළ සාමාන්‍යට වැඩිය ජාත්‍යන්තර තරගවල සාමාන්‍ය වැඩියි. ඒ කියන්නෙ ඉන්දියාවේ පළමු පෙළ තරගවල තරගකාරීත්වය වැඩියි කියන එක. ඒක එක උදාහරණයක් විතරයි. අපේ රටේ ගත්තොත් ඒකෙ අනිත් පැත්ත. ඒ නිසා හැමදාම අත්හදා බැලීම් කර කර ඉන්න බැහැ. තවමත් වෙන්නෙ අත්හදා බැලීම්. ඒක හැම පැත්තෙන්ම තියෙනවා.’’
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ධුරයට ආරාධනාවක් පැමිණියහොත් භාර ගන්නවාද යන්න රංගන හේරත්ගෙන් විමසන ලදුව, ‘‘මට දැන් ඉන්න ක්‍රිකට් කමිටුවෙන් ආරාධනාවක් ආවා. ඊට පස්සෙ මම මගේ තත්ත්වය කිව්වා. ඒ නිසා ඒ අයගේ කොන්ත්‍රාත්තුවට එකඟ වෙන්න මගේ පැත්තෙන් විය යුතු සංශෝධන කිව්වා. ඊට පස්සෙ උත්තරයක් ආවෙ නැහැ. මම මගේ රට වෙනුවෙන් තමයි අංක එකට හැමදේම කරන්නෙ. ඒකෙ කතා දෙකක් නැහැ. නමුත් අපේ වෘත්තිය අනුව රැකියාවක් කරන්න ලැබෙන අවස්ථාවක් ආවොත් භාර ගන්නවා.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සැලැස්මවල් සහ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් කළ යුතු වැඩසටහන් නිර්මාණය කිරීමට හැකි දක්ෂයන් ශ්‍රී ලංකාව තුළම සිටින බවත් වර්තමානයේ ලෝක කුසලාන ජයග්‍රහණය කළ (1996 පන්දුවාර පනහ සහ 2014 විස්සයි විස්ස) කණ්ඩායම්වල සාමාජිකයන් වන රොෂාන් මහානාම, අරවින්ද ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරද ක්‍රිකට් කමිටුවල කටයුතු කරන බවත් ඔවුන්ට ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න හොඳින් වටහා ගත හැකි බවත් රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අසේල විතාන