Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
12
“ලිංගික අල්ලසක් ඉල්ලුවොත්, මම කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්නවා.. ඕනෑම ෆීල්ඩ් එකක ෂෝට්කට් වලින් යන ගමන තාවකාලිකයි...” - සැවොම රසකර නරඹන පැජන්ඩ් ගැන, ප්‍රතිභා ලියනආරච්චිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [Exclusive] - Photos

- “ලිංගික අල්ලසක් ඉල්ලුවොත්, මම කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්නවා.. ඕනෑම ෆීල්ඩ් එකක ෂෝට්කට් වලින් යන ගමන තාවකාලිකයි...” - සැවොම රසකර නරඹන පැජන්ඩ් ගැන, ප්‍රතිභා ලියනආරච්චිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [Exclusive] - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
“ලැබුණු වටිනාකමට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් හොඳයි.
කිරුළක හැබෑම අර්ථය තියෙන්නෙ එතැන යි...”

“එකපාරම බය හිතුණා ඒ වගේ දෙයක් හම්බුණාම. හැබැයි ආසාවක් තිබ්බා.”

පසුගියදා අපේ රටේ විවාහක රූ රැජිණ කිරුළක් සම්බන්ධයෙන් වුන ආන්දෝලනාත්මක සිදුවීම ඔබට මතක ඇති. මේ සිදුවීම කොයි තරම් ප්‍රචලිත වූවාද කිවහොත් ඒ ගැන ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වුණා.

ඒ පුවතත් සමඟින් "පැජන්ඩ්" ගැනත් නිරූපණ ක්ෂෙත්‍රය ගැනත් බොහෝ පිරිසකගේ මනසේ වෙනස්ම චිත්‍රයක් ඇඳෙන්න පටන් ගත්තා.

මේ අතරතුරදී තමන්ගේ රට වෙනුවෙන් වේදිකාවේ සිට උදව් ඉල්ලූ "මිස් මියන්මාර්" වත් ඔබට මතක ඇතුවා නිසැකයි. එදා මියන්මාරය නියෝජනය කරමින් ඇය එසේ හඬ නඟද්දී, ජයග්‍රහණයත් නොලැබුණත් "ශ්‍රී ලාංකීක" නියෝජනයක් ලෙස 23 හැවිරිදි සුරූපී තරුණියක් වේදිකාවේ සිටියා.

ඇය නමින් ප්‍රතිභා ලියනආරච්චි.... හැමෝම කතා කරපු ඇයත් එක්ක අපි කරපු කතාබහ තමයි මේ...

මුලින්ම කියන්නකෝ? අපිට ඔබ ගැන විස්තරයක්...?
මගේ නම ප්‍රතිභා ලියනආරච්චි. දැනට මම මොරටුව විශ්ව විද්‍යාලයේ නිර්මාණවේදය පිළිබඳව උපාධියක් හදාරනවා. මේ යන්නෙ ඒකේ හතරවැනි අවුරුද්ද. ඇත්තටම ගොඩක් අය මාව දැනගත්තේ Miss Grand International තරඟයට ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනු නිසයි. ඒ තරඟය පැවැත්වුනේ තායිලන්තයේ බැංකොක් නුවර. ඇත්තටම මට ප්ලෙස් එකක් හම්බවුනේ නම් නැහැ. ඒත් හැමෝම මාව දැනගත්තා...

ඒ විදිහට හැමෝගෙම කතාබහට ලක්වෙන ප්‍රතිභාට දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒ ගැන නම් කියන්නම ඕනි. මම පැජන්ඩ් එකට සහභාගී වුනේ ප්‍රශ්න ගොඩක් මැද්දේ. මේක මගේ පළවැනි අත්දැකීම නිසාම පොඩි බයකුත් තිබුණා. කොරෝනා වසංගතය මැද්දෙ තමා මාව නොමිනේට් කළේ. මාසයක් ඇතුළත ලොකු චැලේන්ජ් එකක්. එකපාරම බය හිතුණා ඒ වගේ දෙයක් හම්බුණාම. හැබැයි ආසාවක් තිබ්බා. මම ඒක අභියෝගයක් විදිහට භාර ගත්තා. ඒ තරඟයට ඇවිත් හිටපු හැමෝම ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය. ඒත් මම විතරයි එහෙම නැත්තේ. ඉතින් ඒ අයත් පුදුම වුණා මං ගැන අහලා. එයාලටත් හිතාගන්න බැහැ...

කොහොම හරි ප්‍රතිභාට එදා ජයග්‍රහණ ලබන්න බැරිවුණේ ඇයි?
ඒක ඉතින් තරඟයේ ස්භාවයනේ. ඒගොල්ලෝ ජයග්‍රහකයෝ මනින විදිහක් ඇතිනේ. කොහොම වුණත් මම මගේ උපරිමය කළා. මට ජයග්‍රහණය කරන්න බැරිවුණත් පැජන්ඩ් එකේ තිබුණු එක චැලේන්ජ් එකකින් මම දින්නා. ඇත්තටම රටකින් ලොකු සහයෝගයක් ඕනි වෙලාවක් ඒක. මට මගේ යාළුවෝ ලොකු සපෝට් එකක් දුන්නා. එගොල්ලෝ නිසයි මම ප්‍රසිද්ධියට පත්වුනේ.

මිස් ශ්‍රී ලංකා යන්න අදහසක් තිබුණේ නැද්ද? නැත්තම් අවස්ථාවක් නොලැබුණාද ?
අනේ එහෙම එකක් නෑ. මට මොකක් හරි පැජන්ඩ් එකකට යන්න උවමනාව තිබුණා. කොහොමත් Miss Grand International කියන්නේ ලෝකයම පිළිගන්න පැජන්ඩ් එකක් ලංකාවට ආගන්තුක වුණාට.. කොවිඩ් නිසා ලංකාවේ ගොඩක් පැජන්ඩ්ස් පැවැත්වුනේ නැහැ. මට ලැබුනේ වටිනාම අවස්ථාවක්. මට මේ අවස්ථාව ලැබුන වෙලාවේ ලොකු සතුටක් දැණූනා. මම කොහොමත් මොඩ්ලින් කරන්න තමයි ආවේ. කැළණි කැම්පස් එකේ මාකටින් ඩිපාට්මන්ට් එකෙන් පවත්වනු ලැබූ Inter University Competition එකක් වන Stylish Marketer 2018 තරඟය මම තමයි වින් කළේ. ඊට පස්සේ පැෂන් ෂෝවලට සහභාගි වුණා. ඊට අමතරව ලංකාවේ පිළිගත්ත ඩිසයිනස්ලා එක්ක වැඩ කරලාත් තියනවා.

පසුගිය දවස්වල පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමේ සිද්ධිය අපේ රටේම ලොකු ආන්දෝලනයක් ඇති කළානේ. නිරූපණ ශිල්පිනියක් විදිහට ප්‍රතිභාට මොනාද ඒ ගැන හිතෙන්නේ..?
මට ඇත්තටම ඒක ගැන නම් කතා කරන්න අමාරුයි. ඒත් අපි පොඩි තැනක ඉඳලානේ ලොකු ජයග්‍රහණයක් ලබන්න යන්නෙ. ඒ වගේ ජයග්‍රහණයකට හිමිකම් කිව්වට පස්සෙ ඒකෙන් මිනිස්සුන්ට සේවයක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලයි මට හිතෙන්නෙ. ඒ ලැබුණු වටිනාකමට හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් හොඳයි. කිරුළක හැබෑම අර්ථය තියෙන්නෙ එතැනයි. හොඳම උදාහරණය මම සහභාගී වුනු තරඟයේ මිස් මියන්මාර්. ඇය තමයි මියන්මාරය නියෝජනය කරමින් පැමිණියේ. මේ වෙනකොට මියන්මාරයේ තත්ත්වය හැමෝම දන්නවා. ඉතින් ඇය ඒක ලෝකෙට කිව්වා. ලෝකයෙන් උදව් ඉල්ලුවා. මම හිතන්නෙ ඒක හුඟක් වටිනවා ඒ වගේ ජයග්‍රණයක් එක්ක තමන්ගෙම රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එක...

ජනප්‍රියත්වයත් එක්ක රංගනයට එහෙමත් ආරාධනා ලැබෙනවා ඇති..?
ලැබෙනවා. ඒත් මම කැමතියි තෝරා බේරාගෙන ඒවා කරන්න. මියුසික් වීඩියෝස් කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් මම ගියේ නැහැ. මම හිතන්නෙ මම තාමත් ක්ෂෙත්‍රයට ආධුනිකයි. මට තියෙන එකම හීනේ, මගේම බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න එක. ෆැෂන් ඩිසයින් පැත්තෙන්, පැජන්ඩ් එකේදී පවා ගොඩක් ඩිසයින් හදාගත්තෙ මම විසින්මයි.

නිරූපණයේදී හෝ වේවා පැජන්ඩ්වලදී හෝ වේවා, ලිංගික අල්ලස් ලබාදීම් ගැන නිතර අහන්න ලැබෙනවා. ප්‍රතිභාටත් එහෙම අත්දැකීම් තියෙනවද ?
ඇත්තටම මට නම් එහෙම ආරාධනා ලැබිලා නැහැ. හැබැයි එහෙම ලැබුණත් කියන්න තියෙන දේ කොන්ද කෙළින් තියාගෙන මම කියනවා. තමන් කවුද කියලා තමන් දන්නවනම් ඒ විදිහට කෙළින් කතා කරන්න හැකියාව තියෙන්න ඕනි. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මම හිතන්නෙ ඕනෑම ෆීල්ඩ් එකක ෂෝට්කට් වලින් යන ගමන තාවකාලිකයි.

නිරූපිකාවක් විදිහට ඔබට විවිධ විදිහේ විලාසිතා කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත්, භාගෙට අඳින්න පවා සිදුවුණොත්? මොකද හිතන්නේ විලාසිතා ගැන?
මම සාමාන්‍ය සාම්ප්‍රදායිකව හිතන කෙනෙක් නම් නෙවෙයි. මම කලාවට ගරු කරනවා. නිර්මාණ වලදී ගොඩක් දේවල් මම දකින්නේ වෙනස් විදිහට. කොහොම වුණත් ඉස්සර වගේ නෙවෙයි, දැන් නම් මිනිස්සු අතර තියෙන මතය වෙනස් වීගෙන යනවා. කලාව, කලාව විදිහටයි දකින්න ඕනි. මම හිතන්නේ නිර්මාණයක් විදිහට ඒ දිහා බැලුවම ඒක හරි සුන්දරයි.

ප්‍රසිද්ධියත් එක්ක අයුතු යෝජනා, පෙම් ඇරයුම් එහෙමත් එනවා ඇති නේද ?
ඇත්තටම කාන්තා පිරිමි දෙපාර්ශවයම මට කැමතියි. එහෙම වැරදි ප්‍රතිචාර නම් ලැබිලම නැහැ. මගේ එක කමෙන්ට් එකකින්වත් වැරදි විදිහේ ප්‍රතිචාරයක් මම දැකලා නැහැ. ඒ ගැන ඇත්තටම තියෙන්නේ සතුටක්. හැමෝම මට හෙල්ප් කරනවා මේ ගමන යන්න.

ප්‍රතිභා පෙම්වතියක්ද ? අපිට කියන්නකෝ ඔබේ පවුලේ විස්තර එහෙමත්?
ඉස්සරහට ඒ ගැන කියන්නම් නේද. මගේ පවුලේ විස්තර කිව්වොත් පවුලේ සාමාජීකයන් පස් දෙනෙක් ඉන්නවා. මම දෙවැනියා. ඇත්තටම මම සාමාන්‍ය පවුලක කෙනෙක්. තාත්තායි අම්මයි මගේ ඉගැනීමටත් ලොකු හයියක් දුන්නා. පොඩි පොඩි විලාසිතා කරනකොට පවා අම්මා තමයි ඒවාට උනන්දු කරලා මගේ පස්සෙන් හිටියේ.

නිරූපණ ශිල්පිනියක් වෙන්න යනවා කිව්වම ගෙදරින් නම් ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න නැතුව ඇති...?
ඔව් ඒක ඇත්ත. මුලින් කවුරුත් කැමති වුනේ නැහැ. අපේ පවුලේ හැමෝම හොඳට ඉගෙන ගත්තා. ඒ නිසාම අම්මට වුණත් මං ගැන විශ්වාසයක් තිබුණා. එහෙමයි ප්‍රශ්න ගොඩක් මැද්දේ මම මේ ගමන ආවේ. මම ජයග්‍රහණය කළාම ඒ අය මටත් වඩා සතුටු වුණා මං ගැන. මගේ එකම බලාපොරොත්තුව වරද්දගන් නැතුව ජීවිත ගමනේ ඉස්සරහට යන්නයි.

උදව් කරපු අයත් මතක් කරමු නේද?
Brian Kerkoven එකේ මගේ පුහුණුකරු මහේෂ්වරන් මනීමරන් මට ගොඩාක්ම ලොකු සහයෝගයක් දුන්නා. ඊට අමතරව මගේ දෙමව්පියන් ඇතුළු යාළුවෝ ඒ වගේම නැදෑයෝ, පවුලේ පිරිස සියලු දෙනාවමත් මතක් කරනවා මේ තරඟාවලිය පුරාවටම මාත් එක්ක හිටපු. නම් වශයෙන් කියන්න බැරි වුණත් හැමෝටම ස්තුතියි....

By Samitha Lakshan
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top