“අසරණකමක් නොදැනී හුඟ කාලයක්
ජීවත් වෙන්න ඕනෙ ආදරණීය මිනිස්සු !!”
“කතාව ඉවර උනේ මේ එන රාමසාන් එකට ගෙනත් දෙන කෑම පාර්සලෙන් !!”
කොවිඩ් අපේ දොරකඩටම ඇවිත්.. අපි දොරගුළු දාගෙන හිටියත් ඒ අස්සෙත් අතරමඟකදී මුණ ගැහෙන සමහරක් මිනිස් සත්ත්වයන් අපට මතක හිටින චරිත බවට පත් වෙනවා.
මේ තියෙන්නෙත් අතරමඟකදී මුණ ගැහුණු මනුස්සකම ගැන තරුණියක් මුහුණු පොතේ ලියපූ අපූරූ කතාව...
"ගොඩ දවසකින් නේද අහමඩ් අංකල්...""මේ ටිකේම ගෙදර තමයි ඉදියෙ...""ඒකනෙ.දැක්කෙත් නැහැ..."ඔය විදියට පටන් ගන්න කතාව අමාරුවෙන් ගලපගන්න සිංහල වචනත් එක්ක ඔහේ ඇදිලා යනවා.එයා මගේ හොදම හොද යාලුවෙක්#අහමඩ් #අංකල්දකින හැම මොහොතකම ලස්සනම ලස්සන හිනාවක් එක්ක ඇවිත් හරිම හිතවත් විදියට කතා කරන නිහතමානී මනුස්සයෙක්පුංචිම මිනිස්සු ගාව හරි ආදරණීය සිදුවීම් තියනවාසමහර දවසට තුන් හතර පාරක් බත් කෑවද අහන,මහ හයියෙන් කෑගගහ සිංදු කියන,එයාගෙ වචන නොතේරෙන නිසා ආයෙ ආයෙ දහ සැරයක් ඇහුවත් එකම විදියට උත්තර දෙන...........හැම දවසකම සාක්කුවෙ ගුලි කරගත්තු කඩචෝරුවක් දාපු පුංචි ශොපින් උරයක් අතට දෙන එක එයාගෙ පුරුද්දක්.ඒ පුරුද්ද නිසාමදෝ මංදා කඩචෝරුවක් නැත්නම් මොනවාම හරි ගස් ගෙඩියක් දෙන එක මගෙත් පුරුද්දක් වෙලා...කතාව ඉවර උනේ මේ එන රාමසාන් එකට ගෙනත් දෙන කෑම පාර්සලෙන්මිනිස්සුන්ට සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕනෙ නැහැ කියන එක එයා දකින හැම දවසකම හිතෙනවා.හිනාවෙලා හිතවත්කමින් කතා කරන වචනෙකින් මනුස්සයෙක්ට සතුටින් ඉන්න පූලුවන් .කිසිම ලෙඩක් දුකක් නැතුව අසරණකමක් නොදැනී හුග කාලයක් ජීවත් වෙන්න ඕනෙ ආදරණීය මිනිස්සු