අධික ප්‍රචාරණයක් සහිත බී-එක, 617 ලෙස නම් කෙරුණු ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට ලොව කලාප හයක රටවල් 44 කට පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එමඟින් සඳහන් කළේ පසුගිය ඔක්තෝම්බරයේ මුල්වරට ඉන්දියාවෙන් සොයාගත් මෙම කොරෝනා ප්‍රභේදය විශේෂ අවධානයක් යොමු කළ යුතු ප්‍රභේදයක් බවයි.
විවිධ රටවලින් ලබාගත් සාම්පල 4500 ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටවල් 44 ක පැතිරී ඇති බව අනාවරණ වී ඇත්තේ.