“මේ මොහොතේ කොහෙත්ම...
විවේකයක්.. ගත හැකිද ???”
14 දෙනෙකුට ජීවිත අහිමි කළ පස්සර මාරක අනතුර තවමත් ඔබට මතක ඇතුවා නිසැකයි. එදින ජීවිත ගණනාවකට හුස්ම දුන් පාලිත රාජපක්ෂ නම් වෛද්‍යවරයා පසුගිය දිනෙක හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා.
කෙසේ වෙතත්, තම රෝගී බව පසෙක ලා ඔහු රෝහලට පැමිණි රෝගීන් වෙනුවෙන් කැපවෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මුහුණු පොතේ පළවී තිබුණා.
ඒ අපූරූ සටහනක් ද සමඟිනුයි.
හිත ඇත්නම් ..තව මොනවද ?මගේ හෘදයාබාධයඔහේ තිබුනාවෙ..,කොරෝනා අදාලම නැත ..හදිසි අනතුරෙන්..ඇගේ පෙනහලු පිරී ඇති .රුධිරය වහා ඉවත්කල යුතුය .ඉතින් කලෙමි..ඇය සුවෙනි.අපද සතුටිනි..මේ පින්බිමේ ම්නිසුන්ට..අපේ මෙහෙය අවැසිම ...මොහොතේ ...කොහෙත්ම ...විවේකයක් ..ගත හැකිද ???