Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
කොරෝනා වසංගතයත් එක්ක, එළියට ආපු 1962 වසරේ අඳින ලද සිතුවමේ රහස හෙළි වෙයි - Photos

- කොරෝනා වසංගතයත් එක්ක, එළියට ආපු 1962 වසරේ අඳින ලද සිතුවමේ රහස හෙළි වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,039 Views
කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ‘සමාජ දුරස්ථභාවයේ‘ වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි.

සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් හුවමරු වන සටහන් වල ඇති නිර්මාණය අනාගතයේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස සිදුකරන ලද නිර්මාණයක් වුවද, 2022 වසරේ ලොව මෙසේ දිස්වේ යයි එහි සඳහන් වන්නේ නැහැ. 
 
සමාජ මාධ්‍ය සටහන් :
 
“1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022දී ලෝකය තිබෙන අයුරු දැක්වෙන සිතුවමක්” වදන රෝපනය කර ගෝලාකාර සවෘත වීදුරු කුටිතල සිටන මිනිසුන් දක්වන සිතුවමක් රැගත් සටහනක් Janaka Bandara Dasanayaka නමැති ෆෙස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබුණි. මෙබඳු සටහන් පෙළක් ම ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.

 
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 
 
ඉදිරිපත් කර තිබු ඡායාරූප සටහන reverse image සෙවීමකට යොමු කළෙමු. මෙම සිතුවම 1915-1997 වකවානුවේ ඉතාලියේ වාසය කළ Walter Molino නමැති කාටුන් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයක් බවට වූ වාර්තා අපට දැකගනන්ට ලැබුණා. ඔහු 20 වන සියවසේ බිහි වූ දක්ෂතම කාටුන් ශිල්පියෙකු බවට සැලකේ. 
 
මෙම සිතුවම 1962 දී වෝල්ටර් මොලිනෝ විසින් ඉදිරිපත් කළ ඒක පුද්ගල ප්‍රවාහන ක්‍රමයක් වන “ලා සිංගොලෙටා – La Singoletta” හි නිදර්ශනයකි. 1962 දෙසැම්බර් 16 වන දින ඩොමිනිකා ඩෙල් කොරියර් (Domenica del Corriere) නම් ඉතාලි සතිපතා පුවත්පතක පිටුපස කවරයේ මෙම නිදර්ශනය පලවී තිබුණි. 
 
ඉදිරියේදී ප්‍රවහාන ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම නිර්මාණය පළකර තිබුණද 2022 වසරේ ලෝකය තිබෙන අයුරු යනුවෙන් එහි කිසිතැනක සඳහන් වන්නේ නැහැ 
ඉහත දක්වා ඇති එහි මුල් සිතුවමේ දකුණු පස යට ඉතාලි භාෂාවෙන් පළ කර තිබුනේ “අපට නගර වටා යන්නට වන්නේ මෙලෙසින්ද?” යන තේමාවෙනි. නගරවල රථවාහන ගැටළුව අවම කර ගැනීමට විසඳුමක් ලෙස විශාල මෝටර් රථ වෙනුවට, සිංගෝලේටා නමැති කුඩා තනි ආසන සහිත කාර් වර්ගයක් එහිදී යෝජනා කර තිබුණි. 
 
අනාගතයේදී ඇතිවන ප්‍රවහාන ප්‍රශ්නයට විසඳුමක් ලෙස 1962 වසරේදී මෙම නිර්මාණය පළකර තිබුණද, 2022 වසරේ ලෝකය තිබෙන අයුරු යනුවෙන් එහි කිසිතැනක සඳහන් වන්නේ නැහැ 

 
අප වැඩිදුරටත් සිංගොලෙටා රථය පිළිබඳ පරීක්ෂා කළෙමු. සිංගෝලේටා යනු රෝද දෙකේ පුද්ගලික ප්‍රවාහන යන්ත්‍රයක් (personal transporter)  සහ ස්මාර්ට් මෝටර් රථ අතර දෙමුහුන් නිපයුමක් ලෙස පරිකල්පනයක් වන අතර එය කාලගුණය සහ අනෙකුත් පාරිසරික සාධක වලින් ආරක්ෂා වීම සඳහා විනිවිද පෙනෙන ගෝලයකාර කුටියක් ඇති රියදුරෙකු විසින් මෙහෙයවනු ලබන රෝද හතරේ ස්කූටරයක හැඩ ගනී.
 
මේ සටහන් ලොව විවිධ ප්‍රදේශවල කොවිඩ්-19 ව්‍යාප්ත වීමත් සමඟම පසුගිය කාලය පුරාම හුවමාරු වී තිබු අතර ඉංග්‍රීසි බසින් ඒ පිළිබඳව සිදුකරන ලද විමර්ෂණයක් මෙලෙසින්. 
 
මෙසේ වෝල්ටර් මොලිනෝ චිත්‍ර ශිල්පියාගේ 1962 වසරේ නිර්මාණය පිලිබඳ වැරදි අර්ථකතනයක් සහිතව හුවමාරු වන සටහන් හමුවේ පසුගිය ජුනි මාසයේ ඉතාලි බසින් පළවූ වර්තාවක ඉංග්‍රීසි පරිවර්තනයක් පහතින්.

 
මේ අනුව 1962 දෙසැම්බර් මස 16 වැනිදා පළවූ පුවත්පතේ ලිපියකට සම්බන්ධව එම නිර්මාණය වෝල්ටර් මොලිනෝ කාටුන් ශිල්පියා විසින් සිදුකර ඇති බව පෙනී යයි
 
Conclusion (අවසාන නිගමනය)
 
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් හුවමරු වන සටහන් වල ඇති නිර්මාණය අනාගතයේ නාගරික වාහන තදබදයට විසඳුමක් ලෙස 1962 වසරේ ඉතාලි පුවත්පතක සිදුකරන ලද නිර්මාණයක් වුවද, 2022 වසරේ ලොව මෙසේ දිස්වේ යයි එහි සඳහන් වන්නේ නැහැ. 
 
සමාජ දුරස්ථභාව සුරැකීම සඳහා යොදාගන්නා ප්‍රවාහන ක්‍රමයක් 1962 වසරේ දී යෝජනා කර තිබු බව හැඟවෙන අයුරින් පළකර තිබුණ ද, ඇත්ත වශයෙන් ම අනාගතයේදි නගරාශ්‍රිතව ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීමට පිළයමක් වශයෙන් 1962 වසරේ ඉතාලි පුවත්පතේ පළවූ  ලිපියකට වැඩිමනක් වශයෙන් සිදුකල නිර්මාණයකි.
 
Fact crescendo වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදි...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top