Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
කුරියර් සේවාවන් හරහා ලැබෙන දුරකථන සොරකම් කළ පිරිසට වැඩ වැරදුණ හැටි මෙන්න

- කුරියර් සේවාවන් හරහා ලැබෙන දුරකථන සොරකම් කළ පිරිසට වැඩ වැරදුණ හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,897 Views
කුරියර් සේවාවන් හරහා විදෙස් සමාගම් වෙතින් මෙරට පුද්ගලයන්ට ලැබෙන ජංගම දුරකථන වංචනිකව ලබාගැනීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
 
සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු සහ සොරකම් කළ දුරකථන 16ක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

ලොව සෑම රටකම ව්‍යාප්ත වී ඇති කුරියර් සමාගමක් හරහා මෙරට පුද්ගලයෙකුට එවූ දුරකථනයක් කටුනායක ගුවන්තොටුපලට ලැබීමෙන් පසු අතුරුදන්වීමක් පිළිබඳ ගුවන්තොටුපල පොලිසියට ලැබීමෙන් අනතුරුවයි මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කරනු ලැබුවේ.
 
අනතුරුව එම පැමිණිල්ල මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයට භාරදී තිබෙනවා.
 
එහිදී සිදුකළ වැඩිදුර විමර්ශණවලදී හෙළිවී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල මෙලෙස ලැබුනු ජංගම දුරකථන 19ක් සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවටයි.
 
ඉන් 16ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
 
මෙම සිද්ධියට අදාළව අදාළ කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් 3 දෙනෙකු සහ එම කුරියර් සේවාවේ භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙරටට ලැබෙන භාණ්ඩය පිළිබඳ දැනුවත්ව සිටින කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් භාණ්ඩ බෙදාහරින පුද්ගලයන්ට කරන දැනුම්දීමකට අනුව ගුවන්තොටුපලේ කැමරා නොමැති ස්ථානයකදී අදාළ පාර්සල් කඩා එහි ඇති දුරකථන සොරකම් කරන බවටයි සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
 
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
 
සොරකම් කරන දුරකථන මහනුවර, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල දුරකථන අලෙවි කරන ස්ථානවල තිබියදී සොයාගෙන ඇතැයි සඳහන්.
 
අත්අඩංගුවට පත්වූ සැකකරුවන් මිනුවන්ගොඩ, කොට්ටාව, ජාඇල, කටුපොත සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ කරගෙන තිබෙනවා.
 
මෙම පුද්ගලයන් සොරකම් කළ දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවටයි හෙළිවී ඇත්තේ.
 
අදාළ කුරියර් සමාගමේ වැඩපරික්ෂකවරුන්ගේ උපදෙස් අනුව ලොරිය තුලදී ඇසුරුම් කපා දුරකථනය සොරකම් කරගෙන ඇසුරුම පැවති පරිදි ඇලවීමටයි සැකකරුවන් කටයුතු කර ඇත්තේ.
 
නැතිවූ දුරකථනය සඳහා රක්ෂණ සමාගම්වලින් මුදල් ලැබෙන බැවින් දුරකතනවල හිමිකරුවන් පොලිසියට පැමිණිලි කිරීමට මැලිකමක් දක්වා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
 
කුරියර් සේවය මගින්  ගෙන්වාගත් දුරකථනය අස්ථාන වු බව පිළිගෙන රක්‍ෂණයෙන් මුදල් ලබාගැනීමට අකමැතිවූ පුද්ගලයෙකු මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර, ඒ පිළිබඳව පොලීසිය සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසුවයි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශණ සිදුකරන අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුරියර් සේවාවක් හරහා මෙලෙස දුරකථන ගෙන්වා එය නොලැබී ඇත්නම් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපතිවරයාගේ 071 40240442 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසටයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top