Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
"චීනයේ මගේ ළමා විය ගෙවී ගියේ හැම තැනම බොරුව රජ කළ පරිසරයකයි..." - ඔස්කාර් සම්මානලාභී සිනමාවේදිනියක වන ක්ලෝයි ෂාඕ ගැන කවුරුත් නොදන්න කතාව

- "චීනයේ මගේ ළමා විය ගෙවී ගියේ හැම තැනම බොරුව රජ කළ පරිසරයකයි..." - ඔස්කාර් සම්මානලාභී සිනමාවේදිනියක වන ක්ලෝයි ෂාඕ ගැන කවුරුත් නොදන්න කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,543 Views
මව්බිමට අපහාස කළා යැයි චීන සමාජවාදී රජයේ උදහසට ලක් වූ ක්ලෝයි ෂාඕ අන්තිමට නතර වුණේ ලොව අද්විතීය සිනමාවේදිනිය ලෙස ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබමිනුයි. 
 
මීට වසර 39කට පෙර චීනයේ බීජිං නුවර උපන් මේ අපූරු නිර්මාණවේදිනිය ඔස්කාර් වැනි උසස් සම්මාන උලෙළක ඉහළම ගෞරවයට පාත්‍ර වූ පළමු චීන කාන්තාව පමණක් නොව පළමු ආසියාතික සිනමාවේදිනියයි. 

එපමණක් නොව වසර 93ක ඔස්කාර් සම්මාන ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂණය උදෙසා සම්මාන දිනූ දෙවැනි කාන්තාව ලෙසත් ඇය වාර්තාපොතට එක් වුණා. ඊට පෙර එම වාර්තාවේ පළමු අයිතිකාරිය වන්නේ 2009දී දි හර්ට් ලොකර් චිත්‍රපටය උදෙසා හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත් අමෙරිකානු සිනමාවේදිනිය කැතරින් බිග්ලෝ.
 
ක්ලෝයි ෂාඕගේ මේ ජයග්‍රහණයේ සතුට ජාතියක් ලෙස භුක්ති විඳීමට එරට ජනතාවට අවස්ථාවක් නොලැබීම අතිශය කනගාටුදායකයි. ඇය ගැන සෙවීමේ අන්තර්ජාල යාන්ත්‍රණය මුළුමනින්ම චීනයට අවහිර කිරීමට එරට බලධාරීන් කටයුතු කළේ මව්බිමට එරෙහිව ගිය මුරණ්ඩුකමේ වාඩුව පිරිමසා ගැනීමටයි. 
 
එරට නිල මාධ්‍යය, ගූගුල් සෙවීමේ යාන්ත්‍රණය හා අන්තර්ජාල මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවත් මුළුමනින්ම අඩපණ කිරීමට චීන සමාජවාදී රජය කටයුතු කළේ මීට වසර 7කට පෙර ක්ලෝයි විසින් ෆිල්ම්මේකර් සඟරාවට දෙනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී කරනු ලැබූ ප්‍රකාශයක් නිසයි.
 
‘චීනයේ මගේ ළමා විය ගෙවී ගියේ එක්තරා විදියකින් හැම තැනම බොරුව රජ කළ පරිසරයකයි. මට හිතුණේ කවදාවත් මේ ආගාධයෙන් ගොඩ එන්න බැරිවේවි කියලයි. මගේ තරුණ වියේදි මට දැනගන්න ලැබුණු ගොඩාක් දේවල් බොරු බව පස්සේ කාලෙක මට දැනුණා. ඒ නිසාම මගේ පවුලේ අයටත් මා වටා සිටි පිරිසටත් හිතුවක්කාරියක් විදිහට මාව පෙනෙන්න ඇති. ඉන් පස්සේ මම හදිසියේම එංගලන්තයට ගියා. 
 
ඒ වෙද්දී මට අවුරුදු 15යි. ඉංග්‍රීසි අකුරක්වත් මම දැනගෙන හිටියේ නෑ. යථාර්ථය ගැන මම දැනගත්තේ එංගලන්තයේ බ්‍රයිට්න් පාසලේ ඉගෙනුම ලැබූ කාලයේදියි. ඉන් පස්සේ මම උසස් අධ්‍යාපනය හදාරන්න ලොස් ඇන්ජලීස් නුවරට ගියා.‘
ඇගේ සම්මුඛ සාකච්ඡාවෙන් චීන පාලකයන්ට වැදගත් වූයේ ‘හැමතැනම බොරුව රජ කළ පරිසරය‘ යන වදන් පෙළ පමණයි. චීනයෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී එහි අධ්‍යාපනය ලබා අමෙරිකාවේ ජීවත්වන ක්ලෝයි ෂාඕගේ ප්‍රකාශයෙන් චීනයට අපහාසයක් සිදුවූ බවට ඔවුන් නිගමනය කරන්නට ඇත්තේ ඇය බටහිර පන්නයට හැඩගැසී සිටීම නිසා වන්නට ඇති.
 
සමාජවාදී රටක උපන් මේ කාන්තාව ලිබරල්වාදයට වඩාත් නැඹුරුවන්නේ එංගලන්තයේ ගත කළ කාලපරිච්ඡේදය තුළදියි. අමෙරිකාවේදී එය තවත් මුවහත් වුණා. මැසචුසෙට්ස් ප්‍රාන්තයේ මවුන්ට් හොලියෝක් විදුහලෙන් දේශපාලන උපාධියක් ලැබූ මේ විප්ලවවාදී නිර්මාණවේදිනිය සිනමාව හැදැරීමට පටන් ගත්තේ ඒ කාලයේදිමයි.
 
‘නෝමෑඩ්ලෑන්ඩ්ස්‘ ඇගේ සිනමා දිවියේ අග්‍රඵලයයි. ඇය ලොව හොඳම අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ එම නිර්මාණය වෙනුවෙනුයි. එපමණක් නොව හොඳම චිත්‍රපටය ලෙසත් නෝමෑඩ්ලෑන්ඩ්ස් සම්මාන දිනා ගත්තා. හොලිවුඩ් නිළි ෆ්‍රැන්සස් මැක්ඩර්මන්ඩ් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවෙත් මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙනුයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top