Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
08
"මගේ දරුවා බේරලා දෙන්න කියලා කෑ ගැහුවා. ඇය මියගිය විට විනාඩි කිහිපයක් අපි නිරුත්තර වුණා." - කොරෝනාවලට බිලිවූ ශ්‍රී ලංකාවේ පළමු ගැබිනි මවගේ කඳුළු කතාව

- "මගේ දරුවා බේරලා දෙන්න කියලා කෑ ගැහුවා. ඇය මියගිය විට විනාඩි කිහිපයක් අපි නිරුත්තර වුණා." - කොරෝනාවලට බිලිවූ ශ්‍රී ලංකාවේ පළමු ගැබිනි මවගේ කඳුළු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,177 Views
ගෙදර ඇවිල්ලා පැයකින් දෙකකින් ඇයට හුස්ම ගන්න අපහසු වුණා..
හෙදියන්ගේ විඩාබර දෙනෙතින් කඳුළු කැට කඩා හැළුණා...
 
ඉකුත් 05 වැනිදා අප රටේ කොරෝනා වෛරසය ආසාදනය වී තවත් කාන්තාවක් මියගියාය.
 
එම මරණය රටේ කොයි කාගේත් කතාබහට ලක්වූයේ මියගිය කාන්තාව ‘කොවිඞ් 19’ වසංගතයේ ගොදුරක් බවට පත්ව මියගිය අප රටේ පළමු ගැබිනි කාන්තාව බවට සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගය.
 
ජාඇල පරාදේශීය ලේකම් කොට්ඨාසයේ බටුවත්ත නාරංගොඩපාලූව ගරාමයේ කෙරෝනා වෛරසය ආසාදිතව මියගිය ගර්භණී කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී රාගම රෝහල කරා ගෙන යෑමට ගිලන් රථයක් පැමිණෙන තුරු තම නිවසේ දින දෙකක් පුරා එක් කාමරයක හුදෙකලා වී සිටිනු දක්නට ලැබුණි.

තම කුසයේ මාස තුනක දරු ගැබක් තබා ගෙන දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙන තම කුළුඳුල් දරුවා මෙලොවට බිහි කර ආදරණීය අම්මා කෙනකු වීමට දින ගණන් කරමින් සිටි බටුවත්ත නාරංගොඩපාලූව පදිංචිව සිටි 45 හැවිරිදි ඩිලන්ති නිලිකා ජනන්දනීව අද ලොවම බියට පත් කරමින් රට රටවල සැරි සරන කොවිඞ් වසංගතය විසින් බිලි අරගෙන අවසන්ය.
මෙම අනුවේදනීය මරණය සම්බන්ධයෙන් තම නම කීමට අකමැත්තක් දැක්වූ මියගිය අයගේ ඉතාමත් ළඟම ඥතියකු පවසා සිටියේ මෙවැනි කතාවකි.
 
කොරෝනා හැදිලා මියගොස් සිටින්නේ නෑකමින් මට නෑනා වන මගේ ඥති සහෝදරියක්. ඇය බොරැල්ලේ පිහිටි පෞද්ගලික සමාගමක ලිපිකාරිනියක ලෙස රැකියාව කළා.
ඇය මීට වසර දෙකකට පෙර විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඇය විවාහ වුණේ විදේශයක සේවය කර යළි ලංකාවට පැමිණ දැනට දේපළ වෙළෙඳාම් කරන ආයතනයක රියැදුරකු වශයෙන් වැඩ කරන චමින්ද කුමාර පරියදර්ශන එක්කයි.
 
විවාහ වුණාට පස්සේ ඇගේ ලොකුම බලාපොරොත්තුව වූයේ තමන්ගේම දරුවකුගේ දරු සුරතල් බලන්න.
ඇය සමග කතා කරන බොහෝ අවස්ථාවල ඇගේ කතාවේ මාතෘකාව වූයේ එම කතාවයි. තමන් සිහින මවා ගෙන සිටි තම පුංචි පවුල සඳහා ආදරණීය සැමියා සමග එක්ව නව නිවසක් ද සෑදීමට පටන් ගත්තා.
ඒත් විවාහ වෙලා ටික කලක් ගියත් ඇයට දරු සම්පතක වාසනාව ළඟා නොවීමෙන් ඇය ගොඩක් දුක් වුණාය.
 
ඇය වෙනදාට වැඩියෙන් පින් අතේ වැඩ කරන්න පටන් ගත්තා. දනට පිනට සිත යොමු කළා.
ඇගේ බලාපොරෙත්තු පළ දරමින් මීට මාස තුනකට පරථම ඇය ගර්භණී තත්ත්වයට පත්වුණා.
ඊට පස්සේ ඇය ගොඩක් පරෙස්සම් වුණා. වෛද්ය උපදෙස් අකුරට පිළිපැද්දා. හුඟක් සතුටින් සිටියා.
 
ඇය රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනය කර ගැනීමටත් බෙහෙත් ගත්තා. පසුගිය මාසයේ 25 වැනිදාත් ඒ සඳහා නේවාසිකව පරතිකාර ලබා ගැනීමට රාගම රෝහලට ඇතුළු වුණා.
27 වැනිදා ඇගේ ටිකට් කැපුවා. රාගම රෝහලේ දී ඇය පී.සී.ආර්. පරීක්ෂණයකටත් යොමු කරලා එහි පරතිඵල ‘නෙගෙටිව්’ කියලත් දැැනුම් දුන්නා කියලා ඇය තම සැමියට කියලා තියෙනවා.
 
නමුත් රාගම රෝහලේ සිට ගෙදර ඇවිල්ලා පැයකින් දෙකකින් ඇයට හුස්ම ගැනීමට අපහසුතාවයක් වැනි යම් අමාරුකම් දැැනිලා තියනවා. ඒ නිසා යළිත් රාගම පෞද්ගලික රෝහලකට ගොස් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වෙලා තියෙනවා. ඉන් අනතුරුව තමයි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැැනගන්නට ලැබිලා තියෙන්නේ.
 
අනතුරුව රාගම සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීමෙන් ඇය රාගම රෝහලට ඇතුළත් කළා. එතනින් ඇය මිනුවන්ගොඩ කොරෝනා වෛද්ය පරතිකාර මධ්යස්ථානයට පිටත් කරලා තියෙනවා කියලා රාගම රෝහලින් පැවසුවා.
 
එහිදී ඇයට අමාරු වෙලා යළි රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයට ගෙනැල්ලා එතනදී මියගියා කියලා තමයි රාගම රෝහලේ නිලධාරීන් අපට කිව්වේ. ඒත් අපිට තවමත් සිතා ගන්න බැහැ තෙමස් ගැබිනි මවක් වෙලත් ඇය රාගම රෝහලට මුලින්ම රැගෙන ආවිට රාගම රෝහලේ පරතිකාර නොකර මිනුවන්ගොඩට පිටත්කර හැරියේ ඇයි කියලා.
 
ඇයගේ අවසන් කටයුතුවලදීත් අපි සැවොම ඉතා අසරණ තත්ත්වයක සිටියේ. ඒ අවස්ථාවේ ජාඇල පරාදේශීය සභාවේ සභාපති චන්ද්රපාල මදුරප්පෙරුම මහතාගේ පූර්ණ සහයෝගය හා කැපවීම මත බටුවත්ත නාරංගොඩපාලූව ආදාහනාගාරයේදී ඇයගේ අවසන් කටයුතු බාධාවකින් තොරව සිදු කරන්න පුළුවන් වුණා.
 
රාගම ශික්ෂණ රෝහලේ වෛද්ය තරිදු සී. පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය. එදින වෙලාව 4.30 පමණ තවත් කාර්යබහුල වෙලාවක වෝඩි රෙජිස්ටාර් ICU එකට කඩා වැදුණේ බඩදරු අම්මා කෙනකුට ඇඳක් විමසමින්. ඒ වන විටත් අපේ ඇඳන් 06ම රෝගීන්ගෙන් පිරිලා තිබුණේ. සියලූ දෙනාම ජීවිතයත් මරණයත් අතර සටනක සිටියේ.
 
නමුත් වෝඞ් රෙජිස්ටාර්ගේ ඉල්ලීම තුළ තිබුණේ ජීවිත දෙකක්. වෙන විකල්පයක් අපට තිබුණේ නැති නිසා තරමක හෝ ස්ථාවරව සිටි රෝගියකු විගසින් වාට්ටුවකට මාරු කොට ඇඳක් සූදානම් කර ගත්තා. සවස 6.30ට මිනුවන්ගොඩින් අප බලාපොරොත්තු වූ රෝගියා පැමිණියා. ඇය වයස අවුරුදු 45ක් පමණ වන තෙමස් ගැබිනි මවක්. එය ද ඇගේ පළමු දරුවා වීම විශේෂත්වයක්. ඇය ICU එකට ඇතුළුවත්ම කෑගසා පළමුව ඉල්ලා සිටියේ ඇයගේ දරුවා බේරා දෙන ලෙසයි. ඇයව බේරා දෙන ලෙස ඉල්ලූවේ දෙවනුවය.
 
ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියා. කතා කරන්නට අපහසුව සිටියා. විනාඩි 45ක් පමණ අප දන්න සියලූ ශිල්ප කළා.
නමුත් ජීවිතය අනිත්ය බවත් කොවිඞ් වසංගතයේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැතිවුණා. අප සියලූ දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර වුණා. හෙදියන්ගේ විඩාබර දෙනෙතින් කඳුළු කැට කඩා හැළුණා.
 
මෙය තවත් අවසනාවන්ත එක සිදුවීමක් පමණි. කොරෝනා රෝගීන්ට පරතිකාර කළ හැකි අපගේ ධාරිතාව ඉක්මවා යමින් ඇත. සියලූම සෞඛ්ය සේවකයන් ‘හෙම්බත්ව’ ඇත. ඔවුන් ඔවුන්ගේ උපරිමය කරමින් ඇත. මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුව තිබේ.
එසේ නොමැති නම් අපටද තව නොබෝ දිනකින් උරුම වනුයේ ඉන්දියාවට වූ දේම බව මතක තබාගත යුතුය.
 
උපුටා ගැනීම - දිවයින පුවත්පත
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top